අප හා අත් වැල් බැදගන්න. .

Sunday, February 19, 2012

Windows 8 ට අභියෝග කරන Ubuntu 12.04 LTS සංස්කරණය

0 comments



Ubuntu මෙහෙයුම් පද්ධතියේ 12.04 LTS සංස්කරණය එළඹෙන අප්‍රේල් මස නිකුත් වේ. මෙම නව සංස්කරණය  පරිශිලකයාගේ විධාන මතකයේ තබා ගනිමින් වඩා පහසු  පරිඝණක අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි.
මෑතකදී අතහදා බැලීම් සඳහා නිකුත් වූ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය සමග මූලිකව හමුවන්නේ සම්ප්‍රදායික අතුරු මුහුනත නොවේ. මුහුනතින් මුහුනතට ඇතුලට ගොස් යමක් සොයාගැනීමේ පරිගණක අතුරු මුහුණත් කලාවට පැහැදිලි වෙනසක් එය ‍රැගෙන විත් තිබේ. එක් දෙසකින් සරල භාවිතය තුල එය සාර්ථක වුවද වඩාත් සංකීර්ණ වෙමින් පවතින වර්ථමාන භාවිතාවන් තුල “රුක්” ආකාරයේ  ගොනුකිරීම් ඔස්සේ යමක් සොයායාම අපහසුවක් ගෙනෙන්නක් බවට පත්වීම එයට හේතුවක් වන්නට ඇත.
පලවන නවතම ප්‍රවෘතින්ට අනූව උබුන්‍ටු ලිනක්ස් වල ඉදිරි සංස්කරනය සමගද එවන් වෙනසක් ‍රැගෙන එන්නට තීරනයවී ඇති බවටයි පැවසෙන්නේ.වසර 30 කට ආසන්න වයසැති සාම්ප්‍රධායික මෙනු රටාවන් වෙනුවට “වාචික සංවේදී මුහුනත්” ආදී  වෙනස් වඩාත් පහසු භාවිතාවන් ‍රැගෙන එන්නට සැලසුම් කර ඇති බවටයි පැවසෙන්නේ. syco.me හි අපට හැගීයන පරිදි මෙහිදී උබුන්ටු වැඩිදියුනු කරන්නන් විසින් ඉතා පැරණි “Command Interface” වෙත නව ආරයකින්, නව පහසුකම් රැසක් එක්කරමින් , Graphical User Interface (GUI) එකත් සමඟ සම්බන්දකර තිබේ . පහත වීඩියෝව ඒ ගැන පැහැදිලි කිරීමක් ගෙනෙනු ඇත.


It කතා වෙබ් අඩවිය තුළින් ආරම්බ කරන ලද Facebook Group තළින් තව දුරටත් ඹබගේ තාක්ෂණ දැනුම පුලුල් කර ගැනීමට අවස්ථාව අප විසින් සළසා දී ඇත. ඒ සදහා දැන්ම එකතු වන්න.

Facebook Group : http://www.facebook.com/groups/137165583020581/

මේ තුළින් ඹබගේ පරිගණක ඇසුරෙන් ඇති සියලුම ප්රශ්න වලට පිළිතුරු දීමට අපි බැදී සිටිමු.

0 comments:

Post a Comment

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top