අප හා අත් වැල් බැදගන්න. .

ජංගම දුරකථන තාක්ෂණය.

Delete කල SMS Recovery කරන ආකාරය.

Delete කල SMS Recovery කරන ආකාරය ගැන කියල මාතෘකාව තිබුනට කියන්න තරම් දෙයක් නෑ Delete කල SMS Recovery කරන්න පුළුවන් මෘදුකාංගයක් හදුන්වා දෙන්න විතරයි තියෙන්නෙ.

Device Seizure තමයි මෘදුකාංගය.මෙතනින් වෙබ් අඩවියට පිවිසෙන්න.මෙම මෘදුකාංගය සතුව තියෙන්නෙ සරළ අතුරු මුහුණතක් නිසා මම ඒ ගැන කියන්න යන්නෙ නෑ.







දන්න SIM කාඩ්පත ගැන නොදන්න දේ දැනගන්න.


 කුඩා දෙයක් වුවත් සිම් කාඩ්පත තුල සිදුවන විශාල තාක්ෂණික කර්තව්‍ය ගැනයි මේ ලිපියෙන් කියන්න හදන්නෙ.තවද සිම් එකක් කියන්නෙ එක්තරා ආකාරයක පරිගණකයක් කියල කියන්න පුළුවන් ඒ මොකද කියල මේ ලිපිය කියවා අවසන් උන විට ඔබටම තේරුම් ගන්න පුළුවන්.



SIM - Subscriber Identity Module කාඩ් පත ගැන ජංගම දුරකථන භාවිතා කරන කවුරුත් දන්නවනෙ නමුත් වැඩි පිරිසක් දෙනෙක් සිම් කාඩ්පතේ තාක්ෂණික පසුබිම දන්නෙ නැහැ.මේ තමයි සිම් පතේ තාක්ෂණික පසුබිම.
සිම් පතක හරස්කඩ රූපයක් තමයි පහත දැවෙන්නෙ.

                             

1 - මයික්‍රොචිපය - සිම්පත ක්‍රියාකරවීමට අදාල සියළු තොරතුරු රදවා තබන්නේ මෙහිය.
2 - මයික්‍රොචිපය අලවා ඇති මැලියම්
3 - තඹ හෝ පිත්තල ලෝහ ස්පර්ශක - මයික්‍රොචිපය සහ දුරකථනය සම්බන්ද කරන්නේ මෙමගිනි.
4 - පරිපථය කාඩ්පතට අලවා ඇති මැලියම්
5 - මයික්‍රොචිපය සහ ස්පර්ශක සම්බන්ද කරන විද්‍යුත් රැහැන
6 - මයික්‍රොචිපය සහ තඹ හෝ පිත්තල ලෝහ ස්පර්ශක අතර කොටස
7 - මයික්‍රොචිපය ආවරණය කර ඇති රසායන ද්‍රව්‍ය
8 - ප්ලාස්ටික් කාඩිපත
සිම් පතේ ක්‍රියාකාරීත්වය - දැනට සිම් කාඩ්පත් මතකය අනුව 16 KB,32KB,64KB සහ 128 KB ලෙස වර්ග කරන්න පුළුවන්.සිම් කාඩ්පත තුල දුරකථන අංක,SMS පණිවුඩ තැන්පත් කර තැබිය හැකි අතර මීට අමතරව තවත් වැදගත් දත්ත තැන්පත් කර තබනු ලබනවා.ඒ සිම් කාඩ්පතෙහි Firmware එක,සිම් කාඩ්පත භාවිතා කරන්නාගේ තොරතුරු සහ දුරකථන සේවා සම්පාදක ආයතයට අදාල තොරතුරුය.
සිම් කාඩ්පතේ අඩංගු වැදගත් තොරතුර වන්නෙ ජංගම දුරකථන වල IMEI අංකය මෙන් සිම් කාඩ්පතේ IMSI [IMSI - International Mobile Subscriber Identity] අංකයයි.IMSI අංකය යනු GSM [GSM - Globle System For Mobile Communications] UMTS [UMTS - Universal Mobile Telecommunication System] ජාල වලින් සේවා ලබා ගැනීම සදහා සිම් කාඩ්පතේ අඩංගු අංකයයි.මෙය සිමි කාඩ්පතෙන් කාඩ්පතට වෙනස්වේ.IMSI අංකය අංක 15කින් යුක්තවේ ඒ
පළමු අංක තුන - රටෙහි දුරකන කේත අංක [MCC - Mobile Country Code]
මීළග අංක දෙක - දුරකථන ජාලයට අයක් කේත අංක [MNC - Mobile Network Code]
ඉතිරි අංක දහය - සේවා ලබාගන්නා මධ්‍යස්ථානයට අයක් කේත අංක [MIN - Mobile Identification Number]
මීට අමතරව දුරකථන සේවා සම්පාදක ආයතනයේ තොරතුරුද සිම් කාඩ්පත තුල අන්තර්ගත වීම තුලින් දුරකථනය දැනට පවතින ස්ථානය [LAI - Location Area Identity] සහ දුරකථනයේ වර්තමාන තත්වය [ON හෝ OFF බව] මෙමගින් දැනගැනීමට හැකිවීම දුරකථන සේවා සම්පාදක ආයතනයට තම සේවාව සැපයීම පහසු කර දෙයි.ඊට අමතරව මෙහිදී සිම් පත ඇතුලත් දුරකථනය ON කල විට ස්වයංක්‍රීයවම තමාට අදාල ජාලය සොයාගෙන එයට සම්බන්ද වේ.
දැනට සිම් කාඩ්පත් සම්මත ප්‍රමාණ තුනකින් නිපදවනු ලබනවා එනම්
1 - කෙඩ්‍රඩිට් කාඩ්පත් සහ එවැනි වෙනත් කාඩ්පත් සදහා භාවිතා වෙන 85.6 mm * 53.98 mm * 0.76 mm ප්‍රමාණය.
2 - ජංගම දුරකථන වල භාවිතා වන Mini SIM කාඩ් 25.0 mm * 15.0 mm * 0.76 mm ප්‍රමාණය.
3 - Apple i pad වැනි උපාංග සදහා භාවිතා වන Micro Sim කාඩ් 15.0 mm * 12.0 * 0.76 mm ප්‍රමාණය.
ජංගම දුරකථන තුල දුරකථන ජාල වල සබදතාව පවත්වා ගැනීමට අමතරව කෙඩ්‍රඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ඉලෙක්ට්‍රොනික් හැදුනුම්පත් ද සිම්පත් භාවිතා වෙන වෙනත් උපාංග ලෙස හදුන්වන්න පුළුවන්.

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top