අප හා අත් වැල් බැදගන්න. .

Thursday, June 21, 2012

ගුණාත්මකභාවයෙන් ඉහල ග්‍රැෆික් කාඩ් එකක් ගන්න ඕන අයටයි..........

4 comments

කොහොමද අපි හොද VGA එකක් තොර ගන්නේ?

මොකටද අපි ග්‍රැෆික් කාඩ් පතක් ගන්නේ?

             ගොඩක් අය හිතාගෙන ඉන්නේ ග්‍රැෆික් කාඩ් එකක් ගන්නේ පරිගණක ක්‍රීඩා කිරීමට කියලා, ඒත් ග්‍රැෆික් කාඩ් එකකින් කරන්නේ එක විතරක් නෙවෙයි. High-Definition වීඩියෝ නැරබීම,, ග්‍රැෆික් ඩිසයින් කිරීම වගේම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතිය හොදින් ක්‍රියාත්මක කර ගැනීමටත් අපට හොද ග්‍රැෆික් කාඩ් එකක් අවශ්‍ය වෙනවා.ඒ වගේම චායාරූප / වීඩියෝ සංස්කරණය කරන්නට ද හොද ග්‍රැෆික් කාඩ් එකක් නැතිවම බෑ.

             ග්‍රැෆික් කාඩ් චිප්සෙට් නිෂ්පාදනය කරන ආයතන ගැන කතාකලොත් ඒ අතරින් ප්‍රධාන තැනක ගනු ලබන්නේ Nvidia හා Ati කියන ආයතනයි. මේ ආයතන භාවිත කරන තාක්ෂනය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. විවිධ විවිධ විකල්ප එකතු කරනවා. නමුත් මේ අය මේ තාක්ෂනය දිවුණු කරන්නේ පරිගණක ක්‍රීඩා ඉලක්ක කොට ගෙනම නෙවෙයි. Video, Picture quality වගේ දේවල් සදහාත් ග්‍රැෆික් කාඩ් වැඩිදියුණු කරමින් කාලයෙන් කාලයට අලුත් අලුත් ග්‍රැෆික් කාඩ් නිකුත් කරනවා.

            අපි ඔක්කොටම කලින් බලාගමු තමන්ගේ පරිගණකය Graphic Interface එක මොකක්ද කියල,, වර්තමානයේ බොහෝ පරිගණකවල ඇත්තේ PCI-Express Interface ඒකයි. නමුත් තරමක් පරණ පරිගණක වල ඇත්තේ AGP Interface ඒකයි. AGP Interface හා සසදන විට PCI-Express Interface එක බොහෝ වේගවත්. එනම් දත්ත සම්ප්‍රේෂණ වේගය ගොඩක් වැඩි අගයක පවතී. AGP Interface හි දත්ත සම්ප්‍රේෂණ වේගය 8X අගයක උපරිමයක්‌ ගත අතර PCI-Express Interface හි මෙම අගය 16X තරම් අගයක් ගනී. (32X තරම් ඉහල අගයක් ගන්න මව්පුවරු මෙන්ම ග්‍රැෆික් කාඩ්පත් ද දැන් ඇත.)  AGP Interface ඇති ග්‍රැෆික් කාඩ්පත් වල උපරිම ධාරිතාව වුයේ 256-512 MB පමණ ය. නමුත් PCI-Express Interface වල 4GB පමණ ධාරිතාවක් ඇති කාඩ්පත් ද ඇත. ඔබගේ මවුපුවරුවේ ඇති  Interface එක මොකක්ද යන්න එම Slot එක අසල කුඩා අකුරින් ලිය ඇත. නැතහොත් මවුපුවරුවේ මැනුවල් එකේ ඒ  ගැන විස්තරයක්සදහන් වේ.  ඔබගේ පරිගණකයේ ඇති Interface එකට ගැලපෙන ග්‍රැෆික් කාඩ් එක දැන් ඔබට තීරණය කල හැක.

            මීලගට අපි සලකා බැලිය යුත්තේ Graphic Chipset එක ගැනයි. මම මුලිනුත් සදහන් කල වගේ ග්‍රැෆික් චිප්සෙට් නිෂ්පාදනයේ ප්‍රමුකයෝ වනුයේ Nvidia හා Ati කියන ආයතනයි. චිප්සෙට් එක කාලයෙන් කාලයට අලුත් අලුත් තාක්ෂණයන්ගෙන් යුතුව නිකුත් වේ. වර්තමානයේ ඇති Nvidia 200/400/500 Series චිප්සෙට් බොහෝ බලසම්පන්න අඑව වේ. චිප්සෙට් එක හා නිෂ්පාදකයා මත ග්‍රැෆික් කාඩ් පතේ මිල තීරණය වේ. ග්‍රැෆික් කාඩ් නිෂ්පාදනය කරන ප්‍රබලම ආයතනය වනුයේ Asus ආයතනයයි. අනිත් වෙළද නාම හා සංසන්දනය කරන විට Asus වර්ගයේ ග්‍රැෆික් කාඩ්පත් බොහෝ බලසම්පන්න වේ. මිල අතින් බැලු විතද Asus කාඩ් මිලෙන් තරමක් වැඩි ය. මීට අමතරව අපට Gigabyte, EVGA, Palit, Albatron, BFG, Foxconn කියනැ වෙළද නාම වලින් ඇති ග්‍රැෆික් කාඩ් ද වෙලදපොලේ දැකගත හැක. ඔබට වියදම් කල හැකි මුදල අනුව අවශ්‍ය වෙළද නාමය ඔබට තීරණය කල හැක.

            මීලගට අපි සැලකිලිමත් විය යුත්තේ වීඩියෝ මතක ධාරිතාව (Video memory) ගැනයි. ඔබගේ අවශ්‍යතාවය අනුව මෙය තීරණය කල හැක. ඔබ ග්‍රැෆික් කාඩ් පත මිලදී ගන්නේ සාමාන්‍ය භාවිතයට නම් (උදා: වින්ඩොව්ස් හොදින් ක්‍රියා කරවීම, චිත්‍රපට නැරබීම) ඔබට 512MB තරම් වීඩියෝ මතකයක් ඇති කාඩ්පතක් හොදටම ප්‍රමාණවත්. නමුත් ඔබ ඉන් එහාට ගිය 3D Animation, Gameing, Advanced Graphic desigining, Watching HD,Blu-ray movies, Video editing වැනි දේවල් සදහා ග්‍රැෆික් කාඩ් පතක් මිලදී ගන්නේ නම් ඔබට 1GB හෝ ඊට ඉහල වීඩියෝ මතකයක් ඇති ග්‍රැෆික් කාඩ් පතක් භාවිත කිරීම සුදුසු වේ. ග්‍රැෆික් කාඩ් පතේ Clock speed එක ගැන බලන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සහය Derect X සංස්කරණය ගැනත් සොයා බලන්න. වර්තමානයේ බොහෝ ග්‍රැෆික් කාඩ් වල Derect X 11 සදහා හොදින් සහය දක්වයි. එමෙන්ම සහය දක්වන උපරිම Screen Resolution එක ගැනත් ටිකක් සොයා බලන්න. ඔබ භාවිත කරන්නේ විශාල මොනිටරයක් සහිත පරිගණකයක් නම් ඉහල Resolution අගයක් ඇති ග්‍රැෆික් කාඩ් පතක් මිලදී ගන්න. 128Bit සිට 512Bit දක්වා බිට් අගයන් ගන්න කාඩ් දැන් ඇති අතර ඉහල බිට් අගයක් ගන්න කාඩ් පතක් මිලදී ගැනීම යෝග්‍ය වේ.

            දැන් අපි බලමු Output Ports ගැන. බොහෝ අය තවමත් පාව්විච්චි කරන්නේ  CRT මොනිටර් ය. මේ මොනිටර් වල ඇත්තේ Standerd VGA Port එකකි. එමෙන්ම බොහෝ LCD,LED වලද ඇත්තේ මෙම Standerd VGA Port ඒකයි. ඔබ දැන් පරීක්ෂා කර බැලිය යුතුයි ඔබේ ග්‍රැෆික් කාඩ් පතේ මේ Standerd VGA Port එක තියනවද නැත්ද යන්න කියන එක. අලුත් ග්‍රැෆික් කාඩ් වල මෙම Standerd VGA Port එක නැත. එසේ වෙතොත් ඔබට Converter එකක් භාවිත කිරීමට සිදුවේ. ඇතැම් නිෂ්පාදකයන් මෙම Converter ග්‍රැෆික් කාඩ් පත සමග ලබා දෙයි. ඔබ භාවිත කරන්නේ LCD/LED මොනිටරයක් නම් බොහෝ විත එහි ඇත්තේ DVI හෝ HDMI සබදතාවයක් විය හැකි. දැන් වෙලදපොලේ ඇති බොහෝ ග්‍රැෆික් කාඩ් වල මෙම DVI,HDMI පොර්ට් ඇත. DVI වලට වඩා ඉහල Picture/Video quality එකක් HDMI වල ඇත. බොහෝ ග්‍රැෆික් කාඩ් වල S-Video Port එකක් ද ඇත. එය මගින් ඔබේ පරිගණකය රූපවාහිනියට සම්බන්ධ කල හැක. තවත් දෙයක් ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕන, ඇ තම ඔබ මොනිටර් කීයක්‌ භාවිත කරන්නේද යන්න පළිබදව. මොනිටර් කිහිපයක් භාවිත කරන්නේ නම් එට අවශ්‍ය පරිදී Ports තිබේ දැයි බලන්න.

            RAM මාදිලිය මොකක්ද? ලංකාවේ බොහෝ දෙනා පාවිච්චි කරන්නේ DDR2, DDR3 වර්ගයේ RAM කාඩ් වේ. ඔබ භාවිත කරන RAM මාදිලිය අනුව ඔබගේ ග්‍රැෆික් කාඩ් පතේ කාර්යක්ෂමතාව වෙනස් විය හැකි. කෙසේද කියනවනම් DDR2 RAM වලට වඩා ඉහල දත්ත සම්ප්‍රේෂණ වේගයක්  DDR3 RAM වල ඇත. ඊටත් වැඩ වැඩි වගයක්  DDR4/5 RAM වල ඇත. වර්තමානයේ ඇති බොහෝ ග්‍රැෆික් කාඩ් DDR5 දක්වා සහය දක්වයි. ඔබ පාවිච්චි කරනේ DDR2 වුවද ඔබට DDR5 ග්‍රැෆික් කාඩ් පතක් ස්ථාපනය කල හැක. නමුත් ග්‍රැෆික් කාඩ් එකේ උපරිම ප්රෝයජනය ලබාගත නොහැකිය. එය අනිත් අතටද එසේම ය.. ඔබ භාවිත කරන්නේ DDR5 RAM නමුත් ඔබ භාවිත කරන ග්‍රැෆික් කාඩ් පත සහය දක්වන්නේ උපරිමය DDR2 විය හැකි. එවිතද ඔබට ග්‍රැෆික් කාඩ් පතේ නියම පල නෙලාගත නොහැකි වේ.

            SLI/CrossFire කරනවද? ඒ සදහා සහය දක්වනවද? තවමත් ලංකාවේ ගොඩක් අය මේ තාක්ෂනය භාවිත කරන්නේ නෑ. මම කියන්නම්කො මොකක්ද මේ SLI කියන එක ගැන,, SLI කරනවා කියල කියන්නේ ග්‍රැෆික් කාඩ් කිහිපයක් එකම පරිගණකයට සවිකර බලසම්පන්න කිරීමයි. CrossFire කියන්නෙත් ඒ වගේම දෙයක්. SLI කිරීම සදහා ඒ සදහා ගැලපෙන මව්පුවරුවක්ද තිබිය යුතුයි. එනම් PCI-Express Slots කිහිපයක් තිබිය යුතුයි. මේ වර්ගයේ මව පුවරු මිලෙන් තරමක් වැඩි වේ. එය තීරණය වන්නේ මවුපුවරුවේ ඇති PCI-Express Slots ප්‍රමනයෙනි. මේවා 2Way, 3Way, 4Way, 5Way වැනි අගයන්ගෙන් ලබාගත හැක. SLi කිරීම සදහා එකම චිප්සෙට් එක ඇති ග්‍රැෆික් කාඩ් තිබිය යුතුයි. (ඔබට අවශ්‍ය ප්‍රමාණය) ඔබ 1GB ප්‍රමාණයේ ග්‍රැෆික් කාඩ් 2 ක් SLi කල විට ඔබගේ පරිගණකයේ වීඩියෝ මතකය 2GB වේ. මේ අකාරයෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයට ග්‍රැෆික් මතකය ඉහල නංවාගත හැක. (මවුපුවරුවට සහය දක්වන ධාරිතාව ගැන සැලකිලිමත් වන්න.)

            Powwer supply එක ඇති වෙයිද? බොහොමයක් වෙළද පොලේ ඇති Powwer supply සාමාන්‍ය භාවිතයට සුදුසු වුවත් ග්‍රැෆික් කාඩ් එකක් ක්‍රියාත්මක කිරීම සදහා මදි වන්නට පුළුවන්. දැනට වෙලදපොලේ ඇති Powwer supply වලින් නියමාකාර බලය ලැබෙන්නේ නැත. සාමාන්‍ය 450W Powwer supply එකක මිල රුපියල් 1500 පමණ වේ. නමුත් නියමාකාරව බලය ලැබෙන හොද 450W Powwer supply එකක් 6500ක් පමණ වෙනවා. සාමාන්‍ය ග්‍රැෆික් කාඩ් පතකට 450W තරම් Powwer supply එකක් ඇති වුවද හොද ග්‍රැෆික් කාඩ් පතක් නියමාකාරව ක්‍රියාත්මක වීම සදහා මේ Powwer supply මදි වේ. ග්‍රැෆික් කාඩ් පත ක්‍රියාත්මක වුවද එය නියමාකාරව ක්‍රියාත්මක වන්නේ නැති වෙන්නට පුළුවන. ලංකාවේ වෙලදපොලේ ගුණාත්මක භාවයෙන් ඉහල  1000W Powwer supply එකකමිල රුපියල් 25000 පමණ වෙනවා.

            මේ ටිකත් හොදින් කියවන්න,, ඔබ ඉහල දේවල් කියවා හොද ග්‍රැෆික් කාඩ් පතක් ගත්ත පමණින්ම වැඩක වන්නේ නැත. එයට ගැලපෙන පරිදි පරිගණකයේ අනිත් උපාංග තිබිය යුතු ය. හොද මවුපුවරුවක් ඒ අතරින් ප්‍රධාන වේ. පරිගණක ක්‍රීඩා සදහා විශේෂයෙන් නිෂ්පාදනය කල මවුපුවරුද දැන් වෙලදපොලේ ඇත. Foxconn, Biostar, Asrock, Msi වගේ ඔය සාමාන්‍ය මව්පුවරු මේ ග්‍රැෆික් කාඩ් සදහා බොහෝ විට 50% තරම් වත්  නොගැලපේ. උපරිම පල නෙලගනෙම සදහා Nvidia, Asus ,Intel වැනි ප්‍රබල සමාගම් විසින් නිෂ්පාදනය කරන ගුණාත්මකභාවයෙන් ඉහල මවුපුවරුවක් භාවිත කරන්න. ඔබ සතුව ඇත්තේ Asus සමගම නිපද වූ මවුපුවරුවක් නම් ඔබ Asus වර්ගයේ ග්‍රැෆික් කාඩ් පතක් ම මිලදී ගැනීමෙන් එහි පල නෙලාගත හැක. තේරෙන භාෂාවෙන්ම කියනවනම් ෆ්‍රයිඩ් රයිස් පරිප්පු හොද්දක් එක්ක කනවා වගේ. එකින් එකට ගැලපීමක් නෑ. වෙන විදිහකට කියනවනම් එල හරකයි මී හරකයි වගේ එකින් එකට වෙනස් හාඩ්වෙයාර් උපාංග භාවිත කිරීම හැකි තාක් අවම කරගන්න.

            ඔන්න එහෙනම් අන්තිම කුප්පිය, මම මේ ඩොක් එක හැදුවේ පරිගණක උදවූ ග්රූප් එකේ ගොඩක් අය මෙගෙන් මේ ගැන අහපු නිසා. එකත එක හේතුවක්. තවත් සමහරු පරිගණක උපාංග අලවිසල් වලට ගිහින් ග්‍රැෆික් කාඩ් විතරක් නෙවෙයි. බඩු ගන්නවා දැක්කම දුක හිතෙනවා. කඩ කාරයොත් ඉතින් නියමෙට කස්ටිය ගොනාට අන්දනවා. මේ ඩොක් එක කියවල ටිකක් හරි ඒ තත්වෙන් අයින් වෙන්න බලන්න. (විශේෂයෙන් මේ ගැන නොදන්නා අයටයි මේ කියන්නේ. දන්නා අයට නම් අවුලක් නෑ.) තවත් සමහරු කියනවා Ati හොද නෑ කියල. ඔය එහෙම කියන්නේ අර විදිහට ගොනාට ඇදපු අය. ඔය රුපියල් 5000-10000 ට තියන Ati කාඩ් නම් වැඩක නෑ තමා. Ati හොද කාර්ඩ් මිලෙන් අධිකයි. මතක තියාගන්න දැනට තියන හොදම ග්‍රැෆික් කාඩ් එකත් Ati එකක්. ආ, තවත් එකක්. සමහර අය 1 GB තරම් වුන ග්‍රැෆික් කාඩ් ගත්තත් 512MB වලින් වැඩ කරන්න ඕන සමහර ගේම්ස් වත වැඩ කරන්නේ නෑ කියලා. එහෙම වෙන්නේ ඉතින් ගුණාත්මක භාවයෙන් අඩු ග්‍රැෆික් කාඩ් ගත්තම තමා. තවත් සමහරු ඉන්නවා  1 GB ග්‍රැෆික් මතකයක් ඉල්ලන ගේම් එක 512MB ග්‍රැෆික් කාඩ් පත වලින් ගහනවා. ඔන්න ඕකයි කතන්දරේ. 512MB හොද ග්‍රැෆික් කාඩ් පතකින් තිබුනනං  මේ වෙනකන් අපු හැම ගේම් එකක්ම Full detail ගහන්න පුළුවන්.

Tuesday, June 12, 2012

වැදගත් වෙයි M3 tools (මොබිටෙල් tools)

0 comments






************updated 2012/04/30

පරන M3 tools වල තිබුන හුගක් ලෙඩ මේකේ නෑ.ඒ කියන්නේ dongel එක හදුනගන්න එක වගේ ප්‍රශ්න.‍dongel එක detect වුනේ නැත්නම් settings වල select port manually කියන එකෙන් පෝට් එක තෝරන්න.. පෝට් එක හරියටම දන්නේ නැත්නම් Dashboard එකේ Diagnostic වලින් පෝට් එක හොයාගන්න.(පින්තූරය බලන්න)



---------------------------------------------------------------------------------------------------------------------

මේක පොඩි ගැජට් එකක්..මේක වැඩ කරන්නේ මොබිටෙල් connection වලට විතරයි...මේක හුගක්ම වටින්නෙ ZTE dongel තියෙන අය‍ට (අනිත් dongel වලටත් වැඩ කරයි කියලා හිතනවා) ..මොකද හුගක් ZTE Dashboard වල USSD commands dial කරන්න බෑ නේ.ඒ කියන්නෙ අර *100# වගේ ඒවා.එතකො‍ට ඉතින් Credits Rs:0.00 වුනාම SMS එකකින්වත් Recharge කරන්න බෑනේ.මේකෙන් ඒ වගේ වෙලාවට වැඩ ගොඩක් කරගන්න පුලුවන්..

මේක XP,Vista,Win7 ඔක්කොගෙම වැඩ කරනවා.හැබැයි Netframework 3.5 ඕන කරනවා..Win7 වල ඒවා තියෙන නිසා අමුතුවෙන් මොකුත් ඕන නෑ. නැති අය මෙතනින් බාගන්න...........................................

http://www.microsoft.com/download/en/details.aspx?id=21

-----අවුලක් වුනොත්-------

*Dongel එක computor එකට connect කලාට පසුව M3 tools run කරන්න.
*Dongel එකේ Dashbord එක close කරලා මේක පාවිච්චි කරන්න .
*M3 tools ; close කර නැවත Run කර බලන්න.
*Settings වල පෝට් එක හරිද කියලා බලන්න.




---Download----

http://www.mediafire.com/?o7njbrf8orchuf9 (new version)
@@@www.4shared.com/file/zsEUrAOp/M3_Tools_106_Setup.html@@@



Monday, June 11, 2012

මෙන්න හැමදාම ඉල්ලන IDM සහ Patch එකයි දෙකම.

1 comments
වැඩි කතා ඹ්නෙ නැහැ මේක බාගෙන ඹ්නෙම එකක් ඉකමනට බාගන්න.










It කතා වෙබ් අඩවිය තුළින් ආරම්බ කරන ලද Facebook Group තළින් තව දුරටත් ඹබගේ තාක්ෂණ දැනුම පුලුල් කර ගැනීමට අවස්ථාව අප විසින් සළසා දී ඇත. ඒ සදහා දැන්ම එකතු වන්න.

Facebook Group : http://www.facebook.com/groups/137165583020581/

මේ තුළින් ඹබගේ පරිගණක ඇසුරෙන් ඇති සියලුම ප්රශ්න වලට පිළිතුරු දීමට අපි බැදී සිටිමු.

Saturday, June 9, 2012

ඔයාලගේ පරිගණකයේ බූට් ස්ක්‍රීන් එක වෙනස්කරන්න.

5 comments

ඔයාලගේ බූට් ස්ක්‍රීන් එක වෙනස්කරන්න කැමතිද?
කරන්න තියෙන්නේ මෙන්න මේ software එක බාලා ඕපන් කරන්න.
එහි ටැබ් දෙකක් තියෙනවා.
1) එහි පළමු ටැබ් එක booting...
ඒ කියන්නේ starting windows එක.
මෙහි ඇනිමේෂන් කියන එකේ static image කියන එක ක්ලික් කරානම් ඒකෙන කෙමති පින්තුරයක් දන්නා පුළුවන් ස්ටාර්ට් එකට.
එහි යටම තියෙනවා massage 1 & massage 2 කියල ටැබ් දෙකක්.
එහි massage 1 එකේ © Microsoft Corporation කියන එක තියෙනවා එක අයින් කරල අපිට කැමති එකක් දන්නා පුළුවන්.
එහි massage 2 එකේ තියෙනවා Starting Windows කියලා වැටෙන එක. එක අයින් කරලා අපිට කැමති එකක් එකටත් දාගන්න පුළුවන්.
දෙන මම කියන්න යන්නේ දෙවැනි ටැබ් එක ගැන.
2) එහි දෙවන ටැබ් එක තම Resuming...
ඒ කියන්නේ Resuming Windows එක.
එකෙත් starting windows වගේමයි. එකෙත් ඒ විදියටම කරලා වෙනස් කරගන්න පුළුවන්.
හොඳයිද නැද්ද කියලා play බට්න් එක ක්ලික් කරලා බලන්න.ඕක්කොම හොඳයිනම් apply කරන්න.
කොමොන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා....

අපේ පරිගණකයේ Logon Screen එක වෙනස් කරමු...!!!

4 comments
අද මම කියල දෙන්න යන්නේ ලොගොන් ස්ක්‍රීන් එක වෙනස් කරන හැටි ගැන. කයිය ඇති දැන් අපි වැඩේට බහිමුකො.

                                      
මේකයි සීන් එක.


ඔයාලගෙ pc එකේ තියෙන වින්ඩොස් ඔයාගෙම කරගන්න කැමතිද?

මෙන්න විසඳුම...

PC එක ඔන් වෙනකොට වැටෙන logon screen එක වෙනස් කරමු...!!!

මෙන්න ලින්ක් එක:

https://docs.google.com/open?id=0B_aDdLFdlDPvMlhMbl9FOHZTbWVzYVRWaUw3LTNhZw


කරන්න තියෙන්නේ ඔපන් කරලා browse කියන තැනින් ඔයා කැමති ෆෝටෝ එකක් ‍තෝරන්න(ලොකු

ෆොටෝ එකක් නම් තම්යි හොඳ)

පස්සෙ apply බට්න් එක ක්ලික් කරන්න.

ඔක්කොම හරි දැන් close කරන්න.

කොමොන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා....

Thursday, June 7, 2012

ඔන්ලයි ක්‍රමයට Image එකක් html code එකක් බවට පරිවර්තනය කරමු.

1 comments
හොදයි, මම හිතන්නේ ගොඩ දෙනෙක් වෙබ් අඩ්වි වලින් එයාලගේ නමත් ඔයාලගේ අඩවියේ පලකරන්න කියලා කියනවා.කැමැත්ත දුන්නාම අපිට html code ලැබෙන්නේ එකක්. එහෙමනේ? මම මේ කියන විදිහට අපේ නමත් අනුන්ගේ අඩවි වල පලකරන්න (නම අඩංගු බැනරයක්) පුලුවන්. එතකොට මේ සේවාව නොමිලේම ලබාගන්න පුලුවන්.ඔයාලගේ image සැනෙකින් html code එකක් බවට පරිවර්තනය කර දෙනවා.දැන් ඉතින් ලොක්ක වගේ යාලුවෙකුට මේ එක දීල එයා අඩවියේ පලකරන්න කියන්න පුලුවන්! මෙන්න ලින්ක් එක.


http://lunatic.no/ol/img2aschtml.php



Friday, February 24, 2012

මෙන්න හැමදාම ඉල්ලන IDM සහ Patch එකයි දෙකම.

1 comments
වැඩි කතා ඹ්නෙ නැහැ මේක බාගෙන ඹ්නෙම එකක් ඉකමනට බාගන්න.









It කතා වෙබ් අඩවිය තුළින් ආරම්බ කරන ලද Facebook Group තළින් තව දුරටත් ඹබගේ තාක්ෂණ දැනුම පුලුල් කර ගැනීමට අවස්ථාව අප විසින් සළසා දී ඇත. ඒ සදහා දැන්ම එකතු වන්න.

Facebook Group : http://www.facebook.com/groups/137165583020581/

මේ තුළින් ඹබගේ පරිගණක ඇසුරෙන් ඇති සියලුම ප්රශ්න වලට පිළිතුරු දීමට අපි බැදී සිටිමු.


ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top