අප හා අත් වැල් බැදගන්න. .

Tuesday, December 21, 2010

Keyboard එකෙන් CD/DVD Drive එක අරිමු වහමු.

0 comments

Keyboard එකෙන් CD/DVD Drive එක අරිමු වහමු.

 
කාලෙකට ඉස්සර මට මේ පොඩි සොෆ්ට්වෙයා එක හම්බුනේ මම මේ වගේ එකක් හොය හොය ඉන්නකොට... අද පරණ හාඩ් ඩිස්ක් එක පීරනකොට අහු වුනා මේක..
( අනිත් ඒවා පස්සට දාමුකෝ..)

මෙන්න මේකයි මේ software එක මාව හොයාගෙන ආපු කතාව.. :p
මම PC එකේ CPU එක තියලා තියෙන්නේ මේසේ පහලට වෙන්න..
ඒක නිසා CD ROM එකේ Tray button එක ඔබලා අරින එක කෙසේ වෙතත් ඊටපස්සෙ CD එක දාලා වහනකොට ටිකක් කරදරයි වගේ.. මොකද අත නිකන් කොර කරන්න වෙනවා tray එක වහන්න...

ඉතින් මම බැලුවා කීබෝඩ් එකෙන් මේ CD ROM එකේ Tray එක අරින වහන system එකට මාරු වෙන්න..(මේ වගේ කම්මැලියෙක් ??)
ඉතින් මේ Software එක මේ වැඩේට එලටම හරි යනවා... ;)
මෙකෙන් පුලුවන් Keyboard එකෙන් CD ROM tray එක open/close කරන්න

ඇත්තටම මේක හදලා තියෙන්නේ CD/DVD ROM එකේ tray බට්න් එක වැඩ කරන්නෙ නැති අයගේ පහසුවට කියලයි මේක හදපු කොලුවා කියන්නේ..
අනික සාමාන්‍යයෙන් softwares නැතුව උනත් mouse එකෙන් පුලුවන් CD ROM එක උඩ right click කරලා eject කරන එක විතරයිනේ..
ආයෙත් tray එක close කරන්න බෑ..
එතකොට අර බොත්තම කැඩිච්ච කෙනෙක්ට නම් වෙන්නෙ දඩාස් ගාලා හොඳ පාරක් දෙන්න tray එක වැහෙන්නම..
ඒත් මේ software එකෙන් ලේසියෙන් CD ROM tray එක open/close කරන්න පුලුවන් නිසා CD ROM tray බට්න් එක ක්‍රියාත්මක නොවීම නිසා පහරදීම් වලින් CD ROM එකට සිදුවන හානිය අවම වෙනවා.. :p


මෙන්න Shortcut Keys ටික:

Minimize කියන රතු පාට බට්න් එකෙන් පුලුවන් මේක system tray එකේ hide කරන්න..
O – Opens tray
C – Closes tray
Esc – Exits program

ඒ වගේම සිස්ටම් ට්‍රේ එකේ අයිකන් එක ඩබල් ක්ලික් කරලා වුනත් අපිට tray එක open/close කරන්න පුලුවන් ලේසියෙන්ම..

ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්නකෝ..
මම වගේ CPU එක පල්ලෙහාට වෙන්න තියලා තියන අයට මේක උදව් වෙයි..
අර බොත්තම වැඩ කරනෙන් නැති අයටත් එක්ක.. ;)


අවවාදයයි !
හැබැයි මේක දාගෙන මේකටම පුරුදු වෙන්න එපා හොඳේ ..
මොකද මොනිටරේ දිහා ඔරවගෙන ඉන්න ගොඩක් දෙනෙක්ට CD එකක් දාලා tray බට්න් එක press කරනකොට ලැබෙන ව්‍යායාමය වත් ලැබෙන්නෙ නැතුව යයි.. ලොල්
ව්‍යායාම නොමැති කමින් ඇති වන අතුරු ආබාධ සඳහා මා වග කියනු නොලැබේ..

0 comments:

Post a Comment

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top