අප හා අත් වැල් බැදගන්න. .

Monday, January 24, 2011

Huawei HSDPA Modem නොමිලේ Unlock කරන්න

8 comments

Huawei HSDPA Modem නොමිලේ Unlock කරන්න!

සැලකිය යුතුය : මෙසේ Modem එක Unlock කිරිමෙන් සේවාදාවකයා සමග වගකීම අවලංගු වෙ?

මෙන්න මට හමිබ උන තවත් වැදගත් Web Site එකක්?මෙකෙන් පුලුවන් ඔිනම ජාතියක Huawei HSDPA Modem එකක් Unlock කරන්න?හැබැයි මෙකට කිසිම Software එකක් Download කරන්න ඔිනි නැහැ,මම කියන විදිය​ට කරන්න.

  1. මුලින්ම ඔයාලා ඔයාල​ගේ Modem එකේ IMEI අංකය හොයා ගන්න?මෙ අංක 15 කින් යුක්ත අංකය Modem එකේ පිටිපස්සේ කවරය ගැලෙවිවම සදහන් කරලා තියෙනවා?උදාහරනයක් විදියට 358858471568452 ගමු?
  2. දැන් මෙ විදියට Address එක Type කරගන්න http://www.bb5.at/huawei.php?imei=358858471568452 රතු පාටින් දක්වලා තියෙන IMEI අංකය වෙනුවට ඔයාලගේ IMEI අංකය Type කරන්න?නැත්නමි ලේසිම වැඩෙ මම දුන්න Address එක Click කරලා ඒ Page එකට ගිහින් Address එක ඉස්සරහට ඔයාල​ගේ IMEI එක Type කරන එක?
  3. එතකොට ඔයාලට ඔයාගේ Modem එකේ Lock Code එක ලැබෙනවා?
     
  4. දැන් ඔයාලා වෙන Sim එකක් දාලා Modem එක Computer එකට ගහන්න?උදා : Dialog Modem එකට Mobitel Sim එක දාලා
     
  5. එතකොට Window එකක් Open වෙනව ඒ Sim එක පාවිචිචි කරන්න බැහැ,Modem එක Lock කරලා?Unlock කරන්න නමි Code එක දෙන්න කියලා?එතකොට අපිට ලබා දුන්න Code එක දෙන්න?එතකොට Modem එකේ Lock එක ඉවත් වෙනවා?දැන් ඔයාලට ඔිනම Sim එකක් පාවිචිචි කරලා Internet යන්න පුලුවන්

Monday, January 17, 2011

Mail accounts Hack කරන ක්‍රම ඉගෙනගෙන Hack නොවී ඉමු III(Hardware-based keyloggers )

4 comments

Mail accounts Hack කරන ක්‍රම ඉගෙනගෙන Hack නොවී ඉමු III(Hardware-based keyloggers )

ගොඩක් කලෙකින් දෙයියනේ කියලා නිදහසක් ලබුනෙ දැනු‍යි.පොඩි එවුන්ට එළකිරි වගේ Sport Day එකක් දුන්නානේ,(අපෙ බොක්කෙන් වැඩ කරන කොල්ලො ටික නිසා ) ඉතින් දැන් තවත් වැඩ එන්න කලින් ,කලින් පොස්ට් එකෙ ඉතුරු ටික ලියන්න හිතුනා. කලින් post එකේ comment වලට reply කරන්නත් බැරි වුනා එකට sorry වෙන්න ඕන.සමහර comment වලට පිලිතුරු මේ post එකෙන් ලැබෙයි කියලා හිතනවා. මොකද අද කතා කරන්න යන්නෙ Hardware-based keyloggers ගැන නිසා. Hardware-based keyloggers ගැන කතා කරනකොට cafe වලට එහෙම යන අය ගොඩක්ම පරිස්සම් වුනොත් හොදයි, විශේෂයෙන් අපේ රවින්ද්‍ර වගේ(FOSS) අයත්,Pen drive එකෙන් machine එක බූට් කරන් තමන්ගෙ OS එකේ කිසිම කරදරයක් නෑ කියලා හිතන් ඉන්න අයත් පරිස්සම් වුනොත් හොදයි මොකද Hardware-based keyloggers වලට OS එක මොකක්ද කියන එක ප්‍රශ්නයක් නොවෙන නිසා.

Hardware-based keyloggers ප්‍රධාන වශයෙන් වර්ග කීපයක් තියනවා.මේවාගෙන් ගොඩක්ම භාවිතයේ තියෙන්නෙ සමන්‍ය PS/2, USB Hardware keyloggers එක. මෙක Machine එකත් Keyboard එකත් අතරට සවිකරලා තමයි තියෙනෙ.මෙකෙන් කරන්නෙ හැම Keystrokes එකක්ම අරගෙන keylogger එක ඇතුලෙ තියන EPROM (non volatile) memory එකෙ ගබඩා කරන එක(keylogger එකේ memory full වුනාම පරණ data delete වෙලා අලුත් data overwrite වෙනවා ).අවශ්‍ය වෙලාවට අදාල password එක Notepad එකක හරි text editing program එකක දුන්නම ගබඩා කරගතු දත්ත අපිට බලා ගන්න පුලුවන්.













(Notepad එකකින් ගබඩා කරන ලද data ගැනීම)

Hardware-based keyloggers වල වාසි.

  • Physically නිරීක්ෂණය කිරිමකින් තොරව කිසිම software එකකින් හදුනා ගත නොහැකි වීම
  • Computer එක boot වීම අරම්භයත් සමඟ keylogger එක active වන නිසා OS login password වුනත් ලබා ගත හැකි වීම.
  • ඕනෑම Operating System( OS) එකක ක්‍රියාත්මක විම.
  • Computer එක format කලත් එය dual boots වුනත් keylogger එකේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති නොවීම.

(USB/PS2 Hardware Keyloggers)


Hardware-based keyloggers වලින් වැලකෙන්නෙ කොහොමද?
  • Hardware Keyloggers තිබේ දැයි p hysically නිරික්ෂණය කිරීම
  • On-screen keyboard එකක් භාවිතා කිරීම ( Windows XP, Start >> All Programs >> Accessories >> Accessibility >> On Screen Keyboard)
  • Password භාවිතා කිරීමෙදි එක වරම ලබා දීමෙන් තොරව වෙනත් keystrokes සමග මිශ්‍රව භාවිතා කිරීම. එවිට hackerට අපෙ password අනිත් අකුරුත් එක්ක මිශ්‍රව තියෙන නිසා අදුර ගන්න අමාරැ වෙන්නවා
  • Internet Cafe නොයා සිටිම හෝ සැක සහිත computers භාවිතා නොකර සිටීම.








(මේකනම් දැක්කත් අදුර ගන්න බැරි වෙයි. හොදට බලා ගන්න.)


ඇනෙකුත් Hardware-based keyloggers වර්ග තමයි

  • Wireless Keylogger sniffers-මෙවා‍ use කරන්නෙ wireless keyboard වලට
  • Firmware- keyboard events handle කරන BIOS reprogrammed කිරීම මගින් keystrokes ගබඩා කරයි
ඉතින් තමන්ගෙ ආරක්ෂාව තමන් සලසා ගත්තොත් හොදයි නේද?

Sunday, January 16, 2011

මහජන ෙස්වය පිණිසයි.

0 comments
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල පොඩ්කාස්ට් වෙබ් අඩවියකි http://www.itkatha.tk/

Our Web site: www.itkatha.tk

Sony Ericsson ෆෝන් එකේ රහස් සොයා යමු [Secret Codes]

0 comments
අන්තර්ජාලයේ ටිකක් එහෙට මෙහෙට ඇවිදිනකොට Sony Ericsson ෆෝන් වලට අදාල රහස් කේත [Secret
Codes] ටිකක් හම්බුණා.ඇත්තම කිව්වොත් හම්බුණා නෙවෙයි අන්තර්ජාලේ එහෙට මෙහෙට පෙරළලා හොයා ගත්තා.විශේෂයෙන්ම මේ ගැන හොයන්න හේතු වුණේ මම පාවිච්චි කරන්නෙත් Sony Ericsson ෆෝන් එකක් නිසා.ඉතිං මේ ගැන ඔයාලටත් කියන්න කියලා හිතුවා.මේ ගැන දන්න අයත් ඇති.Sony Ericsson ෆෝන් පාවිච්චි කරන මේ ගැන නොදන්න අයට තමයි මේ ලිපිය ගොඩක් වැදගත් වෙන්න.එහෙනම් කියවලාම බලන්න.
IMEI අංකය: *#06# [International Mobile Equipment Identity]

අවසන් වරට අංකනය කළ දුරකතන අංකය [Shortcut to Last Dialed Numbers]: 0#

සිම් කාඩ් පතෙහි ඇති දුරකතන අංක [Sim Numbers] ලබා ගැනීමට: ප්‍රධාන තිරයේ කැමති අංකයක් [1-9] ටයිප් කර ඊට පසු # ලකුණ ටයිප් කරන්න.

දුරකතනයේ ප්‍රකෘතිය [Themes] වෙනස් කිරීමට: < 0000 >

Lockstatus: < * * <

Sony Ericsson රහස් මෙනුව [Secret Menu]:  > * < < * < *
රහස් මෙනුව මඟින් දුරකතන වර්ගය [Phone Model], මෘදුකාංග විස්තරය[Software Info], IMEI අංකය, ආකෘති විස්තරය [Configuration Info], සිම් අඟුළු විස්තරය [Sim Lock Status], තත්‍ය කාල ඔරලෝසුව [REAL Time Clock], සම්පූර්ණ ඇමතුම් කාලය [Total Call Time] සහ Text Labels විස්තරය බලා ගන්න පුළුවන්..
ඒ වගේම මෙමඟින් දුරකතනය ලබා දෙන සේවාවන් හා පහත දෘඩාංග [Phones Services & Hardware]පරීක්ෂාකර බැලීමේ හැකියාවත් ලබා ගන්න පුළුවන්.
ප්‍රධාන තිරය [Main Display], කැමරාව[Camera], දීප්තිය [LED/ Illumination], Flash LED, යතුරු පුවරුව [Keyboard], කන් බනුව [Earphone], Speaker, Microphone, රේඩියෝව [Radio] සහ කම්පනකාරක පරීක්ෂාව [Vibrator Tests].

සංකේත වල අදහස මෙන්න මෙහෙමයි.
< : ජොයිස්ටිකය[Joystick] හෝ ඇරෝ යතුර [Arrow Key] වම් පැත්තට
> : ජොයිස්ටිකය[Joystick] හෝ ඇරෝ යතුර[Arrow Key] දකුණු පැත්තට
* : තරු ලකුණ
# :කොටු ලකුණ

නැතිවුන ජංගම දුරකථනයක් සොයාගන්න හැටි !

2 comments

 

ඔන්න ජංගම දුරකථන කියල අලුත් Category එකක් පටන්ගන්න හිතුනා ...
ඒකෙ පලවෙනිම post එකත් කියවන්න වටින එකක් වෙන්න එපැයි ...

ඔන්න මම තවත් අලුත් වැඩක් අරගෙන ආවා ...
මේක කොච්චර වටින ලිපියක්ද කිව්වොත් මේක ඔයගොල්ලොන්ගේ අතේ තියන ජංගම දුරකථනය තරම් ම වටිනවා..
ඔයගොල්ලොන්ට නම් හිනා යයි ...
කියෙව්වට පස්සෙ තමයි තෙරෙන්නේ ...

මම ඕකට නියම සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්නේ ...

Kaspersky®

Mobile Security 9


මේකේ තියන වැඩ ටික නම් කියල වැඩක් නෑ !!

මම තාම ඉස්කෝලේ යන කොල්ලෙක් ....
( රස්සාවක් නැතත් මේ ගාන වගේද ෆෝන් එක ?? ;)  )

ඕනෙ නම් සති දෙකක අත්හදා බැලීමේ සංස්කරණයක් Download කරගන්න පුලුවන් මේගොල්ලන්ගේ නිල වෙබ් අඩවියෙන්...

මෙන්න මේගොල්ලොන්ගේ සයිට් එකේ තිබ්බ විදිහට මේකෙන් ලැබෙන සේවාවන්
කිහිපයක් ...
Remotely Block your phone if  it is lost or stolen. Just send a
predefined SMS to your phone and your device will be blocked and no-
one will be able to access its contents. You can even choose to
remotely Wipe  your data.

You can locate your smartphone using GPS Find. Just send an SMS with
the appropriate password to the missing device and you will receive a
link to Google Maps showing the exact location of the device.

Set a prearranged message that will be displayed on the screen if the
smartphone is blocked, allowing any law-abiding citizen that finds
your smartphone to return it to you.

The first thing a thief normally does is to remove your smartphone’s
SIM card. If the SIM is replaced, SIM Watch will immediately block the
device and send you an email with the new number.

මෙන්න ලින්ක් එක ..
http://www.kaspersky.com/kaspersky_mobile_security

මේක ක්‍රියාත්මක වෙන හැටි බලන්න මේ සබැඳියට ගිහින්ම බලන්න ...
http://www.kaspersky.com/mobile_security

මේකෙන් ඔයාගේ ෆෝන් එක නැති උනොත් වෙන සිම් එකක් දැම්මොත් ඒ දාපු සිම් එකෙන් ඔටෝ ඔයා කලින් දාපු නම්බර් එකකට ඒ සිම් එකේ නම්බර් එක එවනවා...

එතකොට ඔයාට සේවා සැපයුම්කරුට කියල නිකංම ෆෝන් එක ලැබෙනවා ..හොයාගන්න
පුලුවන් ඒ නම්බර් එකට රෙජිස්ටෙර් වෙලා ඉන්න කෙනාව අල්ලගත්තගමන් ...
ඒත් එක්කම හරියටම දැන් ෆෝන් එක තියන තැන බලාගන්න ඕනේ නම් අර ඔයාට sms එකකින් ආපු නම්බර් එකට sms එකක් යැව්වම හරි. ඒක යවන්න ඕනේ ආකාරය පහත තියනවා.
Find:123456789
මේකේ 123456789 වෙනුවට ඔයාගේ කැස්පර්ස්කයි ඇන්ටිවයිරස් එකට ප්‍රවේශ වීමේදී අසන මුරපදය තමයි දාන්න ඕනේ..

ඉතිං ඔයා එහෙම sms එකක් යැව්ව ගමන් දැන් ෆෝන් එක තියන තැන අක්ෂාංශ සහ දේශාංශ සහිත Geo මැප් එකක් ඔයාගේ e-mail එකට එවනවා..
( මේ e-mail ලිපිනය සකස් කරන්න පුලුවන් පහසුවෙන් )

දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එයි ඔයා ඒ සොෆ්ට්වෙයා එකට දාපු පාස්වර්ඩ් එක ඔයාට sms මගින් ලැබුනු අංකයට යැව්වම ඒක ඒ පුද්ගලයාට ලැබුනම ඔයාගේ ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයා එකට පහසුවෙන් ඇතුල් වෙලා ආරක්ෂක විධාන අහෝසි කරන්න  බලතල ලැබෙනවා නේද කියන එක??
මටත් ඔය ගැටලුව තිබුනා... මට හිතුනා මේගොල්ලෝ encript කරලා පාස්වර්ඩ් එක පෙන්වනවද කියලා කියලා ....

ඉතින් මම කෝකටත් මගේ වින්ඩෝස් මොබයිල් එකට මගේ අනිත් සෝනි එරික්සන් ෆෝන් එකෙන් අර විදිහට පාස්වර්ඩ් එකත් එක්ක මෙසේජ් එකක් යැව්වා... ඊට පස්සෙ මම ආපු මෙසේජ් එක බැලුවා.. මෙන්න මේ වගේ තමයි තිබ්බේ..
Find:IKJDF5EWVB78WWMVLBW59GDD5VD
ඒ sms එක ඉබේම මෘදුකාංගය හඳුනාගෙන කියවන කෙනාට විකෘති කරල තමයි පෙන්නන්නේ... කොහොමද වැඩේ ??
මේක decript කරන්න පුලුවන් අර සොෆ්ට්වෙයා එකට විතරක් නිසා අර හොරා අතට පාස්වර්ඩ් එක යන්න කිසිම විදිහක් නැහැ..

ඒ විතරක් නෙමෙයි sms එකක් යවලා ඔයාට ඕනෙ නම් ඔයාගේ ප්‍රයිවෙට් ඩේටා ඔක්කොම මකල දාන්නත් පුලුවන්...
ඒ කියන්නේ ඔයාගෙ contacts, messages, personal files ඔක්කොම මකලා දාන්න පුලුවන්...
ඒ සඳහා කරන්න තියෙන්නේ කලින් විදිහටම මෙසේජ් එකක් යවන්න... ඒක යවන්නේ මෙහෙමයි..
Wipe:123456789

ඒ විදිහට ඔකොම දත්ත ඔක්කොම delete උනාට පස්සෙ ඒක තහවුරු කිරීමේ sms එකක් ෆෝන් එකට එනවා..

හැබැයි මේක වැඩ කරන්නේ,
* Microsoft Windows Mobile 5.0, 6.0, 6.1, 6.5, 6.5.3
*  Symbian OS 9.1, 9.2, 9.3, 9.4 Series 60 (Nokia smartphones only)
යන මෙහෙයුම් පද්ධති වල විතරයි...
ඒක නිසා මගේ වින්ඩෝස් මොබයිල් එකත් දැන් ආරක්ෂිතයි ...

ඒ පිළිබඳ විස්තර පහත සබැඳියෙන් ලබාගන්න ..
http://www.kaspersky.com/mobile_downloads

එහෙම නැතුව නැති උන දුරකථනයක් සොයන්න උත්සාහ කරනවනම් මුලින්ම ඔයාගේ සේවා සැපයුම්කරුට මේ පිළිබඳව
දන්වන්න...
ඒකට ඔයාගේ දුරකතන අංකය පමණක් දැනගැනීම ප්‍රමානවත් ...
ඒගොල්ලෝ ඒ දුරකතන අංකයට අන්තිමට දාපු ෆෝන් එකේ IMEI අංකය එතනින් හොයාගෙන ඒ IMEI
අංකය තියන ෆෝන් එකට වෙන සිම් එකක් දැම්මොත් දන්වන්න අනිත් සේවා
සැපයුම්කරුවන්ටත් දන්වනවා... ඒකෙන් අලුත් සිම් එකක් දැම්මොත් වැඩේ අතටම
මාට්ටු ...

එහෙමත් නැත්නම් ෆෝන් එකේ IMEI අංකය තියනවනම් පොලිසියට ගියොත් සතියකින් වැඩේ ගොඩ....

මේ ඔක්කොම සත්‍ය අත්දැකීම් ඇසුරෙන් ලියුවේ...
ඒක නිසා තමන්ගේ ස්මාට් ෆෝන් එක පාරේ දාල ගියත් කමක් නෑ....
හැබැයි පාරේ දාලා ගිය ෆෝන් වලින් මම වග කියන්නේ ඉහත මෙහෙයුම් පද්ධති සහිත
ස්මාට් ෆෝන් වලට විතරයි .. ;)

වින්ඩෝස් එක්ස් පී ස්තාපනය වේගවත් කරමු..

0 comments

වින්ඩෝස් එක්ස් පී ස්තාපනය වේගවත් කරමු..


මේ කියන්න යන්නේ වින්ඩෝස් එක්ස් පී ස්තාපනය විනාඩි 1න් 2න් ඉන්ස්ටෝල් කරගන්න විදියක් ගැන නම් නෙවෙයි.සමහර විට විනාඩි 1න් 2න් ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන් වේවි.ඒක තීරණය වෙන්නේ ඔයාගේ system එකේ හැකියාව අනුව තමයි.හරි අපි බලමු කොහොමද මේක කර ගන්නේ කියල.
 

පළමුවෙන්ම windows  xp  cd  එකෙන් pc  ඒක boot  කරලා files  ටික කොපි වෙලා රිස්ටාර්ට් වෙන්න ඉඩ හරින්න.ඊට පස්සේ පහත ආකාරයට දිස්වේවි.





දැන් keybord එකේ Shift + F10 ඔබන්න.එතකොට  command Prompt ඒක  දිස්වේවි.ඊට පස්සේ taskmgr කියල type කරලා Task Manager  ඒක ලබාගන්න.


දැන් Task Manager එකේ processes  ටැබ් එකේ තියෙන Setup.exe  ඒක Right CLICK කරලා set Priority  ඒක HIGH කියල ලබා දෙන්න.

එච්චරයි...!!!

දැන් ඔබේ pc එකේ උපරිම performance වලට අනුව වින්ඩෝස් එක්ස් පී ස්තාපනය වීම සිදු වේ.

Friday, January 14, 2011

Adobe Photoshop CS5 Extended+Keygen

0 comments
මෙන්න ගෙනාව අළුත්ම අලුත් Adobe Photoshop CS5 Extended.. Adobe කාරය දැනගත්තොත් මට නඩුත් දානව... ඒක හින්ද ඉක්මනට බාගන්න යාලුවනේ..මේ වගේ අළුත්ම අළුත් Software දෙන්නෙ අපි විතරයි...දිගටම රැදිල ඉන්න අපිත් එක්ක


1.67 GB

......====Nokia Secret Codes====.......

1 comments

Nokia Secret Codes


Nokia දුරකථන භාවිතා කරන්නන්ට වැදගත් වන Secret Codes බිදක්?


*#06#                 - For checking the IMEI (International Mobile Equipment Identity).

*#7780#            - Reset to factory settings.

*#67705646#    - This will clear the LCD display(operator logo).

*#0000#            - To view software version.

*#2820#            - Bluetooth device address.

*#746025625#  - Sim clock allowed status.

*#62209526#    - Display the MAC address of the WLAN adapter.
                           This is available only in the newerdevices that supports WLAN
                            like N80

*#92702689#    - takes you to a secret menu where you may find some of the
                            information below:

*#3370*             - (EFR) deactivation. Phone will automatically restart. Increase
                           battery life by 30% because  phone receives less signal from
                           network.

*#7328748263373738#     - resets security code.

#pw+1234567890+1#       - Shows if sim have restrictions.

ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?

1 comments

ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති.

ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි.


මෙම ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරමින් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මෙසේ සඳහන් කළේය.

“මේ වනවිට, ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ වංචා වැඩිවෙමින් තිබෙනවා. ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට හොරෙන් ඇතුළුවීම, අනුන්ගේ නමකින් ෆේස් බුක් ගිණුම්වල පෙනී සිටිමින් වංචා සිදුකිරීම, වෙබ් අඩවි වලට හොරෙන් ඇතුළුවීම මේවා අතර ප්‍රධානයි. මේ පිළිබඳව අප ආයතනයට පැමිණිලි කළ හැකියි.“

යමෙකුගේ ෆේස් බුක් ගිණුමට යම් ප්‍රශ්නයක් සිදුව තිබේ නම් ඒ පිළිබඳව දේශීව විමර්ශනයක් කර පසුව ඒ පිළිබඳව ඇමරිකාවේ පිහිටි ෆේස් බුක් ප්‍රධාන කාර්යාලයට දැනුම් දී නිවැරදි කිරීමට සිය ආයතනය කටයුතු කරන බව පල්ලියගුරු මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව, දරුණු අක්‍රමිකතා පිළිබඳව රහස් පොලීසිය මාර්ගයෙන් පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) විසින් මෙවැනි වංචා වලින් වැලකී පරිගණක ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම අවධාරණය කළේය.

මෙවැනි පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Slcert) පහත දුරකතන අංකය මගින් දැනුම් දෙන්න.

011-2691 692

< source : http://www.vimasuma.com >

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top