ආයුබෝවන්!

මම අද ඔයාලට Intel සමාගම විසින් නිෂ්පාධනය කරන Sandy Bridge ප්‍රොසෙසරය ගැන කියන්නයි යන්නෙ,


පරිගණකයක තිබෙන වැදගත්ම උපාංගය කුමක්දැයි ඔබගෙන් ඇසුව හොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද? ඒ ප්‍රොසෙසරයයි. පරිගණකය අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලීන් සියල්ලම පාලනය කරන පාලන මධ්‍යස්ථානය වශයෙන් සැලකෙන්නේ පරිගණකය මධ්‍ය සැකසුම් ඒකකය හෙවත් ප්‍රොසෙසරයයි. ප්‍රොසෙසර් පිළිබදව සාකච්ඡා කිරීමේදී අපගේ මතකයට නිතැතින්ම නැගෙන නාමයක් තිබෙයි. ඒ Intel සමාගමයි. විවිධ මිළ ගණන් යටතේ හා විවිධ කාර්‍යක්ෂමතාවයෙන් යුත් ප්‍රොසෙසර මාදිලීන් ගණනාවක් වෙළදපොළට හදුන්වාදීමට ඉන්ටෙන් සමාගම සමත්ව ඇත. ප්‍රොසෙසරවලට අමතරව ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් පරිගණක මාදිලි කිහිපයක්ම මෙම සමාගම විසින් මේ වනවිට හදුන්වාදී තිබේ. ඉන්ටෙල් සමාගමේ නවතම ව්‍යාපෘතිය Sandy Bridge ලෙස නම් කර ඇත.



මේ යටතේ X58 platform එක අනුගමනය කරමින් නවතම ප්‍රොසෙසරයක් පසුගියදා ඉන්ටෙල් සමාගම විසින් හදුන්වා දෙන්නට යෙදිණි. මෙය Core i7 ප්‍රොසෙසරය සදහා යොදාගත් තාක්ෂණයට යොදාගෙන එය තව දුරටත් වැඩි දියුණු කර සාදන ලද ප්‍රොසෙසරයකි. මෙම නව ප්‍රොසෙසරය Sandy Bridge ප්‍රොසෙසරය ලෙස හැදින්වේ. මෙයට පෙර ඔවුන් විසින් හදුන්වාදුන් ප්‍රොසෙසර සියල්ලටම වඩා වැඩි කාර්යක්ෂමතාවයක් හා අඩු විදුලි බලයකින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් මෙයට තිබෙයි. Sandy Bridge ප්‍රොසෙසරය නැනෝමීටර 32 තාක්ෂණය යටතේ නිපදවන ලද ප්‍රොසෙසරයකි. මෙය Dual-Core Pentium හා Core i3, Corei5, Core i7 යන මාදිලි කිහිපයකින් ලබාගත හැකියි.

මෙම නව ප්‍රොසෙසරයේ ඇති විශේෂත්වය වන්නේ මෙහි ප්‍රොසෙසර චිපය තුළම අඩංගු වන සේ වෙනම ග්‍රැෆික් චිපයක්ද අන්තර්ගත වීමයි. මේ නව ග්‍රැෆික් චිපයට ප්‍රොසෙසරය සතු සම්පත් කෙලින්ම ප්‍රයෝජනයට ගත හැකිය. මේ නිසා පරිගණකය සතු ගැෆික් හැකියාව දැවැන්ත ලෙස ඉහල යන අතර අධි-වීභේදන වීඩියෝ සහ ඉමේජ් ප්‍රොසෙසින් ආදී කටයුතු වලදී අධි-කාර්‍යක්ෂමතාවයකින් යුතුව කටයුතු කළ හැකිය.

Intel Quick Sync Video, HD Graphics යන නවීන තාක්ෂණයන්ට සහාය දන්වන ආකාරයෙන් මෙම ප්‍රොසෙසරය නිර්මාණය කර තිබේ. මේ නිසා වීඩියෝ සංස්කරණය වැනි කාර්යයන් වැනි සදහා මෙම ප්‍රොසෙසරය හොදින් සහාය දක්වයි. නමුත් වර්ථමානයේ භාවිතා වන මව් පුවරුවලට මෙම ප්‍රොසෙසරය සවිකළ නොහැකිය. එයට හේතුව වන්නේ මෙය සවි කිරීමට වෙනම සොකට් එකක් හා මව්පුවරුවේ වෙනම චිප්සෙට් එකක් තිබිය යුතු වීමයි. DDR 3 තාක්ෂණය සහිත මව් පුවරුවක් ඔබගේ පරිගණකයේ නැතිනම් මෙම ප්‍රොසෙසරය සවිකළ නොහැකියි. මෙම ප්‍රොසෙසරය වෙනුවෙන් නිර්මාණය කරන ලද මව්පුවරුවක් SATA 6G තාක්ෂණයට සහාය දක්වන එකයි. එමෙන්ම USB 3.0 තාක්ෂණයට මෙම මව්පුවරුව සහාය දක්වයි. මේ නිසා වැඩි වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් ඇත.

මෙවන් මව්පුවරුවල තිබෙන වැදගත්ම ලක්ෂණය වන්නේ වැඩි කාර්යක්ෂමතාවයයි. Sandy Bridge ප්‍රොසෙසරය සහිත මව්පුවරුවක් තිබෙන පරිගණකයක් සෙසු පරිගණකවලට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් එකකි. නමුත් මෙම මව්පුවරුවල මිළ සෙසු මව්පුවරු සමග සසදා බැලීමේදී සාපේක්ෂව අඩුයි.

ඉන්ටෙල් සමාගමින් නිෂ්පාදිත වෙනත් ප්‍රොසෙසර සමග සසදා බැලීමේදී Sandy Bridge ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය කෙසේදැයි පහතින් දැක්වෙන පින්තූර වලින් පහසුවෙන් අවබොධ කරගත හැකිය.




මේ අනුව විඩියෝ සංස්කරණය හා ත්‍රිමාණ සජීවීකරණය වැනි කාර්යයන් සදහා මනා සහායක් මෙම Sandy Bridge ප්‍රොසෙසරයෙන් ලබාදෙන බව තීරණය කිරීමට පුළුවන. අඩු විදුලි බලයක් භාවිතා කරමිව් අඩු තාපයක් ජනනය කරමින් ක්‍රියාත්මක වන ප්‍රොසෙසරයක් වන මෙය වර්තමානයේ පරිගණක ක්‍රීඩා හා ග්‍රැෆික් නිර්මාණකරණයේ නියැලෙන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය ප්‍රොසෙසරයක් වශයෙන්ද හැදින්වීමේ වරදක් නැත. අනාගතයේ පරිගණක ක්ෂේත්‍රය වෙනස් කරන නිර්මාණයක් ලෙසින් මේ ප්‍රොසෙසරය තාක්ෂණවේදීන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

Intel සමාගමි විසින් නිෂ්පාදිත Sandy Bridge ප්‍රොසෙසරය සදහා මව් පුවරු නිෂ්පාධනයට Asus සමාගම සමත්ව සිටිනවා පහතින් දැක් වෙන්නේ එහි ඡායාරූපයන් ය.


මෙතනට ගිහින් බලන්න Intel Sandy Bridge Core i7 2600K Quad Core CPU Review (DP67GB Burrage) ප්‍රොසෙසරය ගැන වීඩියෝවක් තිබෙනවා http://www.youtube.com/watch?v=cgnDc5OqF-A


තව දෙයක් මෙතන තියෙනවා Intel Sandy Bridge processer එක overclocker කරගන්නේ කරගන් විදිහ සහ ඉන්පසු කොහොමද මෙහි ක්‍රියාකාරිත්වය කියල දැන ගන්න පුලුවන් http://www.overclockers.com/intel-i7-2600k-sandy-bridge-review