ජංගම දුරකථන යනු අද වන විට ලෝකයේ ඉතා ජනප්රිය කාටත් නැතුවම බැරි උපකරණයකි. ප්රංශ වෛද්‍යවරැන් කණ්ඩායමක් විසින් ළගදී කරන ලද පර්යේෂණයක ට අනුව ජංගම දුරකථන නිසා පිළිකා වැළදීමේ අවදානම වැඩි බව හදුනාගෙන ඇත.
මේ පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ වසර 10 කට වඩා වැඩියෙන් ජංගම දුරකථන භාවිත කළ පුද්ගලයන් ට පිළිකා වැළදීමේ අවදානම ඉතා ඉහළ අගයක් ගන්නා බවයි. මෙමගින් මොළය, කන, මුඛය, ආශ්රිත පිළිකා වැළදීමේ අවදානම ඉතාමත් වැඩිය. ජංගම දුරකථනවල ඇති විකිරන මෙයට ප්රධාන හේතුව ලෙස ඹවුන් දක්වා ඇත ජංගම දුරකථන සංඤ්ඤා කුලුණු වැඩි වීම මෙයට බලපා ඇති බව වෛද‍්‍ය කණ්ඩායම සොයා ගෙන ඇත.
ඉනෙහි තම ජංගම දුරකථනය තබා ගෙන සිටින පුද්ගලයින් ට ලිංගික ප්රදේශය ආශ්රිත පිළිකා වළදීමේ අවදානමක් ද කමිස සාක්කුවේ ජංගම දුරකථනය තබා ගෙන යන පුද්ගලයින් ට පපු ප්රදේශය ආශ්රිත පිළිකා වැළදීමේ අවදානමක් පවතින බවද මෙම වෛද්‍ය කණ්ඩායම වැඩි දුරටත් හදුනාගෙන ඇත.
පිළිකාවක් කල්තියා හදුනාගැනීමට නොහැකි වන්නේ එය වර්ධනය වීම ට වසර 20 - 30 අතර කාලයක් ගත වන බැවිනි.
එම නිසා ජංගම දුරකථන භාවිත කරන්නේ නම් මේ පිළිබදව සැළකිලිමත් වීම ඉතා වැදගත් වේ.
ජංගම දුරකථනය නිතරම ළග තබා ගැනීමෙන් වළකින්න. වාහනයේ ඉදිරිපස හෝ කාර්යයාල මේසය මත හෝ ජංගම දුරකථනය තබා ගැනිම සුදුසු වේ. මෙමගින් අනාගතයේ ඇති විමට තිබෙන මාරාන්තික රෝගයකින් බේරි සිටීමට ඹබට හැකි වනු ඇත.
News
By| Ashan Rathsara Via It කතා.
Sunday, September 11, 2011
Subscribe to:
Post Comments (Atom)
හොදවෙලාවට මම මගේ PHONE එක විකුනුවා...
…ඔය මගුල් නැති එකමයි හොද...
…පිලිකාව නැතත් අඩුතරමෙ ඉන්න ටිකේ කනක් ඇහිල ඉන්ඩ පුලුවං.
…ස්තූතී දැනුවත් කිරීමට...
අම්මෝ,,,,ආයිනම් ළඟ තියා ගන්නේ නැහැ. :(
මේ ඇත්තමද...?