අප හා අත් වැල් බැදගන්න. .

Tuesday, March 8, 2011

අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ?

1 comments
 
ඔයා පාවිච්චි කරන්නේ Windows XP ද ??
පිළිතුර 'ඔව්' නම් මෙන්න ලේසියෙන්ම ඔයාලගේ Internet Connection එක 25%කින් වේගවත් කරන හැටි..

සාමාන්‍යයෙන් Windows XP විසින් අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20%ක් Windows Update සහ Spyware checks වගේ ඔය එක එක දේවල් වලට වෙන් කරනවනේ..

ඉතින් එහෙනම් ඔයගොල්ලන්ටත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩි කරගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න..

1. මුලින්ම START යන්න-> ඊට පස්සෙ Run-> ඊලඟට gpedit.msc කියලා ටයිප් කරන්න.
2. දැන් Administrative Templates තුලට යන්න.
3. ඊලඟට Network tab එක ඇතුලට යන්න.
4. ඊටපස්සෙ QoS Packet Scheduler තුලට යන්න.
5. Limit Reservable Bandwidth තෝරාගෙන ඒක enable කරන්න.
6. ඊට පස්සෙ Bandwidth limit එක 20% ඉඳලා 0 %ට දාන්න. Apply කරන්න!
7. අන්තිමට START > Control Panel > Network Connections වලට ගිහින් ඔයාලා පාවිච්චි කරන Network Connection එක උඩ right click කරලා properties ගිහින් එකේ General ටැබ් එකේ QoS Packet Scheduler කියන තැන හරි ලකුණක් දාලද බලන්න.. නැත්නම් හරි ලකුණ දාන්න..
මේ ටික ඔක්කොම හරියට කලාට පස්සෙ PC එක restart කරන්න..
අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙලා තියේවි..


නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා වගේ නේද ?
මොකද පෝස්ට් එකේ මාතෘකාවෙ තියෙන්නෙ අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමු කියලනේ..
ඇත්ත කතාව මේකයි.. අපි හිතමුකෝ අපිට 100% වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ලැබුනයි කියලා..
නමුත් ඇත්තටම සාමාන්යෙන් අපිට දීලා තියෙන්නෙ 80%යි නේ..
මොකද ඒ 100%න් 20%ක් අර එක එක සේවා සඳහා වෙන් කරලානේ..
ඉතින් අපි ඇත්තටම අත් විඳින්නේ සම්පූර්ණ වේගයෙන් 80% යි..
ඉතින් 80% දැන් වේගය ලෙස සැලකුවොත් අපි අර වැඩි කරගන්න 20% අරගත්තොත් ඒක 80%න් 1/4ක්.
ඒ කියන්නෙ 25%ක් නේ ?? :P
ඔන්න ඔහොමයි 20%ක් මුවාවෙන් 25%ක්ම අන්තර්ජාල වේගය වැඩි කරගන්නේ.. ;)

ප.ලි :
විස්ටා සහ Windows 7 වලදි නම් මේකෙ 7 වෙනි පියවර කරන්න ඕනේ නෑ..
මොකද  QoS Packet Scheduler එක එනබල් වෙලයි තියෙන්නෙ..
සමාවෙන්න ඕනේ ඒ බව කියන්න අමතක වීම ගැන.

1 comments:

Post a Comment

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top