අප හා අත් වැල් බැදගන්න. .

Wednesday, March 9, 2011

How to Recover Hacked Email Accounts?

3 comments
මම කලින් post ගණනාවකදිම ඔයාලට කිව්වා කොහොමද අපේ gmail , Yahoo වගේ account Hack වෙන්නෙ සහ ඒවා වලක්වා ගන්නෙ කොහොමද කියලා. ඒත් අපේ අයගෙ තියන නොසැලකිලිමත්කම නිසා ගොඩක් අයගේ account තාමත් Hackවෙනවා.මගේ google account එක ගත්තොත් එකෙන්ම තමයි මගේ adsense publisher, Google alerts subscriber, blogspot blogger, Google docs user, Google analytics, Google knol publisher, google friend connect, orkut member, Google talk , Google maps , feedburner publisher සහ තවත් බොහෝ වෙනත් account රාශියක් ක්‍රියා කරන්නෙ. ඉතින් බැරි වෙලාවත් මගේ gmail එක කවුරු හරි Hack කරලා මගේ password වෙනස් කරලා තිබුනොත් sorry තමයි මොකද මට එහෙම උනොත් මගේ ඉහත කී එක site එකකටවත් යන්න බැරි වෙනවා.මට නම් ඒක හිතනකොටත් මොකද්ද වගේ ඉතින් මේ වගේ වෙලාවක කවුරු හරි අපේ account එක Hack කරලා තිබුනොත් අපි එකෙන් ආරක්ෂාවෙන්නේ කොහොමද ,අපි අපේ Account එක නැවත ගන්නෙ කොහොමද කියන එක කියලා දෙන්න තමයි අද හදන්නේ.
තවදෙයක් තමයි අපිට හිතෙනවනම් අපේ account එකට තව කෙනෙක් log in වෙනවා කියලා අපිට ඒක හරියටම gmail වල නම් පහත රූපසටහනේ පරිදි තියන last account activities වල detail මගින් දැන ගන්න පුලුවන් එතනින් අපේ account එකට login වුනු හැම කෙනෙක්ගෙම IP සහ ඒ අයlog in වුනු වෙලාව පහත පරිදි සටහන් වෙනවා. හරි දැන් අපි අපේ මුලින් කී දේ ගැන බලමු.

  1. G-mail සඳාහා
Gmail වලටනම් අපේ account එක recovery කරගන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා.පලමු ක්‍රමේ තමයි මෙතනට ගිහින් password එක reset කරන එක මෙතන මුලින්ම එන්නෙ අපිට අපේ password reset කරනgmail එක දෙන්න.

ඊට පස්සෙ අපිට ලැබෙන්නේ මේ window එකමෙතනදි තමයි අපිට අපි අපේ google account එකේ password recovery options ටික වැදගත් වෙන්නෙ ඉතින් ඔයාල කියවල බැලුවොත් තේරෙයි අපිට password reset කරන ලින්ක් එක, අපි අපේ google account එකේ දීපු recovery email address එකට තමයි යවන්නේ.මෙතනදි තියන වාසිය තමයි අපේ account එක වෙන කෙනෙක් password reset කරන්න හැදුවත් අපිට ඒක දැනගන්න පුලුවන් වෙන එක. ඉතින් අපි අපේ recovery email address එක විදියට වෙනස් password එකක් යොදාගත්තු account එකක් භාවීතා කිරීම ඉතා වැදගත්.google account එකට ගියොත් පෙනෙයි දැන් අපිට අපේ phone number එකත් recovery option එකක් විදියට දෙන්න පුලුවන් එතකොට password reset code එක sms එකක් මගින් එවනවා. පහත තියෙන්නෙ අපේ recovery email address එකට එවන mail එක .එතන ලින්ක් එක මගින් අපිට අපේ password එක reset කරගන්න පුලුවන්.
අපිට මේ ක්‍රමේට කරගන්න පුලුවන් වෙන්නෙ අපේ password recovery options ටික වැඩනම් නේ. එත් ගොඩක් වෙලාවට වෙන්නෙ අපේ account එක hack කරපු කෙනා මේ options ටිකත් වෙනස් කරන එක ඉතින් එහෙම කරලා තිබුනොත් අපිට තියන එකම පිහිට තමයි Account Recovery Form එක.
මෙතන ඉතින් ප්‍රශ්න පත්තරයක්ම තියනවා උත්තර දෙන්න අපි ඒවට කොච්චර නිවැරදිව උත්තර දෙන එක මත තමයි googleලා අපිට අපේ accountඑක නැවත දෙනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ.මොකද මේ ප්‍රශ්න පහත තියනවා එවායින් බලන්නේ ඇත්තටම මේ recover කරන්න හදන්නේ තමන්ගෙම account එකද කියලා.නැත්නම් කවුරුත් අනුන්ගේ ඒවත් recover කරයි නේ.

2.Yahoo සහ Hot mail සදහා

අවාසනාවට මේවට නම් තියෙන්නෙ එකම පිලිසරණයි. ඒ password recovery options වල secret questions එකට උත්හර දීලා හරි secondary email option එක මගින් recover කරගන්න එක. Forgot password link මගින් මේදේ කරගන්න පුලුවන්.

3 comments:

  • March 9, 2011 at 5:23 PM

    අද කාලෙට වටින හොද ලිපියක්

  • March 10, 2011 at 5:31 AM
    Anonymous :

    සමහර අය security question එකට දෙන්නේ Phone number එක.එතකොට කාටහරි ලේසියෙන්ම ඒක hack කරන්න පුලුවන්.මමත් යාලුවෙකුගේ account එකක් එහෙම hack කරලා තියෙනවා.තව ඉතින් Alertpay,Paypal එහෙම register කරලා තිබ්බොත් බඩුම තමා.

  • March 10, 2011 at 8:17 AM
    Anonymous :

    පාස් රෙස්ට් කරන්න බෑ අපිට පාස් රෙස්ට් කරන E-mail address ඇතුලෙන් වෙනස් කලොත්.

    හැක් කරපු කෙනා ඒ E-mail address වෙනස් කරත් හැමදාම හැක් කරයි.

    Settings වලින් වෙන එකවුන්ට් සමග ‍එකතු කරයින් සිටියොත් Pass නැතිවම ඇතුල් විය හැකි.

    හැක් කරපු. කෙනා තරහට පාස් රෙස්ට් කරලවත් ගන්න බැරිවෙන්න Account Delete කරොත් ඉවරටම ඉවරයි.

    ඔයාගෙම ඩොමෙනයක් Use කරලා Google APPS වලින් Gmail Account හදන්න. එතකොට ඔයාගෙම වගේ ලිපිනයන් ගුගල් සේවා ඔක්කොම use කල හැකි. ඔයාටම Login Page හම්බෙනවා. මේකේ තියෙන වසිය තමයි මොකක් හරි වෙලා ඉ-මේල් ලිපිනය නැති උනොත්. බයක් නැ. කොහොම හරි හදා ගන්න පුලුවන්.

    ඔයා වෙබ් අඩවියට use කරන ඩොමෙනයේ sub domain මේකට us e කල හැකි.

Post a Comment

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top