අප හා අත් වැල් බැදගන්න. .

Sunday, February 19, 2012

ඇපල් iOS 5 ඔබේ Windows පරිගණකයටත්

5 comments

ඇපල් iPhone 4S හෙවත් ඇපල් iPhone5 හි ආගමනයත් සමග කරලියට පැමිනි තවත් දෙයක් ලෙස ඇපල් හි නවතම ටැබ්ලට් මෙහෙයුම් පද්දතිය හෙවත් iOS 5 හදුන්වාදිය හැක. නමුත් අප සියලුදෙනාටම මෙම iOS5 සහිත iPad එකක් හෝ iPhone එකක් මිලදීගැනීමට තරම් වත්කමක් නොමැති බවින් එහි හැඩරුව වත් හරිහැටි දැක බලාගැනීමට නොහැක. ඒ හේතුව නිසාම අද syco.me හි අප ඔබට ලබාදීමට යන්නේ ඔබගේ Windows පරිඝ්ණකයේ පෙනුම iOS5 ලෙස වෙනස්කරගැනීමට හකියාව ලබාදෙන මෘදුකාන්ගයකි. මෙම මෘදුකාන්ගය ඔබගේ පරිඝණකයේ ස්තාපනය කරගත් පසු ඔබගේ Boot ස්ක්‍රීනයේ සිට සියලුදෑ iOS5 ලෙස වෙනස් වේ.
Download iOS Skin Pack (64 bit)
Download iOS Skin Pack (32 bit)







ෆේස් බුක්,ගුගුල් ප්ලස් වෙනුවට මයික්‍රසොෆ්ට් වෙතින් so.cl

1 comments

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් සමාජ ජාලාවක් බිහිවනු ඇති බවට තොරතුරු පලවෙමින් පැවතුනේ කලක පටන්ය. විටක අහම්බෙන් මාධයන් වෙතට අත්හදා බැලීමේ මට්ටමේ පැවති වෙබ් අඩවියක් පිලිබදවද තොරතුරු පලවී තිබිනි. හි අපද ඒපිලිබඳව ඔබව “ෆේස්බුක්ට තවත් තරඟකරුවෙක් මයික්‍රොසොෆ්ට්ගෙන් “ලිපිය  මගින් දැනුවත්කලා මතක ඇතයි සිතමු.  පලවන නවතම වාර්ථාවලට අනුව මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය  “socl”  නමින් ෆේස්බුක් වෙබ් අඩවියට සමගාමී සමාජ ජාලාවක් හදුන්වා දී ඇති බවට තොරතුරු පලවේ. තවමත් අත්හදාබැලීම් මට්ටමේ පවතින මෙම වෙබ් අඩවිය තවත් එක් සමාජ ජාලයකට වඩා, සමාජ ජාල එකතුවක් ලෙස දියුනු වියහකි බව syco.me  හි අපගේ පුද්ගලික මතයයි. අප එසේ සිතනුයේ දැනටමත් ෆේස්බුක් හරහා මෙම අඩවියට සම්බන්ද විය හකි  බැවිනි .ඉදිරියේදී ටුයිටර්, ගූගල් + , ලින්ක්ඩ් ඉන්, මයිස්පේස්, ඩයස්පෝරා වැනි අනෙකුත් සමාජ ජාල අඩවිද මෙයට සම්බන්ද වෙනු ඇත. එවිට මෙම සමාජ ජාල අඩවි සියල්ලෙහිම සාමාජිකයෙකු වන අයෙකුට එම සියලු සමාජ ජාලයන් socl හරහා නඩත්තුකරගෙන යෑමට හැකිවනු අතැයි අප සිතමු.
තවමත් අත්හදා බැලීමේ මට්ටමේ පවතින මෙම වෙබ් අඩවියට http://www.so.cl ලිපිනය ඔස්සේ පිවිසිය හැකිය. දැනට සීමිතව ක්‍රියාත්මක මෙම අඩවිය නුදුරේදීම සැමට විවෘතවනු ඇති බව මයික්‍රොසොෆ්ට් ආයතනය පවසයි.



It කතා වෙබ් අඩවිය තුළින් ආරම්බ කරන ලද Facebook Group තළින් තව දුරටත් ඹබගේ තාක්ෂණ දැනුම පුලුල් කර ගැනීමට අවස්ථාව අප විසින් සළසා දී ඇත. ඒ සදහා දැන්ම එකතු වන්න.

Facebook Group : http://www.facebook.com/groups/137165583020581/

මේ තුළින් ඹබගේ පරිගණක ඇසුරෙන් ඇති සියලුම ප්රශ්න වලට පිළිතුරු දීමට අපි බැදී සිටිමු.

ඇන්ඩ්‍රොයිඩ් සමඟ තරඟබිමට එන HP WebOS

0 comments



HP ආයතනය සිය නවතම ජංගම මෙහෙයුම් පද්ධතිය වන “webos”  මෙහෙයුම් පද්ධතිය විවෘත මෘදුකාංගයක් ලෙස මෘදුකාංග සංවර්ධකයින් වෙත නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු පලවේ. මෙම මෙහෙයුම් පද්ධතිය HP TouchPad Tablet පරිගණකයත් සමඟ ප්‍රථම වරට එළදැක්වූයේ නිදහස් මෘදුකාංගයක් ලෙස නොවේ. එම ආයතනය පවසන්නේ මෙම නිදහසත් සමඟ වැඩි සංවර්ධකයින් පිරිසකගේ දායකත්වයෙන් වඩා ඵලදායි, නව මෘදුකාංග යුගය සදහා වඩාත් ගැලපෙන මෙහෙයුම් පද්ධතියක් වනු ඇති බවයි.
කෙසේ වෙතත් විචාරක මතය වනුයේ මෙම නව මෙහෙයුම් පද්ධතිය ඇපල් iOS හෝ ගූගල් Android මෙහෙයුම් පද්ධති වලට එතරම් තර්ජනයක් නොවනු ඇති බවයි.

It කතා වෙබ් අඩවිය තුළින් ආරම්බ කරන ලද Facebook Group තළින් තව දුරටත් ඹබගේ තාක්ෂණ දැනුම පුලුල් කර ගැනීමට අවස්ථාව අප විසින් සළසා දී ඇත. ඒ සදහා දැන්ම එකතු වන්න.

Facebook Group : http://www.facebook.com/groups/137165583020581/

මේ තුළින් ඹබගේ පරිගණක ඇසුරෙන් ඇති සියලුම ප්රශ්න වලට පිළිතුරු දීමට අපි බැදී සිටිමු.

මයික්‍රො‍සොෆ්ට් ඔෆීස් මීළඟ සංස්කරණය “Offfice 15″

0 comments


මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන නිවේදනයකට අනූව ඔෆ්ෆීස්  මෘදුකාංග කට්ටලයේ මීලග නිකුතුවේ බීටා සංස්කරනයක්  මෙම වසරේ තෙවන කාර්තුවේදී නිකුත්වීමට නියමිත බවට කියවෙනවා. දැනට ඔෆ්ෆීස් 15 ලෙස සංකේත නාමයෙන් හදුන්වා ඇති මෙම  සංස්කරනය සමග මොබයිල් ක්ලවුඩ් ආදී දෙසට හොද නැබුරුවක් ‍රැගෙන එනු ඇති බවටයි බලපොරොත්තු පලවන්නේ.
ඔෆ්ෆීස් මෘදුකාංග නිකුත්වීමේදී මෙතෙක් පැවති සම්ප්‍රධාය අනූව නම් මෙම නව සංස්කරනය ඔෆ්ෆීස් 13 ලෙස නම් වන්නට ඉඩ ඇති බවටත් 2012 දෙසැම්බරයේ හෝ 2013 ජනවාරියේ අවසාන සංස්කරනය නිකුත්වන්නට ඉඩ ඇති බවටත්  පැවසෙනවා.
එපමණක් නොවෙයි මෙම නව ඔෆීස් සංස්කරණයත් සමඟ “Moorea” නම් මෘදුකාංගයක්ද ඇතුලත් වනු ඇති අතර එම මෘදුකාංගය මඟින් පුද්ගලික තොරතුරු හා දත්ත ඒකරාශි කොට තැබිය හැකි අවකාශයක් සලසා දෙන ඇත.
කෙසේ වෙතත් මෙම සංස්කරණය  තවමත් මුල් අවධියේ පවතින නිසා අවසන් නිර්මාණය පිළිබඳව පැහැදිලි අදහසක් ලබා දිය නොහැකි ය.

It කතා වෙබ් අඩවිය තුළින් ආරම්බ කරන ලද Facebook Group තළින් තව දුරටත් ඹබගේ තාක්ෂණ දැනුම පුලුල් කර ගැනීමට අවස්ථාව අප විසින් සළසා දී ඇත. ඒ සදහා දැන්ම එකතු වන්න.

Facebook Group : http://www.facebook.com/groups/137165583020581/

මේ තුළින් ඹබගේ පරිගණක ඇසුරෙන් ඇති සියලුම ප්රශ්න වලට පිළිතුරු දීමට අපි බැදී සිටිමු.

රියදුරන් රහිත ‘ගූගල් කාර්’ ලඟදීම මහජනයාට.

0 comments



තම ආයතනයේ රියදුරන් රහිත කාරය පිලිබද අත්හදා බලීම සැතපුම් 140,000 සම්පූර්න කර ඇති බව ගූගල් ආයතනය පවසයි. ඔවුන් පවසන්නේ තම ස්වංධාවක කාරය එක් විටකදී පමනක් අනතුරකට ලක්වූ මුත් එම අවස්ථාව පවා පදිකයාගේ වරදක් වූ බවත්ය. එම අවස්ථාවේ කාරය ස්වංධාවක තත්වයේ නොව රියදුරෙකුගේ පාලනය යටතේ පැවති බවත් ගූගල් ආයතනය පවසයි.
ගුවන් යානයක, බ්ලැක් බොක්ස්, දත්ත ‍රැස්කරන්නකට සමාන උපකරනයකින් සමන්විත මෙම වාහනය  ස්වංක්‍රීය අනාගතය පිලිබද තවත් තීර්නාත්මක හැරවුමක් වනු ඇති බවට විශ්වාසය පල වේ.
නෙවාඩා බලධාරීන් මෙම ස්වංධාවක රථයට අත්හදාබැලීමේ තත්වය යටතේ තම ප්‍රසිද්ධ මාවත් යොදාගැනීමේ අවස්ථාව ලබාදී ඇති බව පලවන නවතම වාර්තා සඳහන් කරයි. ඒ අනූව රත්පැහැ අංක තහඩු යටතේ අවශ්‍ය අවස්ථාවක වාහනයේ පාලනය සියතට ගැනීමට සූදානම් රියදුරෙකුද සමහ තවත් එක් සහයකයෙකු සමග ධාවනය වනු ඇත.
එම ප්‍රාන්ත බලධාරීන් හට තෘප්තිමත් මට්ටමක අත්හාදා බැලීම් පැමිනිය හොත් සාමන්‍ය භාවිතය සදහා මෙම නිෂ්පාදන නිකුත් කිරීමට සූදානමක්ද පවතී. එම ප්‍රාන්තයේ රෙගුලාසි අනූව සෑම විටම නාමික රියදුරෙකු යටතේ ධාවනය විය යුතු අතර වහනයේ හැසිරීමේ පූර්න වගකීම ඔහු විසින් දැරිය යුතුය.

Windows 8 ට අභියෝග කරන Ubuntu 12.04 LTS සංස්කරණය

0 comments



Ubuntu මෙහෙයුම් පද්ධතියේ 12.04 LTS සංස්කරණය එළඹෙන අප්‍රේල් මස නිකුත් වේ. මෙම නව සංස්කරණය  පරිශිලකයාගේ විධාන මතකයේ තබා ගනිමින් වඩා පහසු  පරිඝණක අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි.
මෑතකදී අතහදා බැලීම් සඳහා නිකුත් වූ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය සමග මූලිකව හමුවන්නේ සම්ප්‍රදායික අතුරු මුහුනත නොවේ. මුහුනතින් මුහුනතට ඇතුලට ගොස් යමක් සොයාගැනීමේ පරිගණක අතුරු මුහුණත් කලාවට පැහැදිලි වෙනසක් එය ‍රැගෙන විත් තිබේ. එක් දෙසකින් සරල භාවිතය තුල එය සාර්ථක වුවද වඩාත් සංකීර්ණ වෙමින් පවතින වර්ථමාන භාවිතාවන් තුල “රුක්” ආකාරයේ  ගොනුකිරීම් ඔස්සේ යමක් සොයායාම අපහසුවක් ගෙනෙන්නක් බවට පත්වීම එයට හේතුවක් වන්නට ඇත.
පලවන නවතම ප්‍රවෘතින්ට අනූව උබුන්‍ටු ලිනක්ස් වල ඉදිරි සංස්කරනය සමගද එවන් වෙනසක් ‍රැගෙන එන්නට තීරනයවී ඇති බවටයි පැවසෙන්නේ.වසර 30 කට ආසන්න වයසැති සාම්ප්‍රධායික මෙනු රටාවන් වෙනුවට “වාචික සංවේදී මුහුනත්” ආදී  වෙනස් වඩාත් පහසු භාවිතාවන් ‍රැගෙන එන්නට සැලසුම් කර ඇති බවටයි පැවසෙන්නේ. syco.me හි අපට හැගීයන පරිදි මෙහිදී උබුන්ටු වැඩිදියුනු කරන්නන් විසින් ඉතා පැරණි “Command Interface” වෙත නව ආරයකින්, නව පහසුකම් රැසක් එක්කරමින් , Graphical User Interface (GUI) එකත් සමඟ සම්බන්දකර තිබේ . පහත වීඩියෝව ඒ ගැන පැහැදිලි කිරීමක් ගෙනෙනු ඇත.


It කතා වෙබ් අඩවිය තුළින් ආරම්බ කරන ලද Facebook Group තළින් තව දුරටත් ඹබගේ තාක්ෂණ දැනුම පුලුල් කර ගැනීමට අවස්ථාව අප විසින් සළසා දී ඇත. ඒ සදහා දැන්ම එකතු වන්න.

Facebook Group : http://www.facebook.com/groups/137165583020581/

මේ තුළින් ඹබගේ පරිගණක ඇසුරෙන් ඇති සියලුම ප්රශ්න වලට පිළිතුරු දීමට අපි බැදී සිටිමු.

Friday, February 17, 2012

Facebook Timeline ඉවත් කරමු Firefox හා Chrome සදහා.

0 comments
Firefox




1. මුලින්ම මේ ලින්ක් එකට යන්න User-Agent Switcher For Firefox.

2. Once installed go to Tools –> Default User Agent –> Internet Explorer –> Internet Explorer 6.
( Use Internet Explorer 7 if chat is not working in Internet Explorer 6 )
Disable Facebook Timeline On Firefox


3. දැන් page එක Refresh කරල බලන්න. වැඩේ හරි.


Chrome 

1. මුලින්ම මේ ලින්ක් එකට යන්න User-Agent Switcher For Chrome.

2.Once installed you will see this icon on the upper-right of your Chrome browser.
Disable Facebook Timeline






3.Click on the icon shown in above step and select Internet Explorer 6 as shown below.
Disable Facebook Timeline


















4.දැන් page එක Refresh කරල බලන්න. වැඩේ හරි.


-----------------------------------------------------------------------------------------------------------------------------------

It කතා වෙබ් අඩවිය තුළින් ආරම්බ කරන ලද Facebook Group තළින් තව දුරටත් ඹබගේ තාක්ෂණ දැනුම පුලුල් කර ගැනීමට අවස්ථාව අප විසින් සළසා දී ඇත. ඒ සදහා දැන්ම එකතු වන්න.

Facebook Group : http://www.facebook.com/groups/137165583020581/

මේ තුළින් ඹබගේ පරිගණක ඇසුරෙන් ඇති සියලුම ප්රශ්න වලට පිළිතුරු දීමට අපි බැදී සිටිමු.

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top