අප හා අත් වැල් බැදගන්න. .

Tuesday, March 1, 2011

අළුත් ජංගම දුරකතන මිලදී ගන්නවනම් මේ ගැනත් බලන්න..

1 comments

අළුතින් ජංගම දුරකතන මිලදී ගැනීමට අපේක්ෂා කරන හැමදෙනාටම නොමිලේම තම දුරකතනය අනුමත එකක් දැයි ඔබ විසින්ම පරීක්ෂා කර බැලීමේ හැකියාව දැන් ලබා දීලා තියනවා.මේ සේවාව සපයන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්.


(1). අප මිලදී ගැනීමට අපේක්ෂා කරන දුරකතනය අඩංගු පෙට්ටියේ අංක 15 කින් යුත් IMEI අංකය හා TRCSL අනුක්‍රමික අංකය තිබේදැයි බලන්න.
[*#06# මඟින් IMEI අංකය ලබා ගන්නට පුළුවන්].




(2). මෙම අංකය සඳහන් දුරකතනය  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක් දැයි තහවුරු කර ගැනීමට IMEI හිස්තැනක් IMEI අංකය සඳහන් කර 1909ට කෙටි පණිවිඩයක් [SMS]යවන්න.
[ IMEI හිස්තැනක් IMEI අංකය යොදා 1909 send කරන්න].


(3). එවිට පහත දැක්වෙන අකාරයේ පණිවිඩ දෙකෙන් එකක් ඔබට කෙටි පණිවිඩයක්[SMS] ඔස්සේ  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් ස්වයංක්‍රීයව එවනු ඇත.
         
      1.  Registered IMEI. TRC Reference No. DL or ML or            
           TRC/xxx/xxx
      2.  Unknown IMEI:  "ඔබ type කළ IMEI අංකය"
           Please contact TRCSL- Tel. 011- 2676993/4


(4). ඔබට පළමු SMS පණිවිඩය ලැබුණේනම් ජංගම දුරකතන පෙට්ටියේ අලවා ඇති TRCSL ස්ටිකරයේ සඳහන් අංකයට  SMS පණිවිඩයේ සඳහන් වූ අංකය සසඳා බලන්න.අංක දෙක සමාන නම් එම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත එකකි. 


(5). එම අංක දෙක නොගැළපුනොත් හෝ දෙවන කෙටි පණිවිඩය ලැබුණේ නම් එම දුරකතනය විසින් අනුමත නොකළ ව්‍යාජ දුරකතනයකි.එවැනි දුරකතන මිලදී ගැනීමෙන් වලකින්න.



(6). පැමිණිලි වගේම වැඩි විස්තර සඳහා


ලිඛිත: අධ්‍යක්ෂ ජනරාල්
          ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
          276, ඇල්විටිගල මාවත
          කොළඹ 08.


ෆැක්ස්: 011-2689341/ 011-2676993


වාචික: 011-2676933/4
          සහකාර අධ්‍යක්ෂක -සංඛ්‍යාත කළමණාකරණ
          ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


විද්‍යුත් තැපෑල:
         trives@trc.gov.lk
         සහකාර අධ්‍යක්ෂක -සංඛ්‍යාත කළමණාකරණ
         ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

[ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කරපු නිවේදනයක් ඇසුරෙන්]

1 comments:

Post a Comment

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top