අප හා අත් වැල් බැදගන්න. .

Sunday, January 16, 2011

Sony Ericsson ෆෝන් එකේ රහස් සොයා යමු [Secret Codes]

0 comments
අන්තර්ජාලයේ ටිකක් එහෙට මෙහෙට ඇවිදිනකොට Sony Ericsson ෆෝන් වලට අදාල රහස් කේත [Secret
Codes] ටිකක් හම්බුණා.ඇත්තම කිව්වොත් හම්බුණා නෙවෙයි අන්තර්ජාලේ එහෙට මෙහෙට පෙරළලා හොයා ගත්තා.විශේෂයෙන්ම මේ ගැන හොයන්න හේතු වුණේ මම පාවිච්චි කරන්නෙත් Sony Ericsson ෆෝන් එකක් නිසා.ඉතිං මේ ගැන ඔයාලටත් කියන්න කියලා හිතුවා.මේ ගැන දන්න අයත් ඇති.Sony Ericsson ෆෝන් පාවිච්චි කරන මේ ගැන නොදන්න අයට තමයි මේ ලිපිය ගොඩක් වැදගත් වෙන්න.එහෙනම් කියවලාම බලන්න.
IMEI අංකය: *#06# [International Mobile Equipment Identity]

අවසන් වරට අංකනය කළ දුරකතන අංකය [Shortcut to Last Dialed Numbers]: 0#

සිම් කාඩ් පතෙහි ඇති දුරකතන අංක [Sim Numbers] ලබා ගැනීමට: ප්‍රධාන තිරයේ කැමති අංකයක් [1-9] ටයිප් කර ඊට පසු # ලකුණ ටයිප් කරන්න.

දුරකතනයේ ප්‍රකෘතිය [Themes] වෙනස් කිරීමට: < 0000 >

Lockstatus: < * * <

Sony Ericsson රහස් මෙනුව [Secret Menu]:  > * < < * < *
රහස් මෙනුව මඟින් දුරකතන වර්ගය [Phone Model], මෘදුකාංග විස්තරය[Software Info], IMEI අංකය, ආකෘති විස්තරය [Configuration Info], සිම් අඟුළු විස්තරය [Sim Lock Status], තත්‍ය කාල ඔරලෝසුව [REAL Time Clock], සම්පූර්ණ ඇමතුම් කාලය [Total Call Time] සහ Text Labels විස්තරය බලා ගන්න පුළුවන්..
ඒ වගේම මෙමඟින් දුරකතනය ලබා දෙන සේවාවන් හා පහත දෘඩාංග [Phones Services & Hardware]පරීක්ෂාකර බැලීමේ හැකියාවත් ලබා ගන්න පුළුවන්.
ප්‍රධාන තිරය [Main Display], කැමරාව[Camera], දීප්තිය [LED/ Illumination], Flash LED, යතුරු පුවරුව [Keyboard], කන් බනුව [Earphone], Speaker, Microphone, රේඩියෝව [Radio] සහ කම්පනකාරක පරීක්ෂාව [Vibrator Tests].

සංකේත වල අදහස මෙන්න මෙහෙමයි.
< : ජොයිස්ටිකය[Joystick] හෝ ඇරෝ යතුර [Arrow Key] වම් පැත්තට
> : ජොයිස්ටිකය[Joystick] හෝ ඇරෝ යතුර[Arrow Key] දකුණු පැත්තට
* : තරු ලකුණ
# :කොටු ලකුණ

0 comments:

Post a Comment

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top