අප හා අත් වැල් බැදගන්න. .

Monday, January 17, 2011

Mail accounts Hack කරන ක්‍රම ඉගෙනගෙන Hack නොවී ඉමු III(Hardware-based keyloggers )

4 comments

Mail accounts Hack කරන ක්‍රම ඉගෙනගෙන Hack නොවී ඉමු III(Hardware-based keyloggers )

ගොඩක් කලෙකින් දෙයියනේ කියලා නිදහසක් ලබුනෙ දැනු‍යි.පොඩි එවුන්ට එළකිරි වගේ Sport Day එකක් දුන්නානේ,(අපෙ බොක්කෙන් වැඩ කරන කොල්ලො ටික නිසා ) ඉතින් දැන් තවත් වැඩ එන්න කලින් ,කලින් පොස්ට් එකෙ ඉතුරු ටික ලියන්න හිතුනා. කලින් post එකේ comment වලට reply කරන්නත් බැරි වුනා එකට sorry වෙන්න ඕන.සමහර comment වලට පිලිතුරු මේ post එකෙන් ලැබෙයි කියලා හිතනවා. මොකද අද කතා කරන්න යන්නෙ Hardware-based keyloggers ගැන නිසා. Hardware-based keyloggers ගැන කතා කරනකොට cafe වලට එහෙම යන අය ගොඩක්ම පරිස්සම් වුනොත් හොදයි, විශේෂයෙන් අපේ රවින්ද්‍ර වගේ(FOSS) අයත්,Pen drive එකෙන් machine එක බූට් කරන් තමන්ගෙ OS එකේ කිසිම කරදරයක් නෑ කියලා හිතන් ඉන්න අයත් පරිස්සම් වුනොත් හොදයි මොකද Hardware-based keyloggers වලට OS එක මොකක්ද කියන එක ප්‍රශ්නයක් නොවෙන නිසා.

Hardware-based keyloggers ප්‍රධාන වශයෙන් වර්ග කීපයක් තියනවා.මේවාගෙන් ගොඩක්ම භාවිතයේ තියෙන්නෙ සමන්‍ය PS/2, USB Hardware keyloggers එක. මෙක Machine එකත් Keyboard එකත් අතරට සවිකරලා තමයි තියෙනෙ.මෙකෙන් කරන්නෙ හැම Keystrokes එකක්ම අරගෙන keylogger එක ඇතුලෙ තියන EPROM (non volatile) memory එකෙ ගබඩා කරන එක(keylogger එකේ memory full වුනාම පරණ data delete වෙලා අලුත් data overwrite වෙනවා ).අවශ්‍ය වෙලාවට අදාල password එක Notepad එකක හරි text editing program එකක දුන්නම ගබඩා කරගතු දත්ත අපිට බලා ගන්න පුලුවන්.













(Notepad එකකින් ගබඩා කරන ලද data ගැනීම)

Hardware-based keyloggers වල වාසි.

  • Physically නිරීක්ෂණය කිරිමකින් තොරව කිසිම software එකකින් හදුනා ගත නොහැකි වීම
  • Computer එක boot වීම අරම්භයත් සමඟ keylogger එක active වන නිසා OS login password වුනත් ලබා ගත හැකි වීම.
  • ඕනෑම Operating System( OS) එකක ක්‍රියාත්මක විම.
  • Computer එක format කලත් එය dual boots වුනත් keylogger එකේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති නොවීම.

(USB/PS2 Hardware Keyloggers)


Hardware-based keyloggers වලින් වැලකෙන්නෙ කොහොමද?
  • Hardware Keyloggers තිබේ දැයි p hysically නිරික්ෂණය කිරීම
  • On-screen keyboard එකක් භාවිතා කිරීම ( Windows XP, Start >> All Programs >> Accessories >> Accessibility >> On Screen Keyboard)
  • Password භාවිතා කිරීමෙදි එක වරම ලබා දීමෙන් තොරව වෙනත් keystrokes සමග මිශ්‍රව භාවිතා කිරීම. එවිට hackerට අපෙ password අනිත් අකුරුත් එක්ක මිශ්‍රව තියෙන නිසා අදුර ගන්න අමාරැ වෙන්නවා
  • Internet Cafe නොයා සිටිම හෝ සැක සහිත computers භාවිතා නොකර සිටීම.








(මේකනම් දැක්කත් අදුර ගන්න බැරි වෙයි. හොදට බලා ගන්න.)


ඇනෙකුත් Hardware-based keyloggers වර්ග තමයි

  • Wireless Keylogger sniffers-මෙවා‍ use කරන්නෙ wireless keyboard වලට
  • Firmware- keyboard events handle කරන BIOS reprogrammed කිරීම මගින් keystrokes ගබඩා කරයි
ඉතින් තමන්ගෙ ආරක්ෂාව තමන් සලසා ගත්තොත් හොදයි නේද?

4 comments:

  • January 17, 2011 at 11:23 AM
    Anonymous :

    පෝස්ට් එකනං ගොඩක් වැදගත් කැෆේ වලට යන අයට. මම සාමාන්‍යයන් එහෙම යනව අඩුයි. ඒත් හදිස්සියෙ හරි එහෙම යන්න වුනොත් මම usernam / password වගේ දේවල් එන්ටර් කරන්නේ ඔන්ස්ක්‍රීන් කීබෝඩ් එකෙන්.

    ප.ලි.
    මේ දාල තියන ජාවස්ක්‍රිප්ට් වැඩ කෑලි ගොඩ අයින් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. මේ සයිට් එකට ආව ගමන් ප්‍රොසෙසර් එකේ කෝර් 2ම 100% වැඩ කරන්න ගන්නව. එච්චර ස්පීඩ් නැතු පර්ඝනක තියන අය ආවම මැශින් එක ස්ටක් වෙන්න වුනත් පුලුවන්. ඒ නිසා ඒ වගේ අනවශ්‍ය දේවල් අයින් කරන්න පුලුවන් නම් හොදයි

  • January 17, 2011 at 4:09 PM

    මැක්සා ලිපිය... මමනම් මෙලෝ හසරක් මෙ ගැන දැනන් හිටියේ නැ.. සැහෙන්න වටින ලිපියක්.. නියමයි. නොදන්න දේවල් ගොඩක් දැන ගන්න පුලුවන් වුනා. දිගටම ලියන්න...

  • January 18, 2011 at 8:30 AM

    පෝස්ට් එකනම් එලම කිරි මචං මම මේව ගැන අද තමයි දන්නේ ..

    අර උඩ කමෙන්ට් කරපු කෙනාගේ කතාව ඇත්ත . මගේ CPU එක 100% වැඩකරන්න ගත්තා ...මේ ගැජට් පොඩ්ඩක් අඩු කරන්න මචං

    ජය වේවා !!

  • January 27, 2011 at 5:18 PM

    මචාන් පොස්ට් එක නම් එලම කිරි.මමත් මෙක ගැන දැනගෙන හිටියෙ නැ.
    එ වගෙම මචන් මෙ සයි එකේ දාල තියෙන ජාවා වැඩ කැලි ටිකක් අඩු කරමු.එකෙන් වෙන්නෙ අපිට කරදරයක් මිසක් අමුතු ලස්සනක් එන්නෙ නැ.
    ජය වෙවා.
    මෙ මගෙ බ්ලොග් එක.
    http://pinthura.info

Post a Comment

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top