මේක සමීක්ෂණයක්.මේ සමීක්ෂණය කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ඔක්සිජන් මීඩියා [Oxygen Media] ආයතනය.ඔවුන් කියන විදියට ෆේස්බුක් වෙත එන සෙනඟ අතරින් වැඩියෙන්ම ඇලීගැලී සිටින්නේ කාන්තාවන් බවයි.අවුරුදු 18ත් 34 ත් අතර කාන්තාවන්.
ෆේස්බුක් වෙත නිතර එන යන සෙනඟ කෝටි 55 කටත් වැඩියි.දිනපතා මේ පිරිස වැඩිවෙමින් පවතී.අලුතින් දිනකට ෆේස්බුක් වෙත එන පිරිස හත් ලක්ෂයක්.මේ අනුව 2012 වන විට ෆේස්බුක් සෙනඟ කෝටි 100ක් වන බවයි ගණන් බලා තියෙන්නේ.
ෆෙස්බුක් ගිණුම් කෝටි 55 අතරින් කෝටි 30ක් දිනපතා ෆේස්බුක් එන යන අය.එසේ විත් අඩුම වශයෙන් පැයක්වත් කාලය ගත කරන බවයි ආරංචිය.
මෙය ෆේස්බුක් වෙත ඇබ්බැහිවීම මාසික රෝගයක් ද යන්න තවමත් නිශ්චිතව තීන්දු කර නෑ.ඒත් දැනටමත් මේ ඇබ්බැහියට "ෆෙස්බුක් ඇඩික්ෂන් ඩිසෝඩර් [FAD- Facebook Addiction Disorder]" කියල නමකුත් දාලා තියනවා.බොහෝ උගතුන් සැක කරන්නේ මෙය උන්මන්තක තත්වයක් බවයි.ඊට සියළුම වයක් කාණඩ වල පිරිස් ගොදුරු වී සිටිනවා.
ෆේස්බුක් සමඟ වැය කරන කාලය සොරා ගන්නේ තමන්ට වැඩ කරන්නට තියන කාලයෙන් නම් එය ඇබ්බැහිවීමක් ලෙසයි පෙන්වා දෙන්නේ.
මෙතැනදී සමාජ ක්රියාකාරින් කාටත් පොදුවේ දෙන උපදෙසක් තියනවා.සෝෂල් නෙට්වර්කිං හොඳයි.එහෙත් අනෙක් හැම වැඩටම වඩා නොවෙයි.එය ජීවිතේ විනෝදාංශයක් සේ සලකා පුරුදු වුවහොත් හොඳ සමාජ මෙවලමක් යන්නයි.
-විජය පරිඝණක සඟරාව ඇසුරෙන්-
ලංකාව වාගෙ රටවලට ඕක හානියක්.
හෙහ්.............මට භාගෙට පිස්සු(පිස්සු භාගයක්)
මිනිස්සු දැනුවත් කරන එකනම් හොදයි යාළුවා.ඒත් ඉතිං අනුන්ගේ ලිපි ඒ විදියටම තමන්ගේ ලිපියක් වගේ පල කරන ඒක ඒ තරම් හොද වැඩක් නෙවෙයි.එහෙම කරනවනම් ඒ අදාල බ්ලොග් අඩවියේ නම දාන එක යුතුකම.නැත්තම් ඒ අදාල අයිතිකරුගෙන් අවසරය ගන්න ඔනේ.ඒක තමයි සදාචාරය.නැත්තම් හොරකමක් වෙනවා.
මේ ලිපිය මීට කලින් මම ලියපු ලිපියක්.
http://manubloggers.blogspot.com/2011/02/blog-post_12.html