අප හා අත් වැල් බැදගන්න. .

Saturday, November 5, 2011

ඹයාලගෙ G-mail Account එක හදපු දවස කවද ද?

1 comments

ඔයාලට ඔයාලගේ Gmail account එක පටන් ගත්ත දවස මතකද???මටනම් මතකයි.අමතකනම් බලාගන්නකෝ..........


01- Gmail account එකට log වෙන්න.


02- Mail settings වලට යන්න.


03- Forwarding and POP/IMAP වලට යන්න.මෙන්න මෙතන ඇති ඔයාට උවමනා දේ...



මෙමෙ දිනය රහසිගතව තියාගන්න.කිසි කෙනෙකුට කියන්න එපා.....

ඹබේ ලැප් එක ආරක්ෂා කර ගන්න......

0 comments
ඔබ ලැප්ටොප් එකක් භාවිතා කරනවානම් පහත කරුණු ගැන සැලකිලිමත් වන්න

 ලැප් එක ඇඳ උඩ තියාගෙන පාවිච්චි කරන්න එපා. එවිට යට තියෙන වාතකවුලු වැසී එහි තාපය පිටතට යා නොහැකි වෙනවා. එවිට ඇතුලේ ඇති කොටස් රත් වෙලා හානි වෙන්න පුළුවන්.

 එහි පියන වැසූ පසු එය ක්‍රියාකාරී තත්වයේම තියෙන ලෙස සකසන්න එපා. එය ස්ලීප් හෝ හයිබනේට් හෝ ෂට් ඩවුන් වෙන්න සකසා ගන්න.

 බොහෝ වෙලාවක් පාවිච්චි කල පසු එහි පියන වසා බෑග් එකට නොදමන්න. එහි රස්නය මදක් හෝ අඩුවන තුරු පියන විවෘත කර තබන්න.

 එහි තිරය ඇගිල්ලෙන් හෝ වෙනත් දෙයකින් ඔබන්න එපා. එයට බර පැටවෙන්න දෙන්න එපා.

 එහි තිරය පිරිසිදු කරන විට පිරිසිදු ආසුත ජලයෙන් එය පිස දැමීම සඳහා සුදුසු රෙදි කෑල්ලකින් පොගවා පිරිසිදු කරන්න. නැතිනම් පිරිසිදු කාරක ද්‍රාවණයක් මිලදී ගන්න. වෙනත් කිසිදු ද්‍රාවණයක් ඉතා හොඳ අනුදැනුක් සහිත කෙනෙකුගේ නිර්දේශයක් නොමැතිව භාවිතා නොකරන්න.

එහි යතුරු පුවරුවේ ඇති යතුරු මතට වේගයෙන් තඩි බාන්න එපා. එය ඉතා සෙමෙන් ඔබන්න.

දැඩි හිරු රශ්මියට හෝ පින්නට ආවරණය කරන්න එපා.

ඩී වී ඩී ධාවකය මත කිසිදු සංයුක්ත තැටියක් තබන්න එපා, සංයුක්ත තැටිය භාවිතා කල පසු එය ධාවකයෙන් ඉවත් කරන්න.

බ්ලුටූත් වයි ෆයි අවශ්‍ය නොමැති විට ක්‍රියාවිරහිත කර තබන්න.

ඔබ බැටරියෙන් වැඩ කරනකොට එය වැඩි වෙලාවක් තබා ගැනීමට එහි තිරයේ එලිය හැකිතරම අඩු කරන්න.

Friday, November 4, 2011

"ජංගම දුරකථන යෙන් පරිගණකය නිදිකරමු"

3 comments
මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් නිදිකරවල (shutdown) දාන හැටි 

 

අවශ්‍ය කරන දේවල් 

 

i. ඊමේල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )

 

ii.ඊමේල්ගිණුමක් 

 

iii.පරිගණකයක්

 

iv.Outlook express මෘදුකාංගය 

 

v. අන්තර්ජාල පහසුකම.

 

 

 

01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ටයිප් කරගන්න  c:\windows\system32\shutdown -s -f -t 00 ඊට පස්සේ  එක shutdown.bat කියලා Save කරගන්න 

 

02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ ඊමේල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන විදිහ tools >> Options >>mail setup >> send/recive >>  ඊට පස්සේ ඔයාට ඕනි විදිහකට එක වෙනස් කරගන්න)

 

03. ඊට පස්සේ outlook එකේ tools >> send/recive >> send/recive setings >> difine send/recive grup එක ගන්න එකේ Schedule an automatic send/receive every එකට හරිය දාගන්න 

 

04. දැන් tools >> Rules and Alerts >> options >> Import Rules දැන් අපි හදාගත්තු අර .bat file එක තෝරාගන්න 

 

05. දැන් ඔයාගේ ජංගම දුරකතනයෙන් ඔයාලගේ E-Mail ගිණුමට shutdown හරි  smsshutdown%%කියන Subject එක දාල ඊමේල් එකක් එවන්න  ඔයාලගේ පරිගණකය shutdown වේවි 

 

*******02. පියවරේදී අපි දාපු විනාඩිය වෙනුවට ඕනෙම වෙලාවක් දාන්නන පුලුවන් ඒ දාන වෙලාව අනුව තමා ඊමේල් ඒකෙන් කොච්චර වෙලාවකට පස්සෙද shutdown වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ 

උදා : විනාඩි 4.ක්‌ දැම්මොත් ඊමේල් ඒකෙන් විනාඩි 4.කට පස්සේ තමා පරිගණකය shutdown වෙන්නේ 

හැමෝම ට්‍රයි කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා 




Sunday, September 11, 2011

නැනෝ තාක්ෂණය ගැන ඹබ දන්නවද ?

1 comments

INTRODUCTION TO නැනෝ තාක්ෂණය

whatisnano_sinhala

ජංගම දුරකථන නිසා පිළිකා හැදෙනව ද?

3 comments
ජංගම දුරකථන යනු අද වන විට ලෝකයේ ඉතා ජනප්රිය කාටත් නැතුවම බැරි උපකරණයකි. ප්රංශ වෛද්‍යවරැන් කණ්ඩායමක් විසින් ළගදී කරන ලද පර්යේෂණයක ට අනුව ජංගම දුරකථන නිසා පිළිකා වැළදීමේ අවදානම වැඩි බව හදුනාගෙන ඇත.

   මේ පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ වසර 10 කට වඩා වැඩියෙන් ජංගම දුරකථන භාවිත කළ පුද්ගලයන් ට පිළිකා වැළදීමේ අවදානම ඉතා ඉහළ අගයක් ගන්නා බවයි. මෙමගින් මොළය, කන, මුඛය, ආශ්රිත පිළිකා වැළදීමේ අවදානම ඉතාමත් වැඩිය. ජංගම දුරකථනවල ඇති විකිරන මෙයට ප්රධාන හේතුව ලෙස ඹවුන් දක්වා ඇත ජංගම දුරකථන සංඤ්ඤා කුලුණු වැඩි වීම මෙයට බලපා ඇති බව වෛද‍්‍ය කණ්ඩායම සොයා ගෙන ඇත.

      ඉනෙහි තම ජංගම දුරකථනය තබා ගෙන සිටින පුද්ගලයින් ට ලිංගික ප්රදේශය ආශ්රිත පිළිකා වළදීමේ අවදානමක් ද කමිස සාක්කුවේ ජංගම දුරකථනය තබා ගෙන යන පුද්ගලයින් ට පපු ප්රදේශය  ආශ්රිත පිළිකා වැළදීමේ අවදානමක් පවතින බවද මෙම වෛද්‍ය කණ්ඩායම වැඩි දුරටත් හදුනාගෙන ඇත.

      පිළිකාවක් කල්තියා හදුනාගැනීමට නොහැකි වන්නේ එය වර්ධනය වීම ට වසර 20 - 30 අතර කාලයක් ගත වන බැවිනි.

    එම නිසා ජංගම දුරකථන භාවිත කරන්නේ නම් මේ පිළිබදව සැළකිලිමත් වීම ඉතා වැදගත් වේ.
ජංගම දුරකථනය නිතරම ළග තබා ගැනීමෙන් වළකින්න. වාහනයේ ඉදිරිපස හෝ කාර්යයාල මේසය මත හෝ ජංගම දුරකථනය තබා ගැනිම සුදුසු වේ. මෙමගින් අනාගතයේ ඇති විමට තිබෙන මාරාන්තික රෝගයකින් බේරි සිටීමට ඹබට හැකි වනු ඇත.

අප හා අත් වැල් බැදගන්න. ඹබේ තොරතුරු තාක්ෂණ දැනුමට මහගු පිටිවහලක්...........

0 comments
ඹබගේ තාක්ෂණික ගැටලු අප වෙත යොමු කරන්න. ඹබගේ දැනුම අප හා බෙදා ගැනීමට මෙය මහගු පිටිවහලක් වනු ඇත. ඹබ Facebook යන්නෙ නිකරැනේ කාලය ගත කිරීමට ද එය ප්රයෝජනවත් ලෙස ගත කිරීමට අප හා එක්වන්න.

http://www.facebook.com/groups/137165583020581/

 

Monday, September 5, 2011

Phone එකට සිංහල fonts එකක් දාමු.

0 comments




මේක Nokia 5800 වර්ගයේ එකක්. Nokia Symiban phone බොහෝමයක් සිංහල support කරන්නේ නැහැ.

අපිට කරන්න පුලුවන් මෙකට සිංහල font එකක් දාලා අකුරු ටික යන්තම් බලගන්න හදගන්න. එත් rendering නම් හොද නැහැ. (Symbian OS 9.x, S60 3rd edition හො 5th edition phone වලට font එකක් දාගන්නේ මෙහෙමයි.

(1)මුලින්ම දාන්න ඕනා font එක තොරගන්න. මේ ෆොන්ට් එකට සිංහල, ඉන්ග්‍රීසි අකුරු ඔක්කොම තියෙන එකක් තොර ගන්න. නැත්නම් ඉන්ග්‍රීසි අකුරු පේන්නෙ නැතුව යයි. මම මේකට "ඉස්කොලෙ පොත" (iskpota.ttf) එක තොරා ගත්තා

(2)දැන් phone එක "Mass storage" විදිහට පරිගණකයකට සම්බන්ද් කරන්න.

(3)ඊලගට phone එකේ external memory card එකේ resource\Fonts යනුවෙන් folder සාදාගන්න [resource ඇතුලෙ Fonts folder එක]. මේ Fonts folder එකට iskpota.ttf file එකන් copy 4ක් අරගෙන පහන නම් වලට rename කරන්න

(i) s60snr.ttf
(ii) s60ssb.ttf
(iii) s60tsb.ttf
(iv)S60ZDIGI.ttf

මේ පියවර අවසානයේ එකම file එකේ copy 4 ක් නම් 4 කින් තියෙන්න ඕනා.

දැන් phone පරිගණකයෙන් ගලෙවා restart කරන්න. එතකොට අලුත් font එකෙන් සියලු අකුරු පේන්න ඕනා.
දැන් Techකතා site එක පෙන්නෙ මේ විදිහට.

මේක Internal memory පමණක් ඇති phone වලට කරන්න එපා. Font නැවත පර්ණ් එකට යන්න internal memory format කරන්න වෙන්න පුලුවන්.

Externel memory තියෙන phone එකේ memory card එක ගලවා restart කිරීමෙන් පරණ font එක restore කර ගන්න පුලුවන්.
ඊළග ප්‍රෂ්ණය තමයි සිංහල අකුරු type කරන එක. මේකට තියෙන ක්‍රමය තමයි UCSC එසැනින් පරිවර්තකය හෝ යතුරු පුවරුව පාවිච්චි කරන එක. (not 100% good and easy).

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top