අප හා අත් වැල් බැදගන්න. .

Sunday, September 11, 2011

නැනෝ තාක්ෂණය ගැන ඹබ දන්නවද ?

1 comments

INTRODUCTION TO නැනෝ තාක්ෂණය

whatisnano_sinhala

ජංගම දුරකථන නිසා පිළිකා හැදෙනව ද?

3 comments
ජංගම දුරකථන යනු අද වන විට ලෝකයේ ඉතා ජනප්රිය කාටත් නැතුවම බැරි උපකරණයකි. ප්රංශ වෛද්‍යවරැන් කණ්ඩායමක් විසින් ළගදී කරන ලද පර්යේෂණයක ට අනුව ජංගම දුරකථන නිසා පිළිකා වැළදීමේ අවදානම වැඩි බව හදුනාගෙන ඇත.

   මේ පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ වසර 10 කට වඩා වැඩියෙන් ජංගම දුරකථන භාවිත කළ පුද්ගලයන් ට පිළිකා වැළදීමේ අවදානම ඉතා ඉහළ අගයක් ගන්නා බවයි. මෙමගින් මොළය, කන, මුඛය, ආශ්රිත පිළිකා වැළදීමේ අවදානම ඉතාමත් වැඩිය. ජංගම දුරකථනවල ඇති විකිරන මෙයට ප්රධාන හේතුව ලෙස ඹවුන් දක්වා ඇත ජංගම දුරකථන සංඤ්ඤා කුලුණු වැඩි වීම මෙයට බලපා ඇති බව වෛද‍්‍ය කණ්ඩායම සොයා ගෙන ඇත.

      ඉනෙහි තම ජංගම දුරකථනය තබා ගෙන සිටින පුද්ගලයින් ට ලිංගික ප්රදේශය ආශ්රිත පිළිකා වළදීමේ අවදානමක් ද කමිස සාක්කුවේ ජංගම දුරකථනය තබා ගෙන යන පුද්ගලයින් ට පපු ප්රදේශය  ආශ්රිත පිළිකා වැළදීමේ අවදානමක් පවතින බවද මෙම වෛද්‍ය කණ්ඩායම වැඩි දුරටත් හදුනාගෙන ඇත.

      පිළිකාවක් කල්තියා හදුනාගැනීමට නොහැකි වන්නේ එය වර්ධනය වීම ට වසර 20 - 30 අතර කාලයක් ගත වන බැවිනි.

    එම නිසා ජංගම දුරකථන භාවිත කරන්නේ නම් මේ පිළිබදව සැළකිලිමත් වීම ඉතා වැදගත් වේ.
ජංගම දුරකථනය නිතරම ළග තබා ගැනීමෙන් වළකින්න. වාහනයේ ඉදිරිපස හෝ කාර්යයාල මේසය මත හෝ ජංගම දුරකථනය තබා ගැනිම සුදුසු වේ. මෙමගින් අනාගතයේ ඇති විමට තිබෙන මාරාන්තික රෝගයකින් බේරි සිටීමට ඹබට හැකි වනු ඇත.

අප හා අත් වැල් බැදගන්න. ඹබේ තොරතුරු තාක්ෂණ දැනුමට මහගු පිටිවහලක්...........

0 comments
ඹබගේ තාක්ෂණික ගැටලු අප වෙත යොමු කරන්න. ඹබගේ දැනුම අප හා බෙදා ගැනීමට මෙය මහගු පිටිවහලක් වනු ඇත. ඹබ Facebook යන්නෙ නිකරැනේ කාලය ගත කිරීමට ද එය ප්රයෝජනවත් ලෙස ගත කිරීමට අප හා එක්වන්න.

http://www.facebook.com/groups/137165583020581/

 

Monday, September 5, 2011

Phone එකට සිංහල fonts එකක් දාමු.

0 comments




මේක Nokia 5800 වර්ගයේ එකක්. Nokia Symiban phone බොහෝමයක් සිංහල support කරන්නේ නැහැ.

අපිට කරන්න පුලුවන් මෙකට සිංහල font එකක් දාලා අකුරු ටික යන්තම් බලගන්න හදගන්න. එත් rendering නම් හොද නැහැ. (Symbian OS 9.x, S60 3rd edition හො 5th edition phone වලට font එකක් දාගන්නේ මෙහෙමයි.

(1)මුලින්ම දාන්න ඕනා font එක තොරගන්න. මේ ෆොන්ට් එකට සිංහල, ඉන්ග්‍රීසි අකුරු ඔක්කොම තියෙන එකක් තොර ගන්න. නැත්නම් ඉන්ග්‍රීසි අකුරු පේන්නෙ නැතුව යයි. මම මේකට "ඉස්කොලෙ පොත" (iskpota.ttf) එක තොරා ගත්තා

(2)දැන් phone එක "Mass storage" විදිහට පරිගණකයකට සම්බන්ද් කරන්න.

(3)ඊලගට phone එකේ external memory card එකේ resource\Fonts යනුවෙන් folder සාදාගන්න [resource ඇතුලෙ Fonts folder එක]. මේ Fonts folder එකට iskpota.ttf file එකන් copy 4ක් අරගෙන පහන නම් වලට rename කරන්න

(i) s60snr.ttf
(ii) s60ssb.ttf
(iii) s60tsb.ttf
(iv)S60ZDIGI.ttf

මේ පියවර අවසානයේ එකම file එකේ copy 4 ක් නම් 4 කින් තියෙන්න ඕනා.

දැන් phone පරිගණකයෙන් ගලෙවා restart කරන්න. එතකොට අලුත් font එකෙන් සියලු අකුරු පේන්න ඕනා.
දැන් Techකතා site එක පෙන්නෙ මේ විදිහට.

මේක Internal memory පමණක් ඇති phone වලට කරන්න එපා. Font නැවත පර්ණ් එකට යන්න internal memory format කරන්න වෙන්න පුලුවන්.

Externel memory තියෙන phone එකේ memory card එක ගලවා restart කිරීමෙන් පරණ font එක restore කර ගන්න පුලුවන්.
ඊළග ප්‍රෂ්ණය තමයි සිංහල අකුරු type කරන එක. මේකට තියෙන ක්‍රමය තමයි UCSC එසැනින් පරිවර්තකය හෝ යතුරු පුවරුව පාවිච්චි කරන එක. (not 100% good and easy).

Sunday, September 4, 2011

=== බයෝස් සහ සීමෝස් සෙටිංස්වල ඇති වැදගත්කම‍ ====

0 comments


පරිගණකයේ මවුපුවරැව මත පරිගණකය ක්රියා ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් මාලාවක් මෘදුකාංගයක් ලෙස විශේෂ චිපයක ගබඩා කර ඇත. එය බයෝස් (BIOS- Basic Input/ Output System ) ලෙස හදුන්වයි. එයට අදාළ මූලික දත්ත අපට වෙනස් කළ නො හැකිය.
    මෙම බයෝස් වැඩසටහන ක්රියාත්මක වීමට එයට අවශ්‍ය දත්ත අපට මව්පුවරැව මතම ගබඩා කර තැබීමට අවකාශ සලසා ඇත. එසේ ගබඩා වනුයේ (CMOS - Complementary Metal Oxide Semiconducter ) චිපය තුළයි. මෙහි ඇති විශේෂත්වය ඉතා සුලු විදුලි බලයකින් දීර්ඝ කාලයක් එම තොරතුරැ මතකයේ තබාගත හැකිවීමයි. උදාහරණයක් ලෙස දිනය සහ වේලාව පරිගණකයේ ස්වයංක්රියව යාවත්කාල වනුයේ මෙහි පිහිටෙන්ය.
    යම් අයුරකින් මවුපුවරැව මත පිහිටි ඹරලෝසු  බැටරියකට සමාන කුඩා බැටරිය ගලවා නැවත යෙදූ විට මෙහි දත්ත අප විසින් නිවරදි කළ යුතුය. බොහෝ නවීන මවුපුවරැ තුළ නැවත නිවරදි කළ යුතුය.

* Date & Time.
* First Boot Device.
* Input/ Output Device.
* VGA / AGP Shared Memory.
* CMOS password.

                               

බූට් කරන විට සමහර Files මැකී ඇති බව පෙන්වන පණිවිඩ නිකුත් වීමේ දෝෂය මග හරවා ගන්නේ කෙසේද?

1 comments

බූට් කරන විට සමහර Files මැකී ඇති බව පෙන්වන පණිවිඩ නිකුත් වීමේ දෝෂය මග හරවා ගන්නේ කෙසේද ?

                       පරිගණකය දෝෂ පෙන්වන විට හාර්ඩ් ඩිස්ක් එකේ පවර් ප්ලග් ගලවා නැවත සවි කිරීමෙන් ඒවා සමනය වේ නම් එම දෝෂය පෙන්වන්නෙ හාර්ඩ් ඩිස්ක් එක හරි හැටි සම්බන්ධ වී නොමැති විටය. පරිගණකවල ඇති හාර්ඩ් ඩිස්ක් වැනි උපාංග නිතර නිතර ගැළවීම හා සවිකිරීම කරනා විට ඒවා සවිකරන පවර් ස්ලොට්වල කොපු විශාල වීමෙන් ලූස් කනෙක්ෂන් හෙවත් ලුහුවත් වීම සිදුවේ. එම නිසා මෙම දෝෂ බොහෝ විට සිදුවේ.
මෙම පවර් කේබල් හොදින් සවිකර නැවත පරිගණකය පණ ගන්වා බලන්න.


ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top