අප හා අත් වැල් බැදගන්න. .

Saturday, July 23, 2011

Laptop batter භාවිතා කරන නිවැරදි ක්‍රමය !

7 comments




### දැනට බොහෝ දෙනා laptop බාවිතා කරන අතර , මෙය නිවැරදිව ආරූපනය නොකිරීම නිසා බැටරිය ඉතා ඉක්මනින් විනාශකාරී වේ…

1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?
2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක ආරෝපණය කල හැකිද?
3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද?
4. සම්පුර්ණ ආරෝපණය වූ බැටරිය , විදුලියට සන්බන්ද කර පාවිච්චි කිරීම වරදක්ද?

මෙන්න මේවා තමයි අපේ කස්ටියට තියන ගැටලු
මේවා ගැන ගොඩක් දුර්මතත් තියනවා 
අපි බලමු මේගැන ඇත්ත මොකක්ද කියලා? 

මෙන්න theory part එක

  • 1. තාපය (heat)
උෂ්ණත්වය අඩු කිරීමෙන් ආයු කාලය වැඩිවේ. 

කිසිම අවස්ථාවක අධික උෂ්ණත්වයක් ඇති තැන්වල (උදා -අව්වේ ඇති වාහනයක් තුල.) නොතබන්න. (හැකිනම් වැඩ කරන විටදී cooling pad 1k පාවිච්චි කරන්න)
උශ්නත්වය වැඩි වූ විටදී බැටරියේ විසර්ජන වේගය වැඩි වන අතරම ක්ෂය වීමද වැඩිවේ. 
වායු සමීකරණය කළ ස්ථාන වල භාවිතය ද ප්‍රයෝජනවත්ය. 
ඇඳන් උඩ තබා යන්ත්‍රයේ තාපය ඉවත් කිරීමේ ක්‍රියාවළිය අඩපණ කිරීම නොකළ යුතුය.
තවත් උපක්‍රමයක් නම් ඔබගේ යන්ත්‍රය ගෘහ විදුලියෙන් පමණක් ක්‍රියා කළ හැකිනම් බැටරිය ගලවා ඉවත් කර එය සීතල ස්ථානයක තැබීමයි. (සමහර යන්ත්‍ර මෙසේ භාවිතා කළ නොහැක. )
මෙය ලංකාවට උචිත නොවිය හැක්කේ නිතරම විසන්ධි වන විදුලිය නිසාවෙනි.

  • 2. විසර්ජනය (discharge)

බැටරිය මඳ වශයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්‍රතිශතය අඩුවේ. 
එහෙත් එය සම්පූර්ණයෙන් 100% විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්‍රතිශතය ඉතා වැඩිය. 

උදා - 100% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ.

මේ නිසා බැටරිය සම්පූර්ණයෙන්ම (100%) විසර්ජනය වනතුරු භාවිතා කරන වාර ගණන හැකිතාක් අඩු කළ යුතුය. 
පැරණි බැටරි වර්ග මෙන් ලිතියම්-අයන් බැටරි වල memory effect නම් සංසිද්ධිය නැත. මේ නිසා ඒවා කාලයෙන් කාලයට සම්පූර්ණයෙන් විසර්ජනය කිරීම ඵල රහිතය. 
සමහර අවස්ථා වල ඔබගේ බැටරිය 99% පමණ ආරෝපණය වී නැවතී ඇති බවක් පෙනේ. මෙය එතරම් දරුණු තත්වයක් නොවේ. මෙහිදී බැටරිය re-calibrate කළ යුතුය. 
මේ සඳහා එය සම්පූර්ණයෙන් විසර්ජනය නොකොට 20-30% පමණ වන තෙක් විසර්ජනය වීමට ඉඩදී (නැතහොත් ස්වයංක්‍රීයව යන්ත්‍රය shut down වන තෙක්) නැවත ආරෝපණය කර ගන්න. 
මේ ක්‍රියාව කාලයෙන් කාලයට කිරීමට අවශ්‍ය නම් එය මාස 2-3 කට වරක් කරන්න. 
අමතරව ලැප්ටොප් යන්ත්‍රයේ power management software එක භාවිතයට ගන්න. 

  • 3. ගබඩා කිරීම (storing) 
දිගු කාලයක් ලැප්ටොප් පරිඝනකය භාවිතා නොකිරීමට සිදු වන්නේ නම් බැටරිය ගලවා සීතල වියළි ස්ථානයක් තබන්න. 
මෙහිදී ආරෝපණ තත්වය 40% පමණවත් විය යුතුය. මීට වඩා අඩුවට ආරෝපණය කර තැබීමෙන් හානිය වැඩිවේ. (100% ක් ආරෝපණය නොකළ යුතුය. 40% අගය වඩාත් සුදුසු බව සොයා ගෙන ඇත)

ඔන්න ඔහොමයි සුද්දො නම් කියලා තියෙන්නෙ

දැන් ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න ඇති නේද?


1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?  + 2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක ආරෝපණය කල හැකිද?

full  discharge වීමට පෙර charge කරන්න
(00% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ)

දැන් භාවිතා වන ලිතියම්-අයන් බැටරි වල memory effect නම් සංසිද්ධිය නැත
ඒක නිසා බක පන්ඩිතයන් කියන ඒවා අහන්න එපා 

3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද?

කැමති ගානක් charge කොර ගන්න. එත් කෙලින්ම විදුලියට සම්බන්ද කරලා use කරන එක වඩාත් හොදයි. එක battery එකේ life time එකට ඒ කියන්නේ ජීවන කාලයට බලපානවා. අඩු වතාවක් charge කරලා අනිත් හැම වෙලාවේම ප්‍රධාන විදුලියට සම්බන්ධ කරලා use කරන එක තමයි මමත් පිළිපදින යෝග්‍යම ක්‍රමය මම හිතන්නේ.

4. සම්පුර්ණ ආරෝපණය වූ බැටරිය , විදුලියට සන්බන්ද කර පාවිච්චි කිරීම වරදක්ද?

කිසිම අවුලක් නෑ. එහෙම තමයි කරන්න ඕන බැටරිය දිගු කාලයක් භාවිත කරන්න ඕන නම්. එතකොට වෙන්නේ බැටරිය 100% ක්ම charge වෙලා ප්‍රධාන විදුලියෙන් සාමාන්‍ය පරිගණකයක් වගේ වැඩ කරන එක.


හැකි සෑම විටම ලැප්ටොප් පරිගණකය ප්‍රධාන විදුලියෙන් භාවිතා කරන්න.
එහෙත් සතියකට හෝ මාසයකට වතාවක් බැටරිය 100% සිට 10% දක්වා discharge වෙනතුරු ලැප්ටොප් පරිගණකය ප්‍රධාන විදුලියෙන් විසන්ධි කර බැටරියෙන් use කරන්න.
එසේ කල යුත්තේ බැටරිය නැවත ආරෝපණය වීමේ චක්‍රය නිවැරදිව සිදී විය යුතු නිසාත් - එසේ කිරීමෙන් එම බැටරිය දිගු කාලයක් අවුලක් නැතිව භාවිත කිරීමට හැකි වන නිසා ය.

7 comments:

Post a Comment

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top