අන්තර්ජාලයෙන් පාසල් පෙළ පොත් කියවීම.
පාසැල් සිසුන්ට තමන්ගේ විෂය ධාරාව සඳහා තිබෙන පාසල් පෙළපොත් අන්තර්ජාලය හරහා සහ VCD/DVD තැටි ඔස්සේ හැදෑරීමට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා..
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවන 'ඉ-පෙළ පොත්' ව්‍යාපෘතිය යටතේ තමයි මෙය ක්‍රියාත්මක වෙන්නේ..
පාසලේ ගුරුවරයෙකුගෙන් ශිෂ්‍යයෙකු ඉගෙන ගන්නා ආකාරයටම මෙමගින්ද තමන්ගේ අධ්‍යයන කටයුතු පහසුවෙන් කරගත හැකි පරිදි මෙම මෘදුකාංග සකස් කර තිබීම මේ ව්‍යාපෘතියේ විශේෂත්වයක්..
මෙම ව්‍යාපෘතියේ මුල් පියවර වශයෙන් 11 වසර විෂය මාලාවට අයත් ගණිතය, විද්‍යාව, ඉතිහාසය සහ ඉංග්‍රීසි යන විෂයන්ට අයත් පෙළ පොත් මෙසේ අන්තර්ජාලය ඔස්සේ සහ සංගෘත තැට් ඔස්සේ හැදෑරීමට සිසුන්ට අවස්ථාව උදා වෙනවා..
අන්තර්ජාල පහසුකම් නොමැති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නැණසල මධ්‍යස්ථාන ඔස්සේ මෙම පහසුකම් ලබාගන්නත් ඉඩ කඩ සලසලා තියෙනවා.....
http://www.edupub.gov.lk එම වෙබ් අඩවියට අදාල ලිපිනයයි..
මේ ලිපිය share කරලා දන්න අයව දැනුවත් කරන්න කියලත් ඉල්ලීමක් කරනවා..
මොකද තාක්ෂණයත් එක්ක ඔට්ටුවෙන අපේම නංගිලා මල්ලිලාට මේක ගොඩාක් හොඳ අවස්ථාවක් වේවි..
0 comments:
Post a Comment