අප හා අත් වැල් බැදගන්න. .

Sunday, February 19, 2012

ෆේස් බුක්,ගුගුල් ප්ලස් වෙනුවට මයික්‍රසොෆ්ට් වෙතින් so.cl

1 comments

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් සමාජ ජාලාවක් බිහිවනු ඇති බවට තොරතුරු පලවෙමින් පැවතුනේ කලක පටන්ය. විටක අහම්බෙන් මාධයන් වෙතට අත්හදා බැලීමේ මට්ටමේ පැවති වෙබ් අඩවියක් පිලිබදවද තොරතුරු පලවී තිබිනි. හි අපද ඒපිලිබඳව ඔබව “ෆේස්බුක්ට තවත් තරඟකරුවෙක් මයික්‍රොසොෆ්ට්ගෙන් “ලිපිය  මගින් දැනුවත්කලා මතක ඇතයි සිතමු.  පලවන නවතම වාර්ථාවලට අනුව මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය  “socl”  නමින් ෆේස්බුක් වෙබ් අඩවියට සමගාමී සමාජ ජාලාවක් හදුන්වා දී ඇති බවට තොරතුරු පලවේ. තවමත් අත්හදාබැලීම් මට්ටමේ පවතින මෙම වෙබ් අඩවිය තවත් එක් සමාජ ජාලයකට වඩා, සමාජ ජාල එකතුවක් ලෙස දියුනු වියහකි බව syco.me  හි අපගේ පුද්ගලික මතයයි. අප එසේ සිතනුයේ දැනටමත් ෆේස්බුක් හරහා මෙම අඩවියට සම්බන්ද විය හකි  බැවිනි .ඉදිරියේදී ටුයිටර්, ගූගල් + , ලින්ක්ඩ් ඉන්, මයිස්පේස්, ඩයස්පෝරා වැනි අනෙකුත් සමාජ ජාල අඩවිද මෙයට සම්බන්ද වෙනු ඇත. එවිට මෙම සමාජ ජාල අඩවි සියල්ලෙහිම සාමාජිකයෙකු වන අයෙකුට එම සියලු සමාජ ජාලයන් socl හරහා නඩත්තුකරගෙන යෑමට හැකිවනු අතැයි අප සිතමු.
තවමත් අත්හදා බැලීමේ මට්ටමේ පවතින මෙම වෙබ් අඩවියට http://www.so.cl ලිපිනය ඔස්සේ පිවිසිය හැකිය. දැනට සීමිතව ක්‍රියාත්මක මෙම අඩවිය නුදුරේදීම සැමට විවෘතවනු ඇති බව මයික්‍රොසොෆ්ට් ආයතනය පවසයි.



It කතා වෙබ් අඩවිය තුළින් ආරම්බ කරන ලද Facebook Group තළින් තව දුරටත් ඹබගේ තාක්ෂණ දැනුම පුලුල් කර ගැනීමට අවස්ථාව අප විසින් සළසා දී ඇත. ඒ සදහා දැන්ම එකතු වන්න.

Facebook Group : http://www.facebook.com/groups/137165583020581/

මේ තුළින් ඹබගේ පරිගණක ඇසුරෙන් ඇති සියලුම ප්රශ්න වලට පිළිතුරු දීමට අපි බැදී සිටිමු.

1 comments:

Post a Comment

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top