අප හා අත් වැල් බැදගන්න. .

Tuesday, March 1, 2011

Image එකක් විදියට files සඟවන්න.

0 comments
 
අද නම් මම කියන්න යන දේ පට්ට ම දෙයක්. අණ්ඩපාල වැඩ වලට කියාපු දෙයක්. files හංගන්න හදන්නේ image එකක් විදියට... ඔයා image එක උඩ click කලා ම load වෙන්නෙ image එක. නමුත් ඒක ඇතුලේ අපේ file එක හැංගිලා තියෙනවා. image ගොඩාක් තියෙද්දි කාටවත් හොයාගන්න බෑ, අපි විතරයිනේ දන්නේ මොකක්ද image එක කියලා! මේ වැඩේ කරන්න නම් WinRAR ඕනේ වෙනවා, ඒක හැමෝම ළඟ ඇතිනේ නේද? එහෙනම් වැඩේට ලෑස්ති වෙන්න.
මුලින්ම කරන්න තියෙන්නෙ ඔයා කැමති තැනක folder එකක් හදන එක.


ඔන්න මම C drive එකේ hidden කියලා folder එකක් හැදුවා.
දැන් ඒ folder එක ඇතුලට ඔයාට සඟවන්න ඕන file එක copy කරගන්න.






ඊළඟට ඒ file එක WinRAR භාවිතයෙන් zip කරගෙන rar file එකක් හදාගන්න.







දැන් ඉතින් කොහෙන්හරි image එකක්( .jpg ) අරගෙන ඒ folder එක ඇතුලටම copy කරගන්න. මම ගත්තෙ wwe.jpg කියන image එක හොඳද.







දැන් යන්න Command prompt එකට ( Start-> Run -> cmd ). එහෙම ගිහින් C:\ ඉදිරියෙන් මෙහෙම type කරන්න.



C:\hidden>copy/b wwe.jpg + hidden.rar wwe2.jpg

…දැන් Enter කරලා, cmd එකෙන් අයින් වෙන්න. දැන් අර hidden folder එක ඇතුලට wwe2.jpg කියලා image එකක් ඇවිත් නේද? ඒ image එක ඉතිරි වෙන්න අනිත් files ටික මකලා දාන්න. දැන් කවුරුහරි ඔය image එක open කලොත් image එක තමයි open වෙන්නේ. අපිට ආයෙත් අර සැඟවූ file එක ලබාගන්න ඕන වුනාම මේ විදියට Rename කරන්න. wwe2.jpg -> wwe2.rar. ආයෙත් සඟවන්න නම් ආයෙත් Rename කරන්න. ඔහොම තමයි වැඩේ සිද්ධ වෙන්නේ.

ප .ලි :

හරියට වැඩ කරන්නේ නැත්නම් Rename කලාට පස්සේ Tools -> Folder Options -> View ගිහින්
"hide extention for known files" Uncheck කරන්න.

0 comments:

Post a Comment

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top