අප හා අත් වැල් බැදගන්න. .

Monday, September 5, 2011

Phone එකට සිංහල fonts එකක් දාමු.

0 comments




මේක Nokia 5800 වර්ගයේ එකක්. Nokia Symiban phone බොහෝමයක් සිංහල support කරන්නේ නැහැ.

අපිට කරන්න පුලුවන් මෙකට සිංහල font එකක් දාලා අකුරු ටික යන්තම් බලගන්න හදගන්න. එත් rendering නම් හොද නැහැ. (Symbian OS 9.x, S60 3rd edition හො 5th edition phone වලට font එකක් දාගන්නේ මෙහෙමයි.

(1)මුලින්ම දාන්න ඕනා font එක තොරගන්න. මේ ෆොන්ට් එකට සිංහල, ඉන්ග්‍රීසි අකුරු ඔක්කොම තියෙන එකක් තොර ගන්න. නැත්නම් ඉන්ග්‍රීසි අකුරු පේන්නෙ නැතුව යයි. මම මේකට "ඉස්කොලෙ පොත" (iskpota.ttf) එක තොරා ගත්තා

(2)දැන් phone එක "Mass storage" විදිහට පරිගණකයකට සම්බන්ද් කරන්න.

(3)ඊලගට phone එකේ external memory card එකේ resource\Fonts යනුවෙන් folder සාදාගන්න [resource ඇතුලෙ Fonts folder එක]. මේ Fonts folder එකට iskpota.ttf file එකන් copy 4ක් අරගෙන පහන නම් වලට rename කරන්න

(i) s60snr.ttf
(ii) s60ssb.ttf
(iii) s60tsb.ttf
(iv)S60ZDIGI.ttf

මේ පියවර අවසානයේ එකම file එකේ copy 4 ක් නම් 4 කින් තියෙන්න ඕනා.

දැන් phone පරිගණකයෙන් ගලෙවා restart කරන්න. එතකොට අලුත් font එකෙන් සියලු අකුරු පේන්න ඕනා.
දැන් Techකතා site එක පෙන්නෙ මේ විදිහට.

මේක Internal memory පමණක් ඇති phone වලට කරන්න එපා. Font නැවත පර්ණ් එකට යන්න internal memory format කරන්න වෙන්න පුලුවන්.

Externel memory තියෙන phone එකේ memory card එක ගලවා restart කිරීමෙන් පරණ font එක restore කර ගන්න පුලුවන්.
ඊළග ප්‍රෂ්ණය තමයි සිංහල අකුරු type කරන එක. මේකට තියෙන ක්‍රමය තමයි UCSC එසැනින් පරිවර්තකය හෝ යතුරු පුවරුව පාවිච්චි කරන එක. (not 100% good and easy).

0 comments:

Post a Comment

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top