අපි බලමු මෙම ව්බ් අඩවියට ගිහින් කොහොමද මෙම සේවාව පහසුවෙන් ලබාගන්නේ කියලා.මම උදාහරණයක් විදිහට මගේ වෙබ් අඩවියේ පිටුවක් ප්ද්ෆ් එකක් විදිහට බාගන්න එක කරන්නම්,
01- මුලින්ම යන්න මෙම web2PDFconvert වෙබ් අඩවියට.
02- දැන් අපිට PDF එකක් ලෙස බාගන්න අවශ්‍ය වෙබ් පිටුවේ ලින්ක්( link ) එක මෙම වෙබ් අඩවියට ලබාදීConvert to PDF යන button එක මත කරන්න.
03- Convert to PDF button මත කිරීමෙන් ටික වෙලාවකට පසු ( තත්පර 5ක් විතර) ලැබෙන window එකේ තියන Download PDF යන button එක මත click කරන්න.ඉන්පසු සාමන්‍යය ලෙස PDF එක Download වේවි.
අපි මේ විදිහට link එක දිදී බාගන්න තරම් පිස්සුවක් නැති නිසා පොඩි ලේසි ක්‍රමයක් බලමු මේ වැඩේ කරගන්න.ඕන මීහරකෙකුට තේරෙනවනේ මේකට add-on එකක් බාවිතා කරොත් හොදයි කියලා.ඒකට ලොකු ලොකු වැඩ මොකුත් නෑ.එම වෙබ් අඩවියේ තියනවා PDF button කියලා menu එකක්.ඕකට ගිහිල්ලා මෙහෙම කරන්න.
01- ඔබට දිලිසි දිලිසි දිස්වේවි link දෙකක් එහි ඇති පළමුවැනි ලින්ක් එක මත Click කරන්න.
02- දැන් ඔයාලට Add-on මත click කිරීමෙන් ඔයාගේ web browser එක තෝරාගෙන add-on එක install කරගන්න පුළුවන්.
03- Chrome සහ Firefoxහි එය පහත ආකාරයට Navigation toolbar එකෙහි පෙන්නාවි.එම රූපය මත click කිරීමෙන් PDFඑක පහසුවෙන් බාගන්න පුළුවන්.
අපි නිහතමානී මිනිස්සු ව්දිහට අපේ බ්ලොග් අඩවියේම මෙම සේවාව අපගේ බ්ලොග් අඩවිය බලන අයට ලබාදෙන්න පුළුවන්.ඒ කිව්වේ අපේ බ්ලොග් ඒකට යන එන අයට හිතුනොත් එයාල බලන වෙබ් පිටුව PDF එකක් ලෙස බාගන්න ඕන උනා කියලා, අපිට පුළුවන් "save to PDF" text link එකක් හරි නැත්තන් "save to PDF" image button එකක් හරි අපගේ බ්ලොග් එකෙම්ම ලබාදෙන්න .Wordpress බ්ලොග් අඩවියක් නම් ඔයාට තියෙන්නේ ඔයාට පුළුවන් Wordpress plugin එකක් ආදාරයෙන් මෙම සේවාව ලබාදෙන්න.Joomla අඩවියක් නම් ඔබට තියෙන්නේ ඔයාට පුළුවන් Joomla extenshion එකක් අදාරයෙන් මෙම සේවාව ලබාදෙන්න. සමාවෙන්න ඕන මටනම් එය ලබාදෙන්න විදිහක් නෑ.එයට හේතුව මම වැඩිය අනන් මනං වැඩ කෑලි බ්ලොග් එකේ පුරවන්නේ නැති නිසා.අපි බලමු මේක කරගන්නේ කොහොමද කියලා.වැඩේ ගොඩක් ලේසියි.
- අපි කලින් ගියපු PDF button menu එකට ගිහින් එහි ඇති දෙවෙනි link එක මත කරන්න.එතනින් පුළුවන් මම ඉහලින් සදහන් කරපු හැම දෙයක්ම කරගන්න.
එහෙනම් අපි තවත් අලුත් වැඩ කෑල්ලකින් සෙට් වෙමු.කට්ටියට ජයවේවා!!!
උපුටා ගැනීම TECHGATE
Supiri