අප හා අත් වැල් බැදගන්න. .

Monday, May 16, 2011

අප හා අත් වැල් බැදගන්න. ඹබේ තොරතුරු තාක්ෂණ දැනුමට මහගු පිටිවහලක්...........

0 comments
It Katha Blog අඩවිය විසින්ම සකසන ලද facebook Group සමග සමිබන්ධ වී ඹබගේ තොරතුරැ තාක්ෂණ දැනුම අප හා බෙදා ගන්න. http://www.facebook.com/home.php?sk=group_137165583020581&ap=1




 "ඹබ හට එදිනෙදා ඇතිවන ගැටලු අප වෙත ඉදිරිපත් කරන්න. ඒවාට පිළිතුරැ සැපයිමට අපි සැමවිට ම බැදී සිටින්නෙමු. (Computer or Technology or Internet & Other) "

Tuesday, March 15, 2011

Gmail account දෙකකට එකවර එකම browser එකකින් log වෙන්න.

1 comments
මෙකනම් gmail account දෙකකට වඩා තියෙන අයට හොද ආරංචියක් වෙයි. මේකෙදි එකම වේලාවේ එකම web browser එකකින් gmail account දෙකකට ලොග් වෙන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ ලින්ක් එකට ගිහින් google account ඔයා කැමති account එකකට sign in වෙන්න ඊට පස්සේ. Multiple sign-in තැන click කරන්න.


දැන් පහත පරිදි window එකක් ලැබේයි. එතනින් මේ feature එක on කරන්න. හැබයි මතක තබාගත යුතු කරනා කිපයක් තියෙනවා.

1.Google සේවා සියල්ලම මේ ක්‍රමය සමග වැඩ කරන්නේ නැහැ.(Blogger and Picasa Web Albums)
2.මේ feature එක වැඩ කරන්නේ ඩෙස්ක්ටොප් web browser එක්ක විතරයි (mobile phone වල browser එක්ක වැඩ නැහැ.



අවසන් වශයෙන් save button එක මත click කරන්න.

(නිමන්තගේ සටහන් )

Wednesday, March 9, 2011

How to Recover Hacked Email Accounts?

3 comments
මම කලින් post ගණනාවකදිම ඔයාලට කිව්වා කොහොමද අපේ gmail , Yahoo වගේ account Hack වෙන්නෙ සහ ඒවා වලක්වා ගන්නෙ කොහොමද කියලා. ඒත් අපේ අයගෙ තියන නොසැලකිලිමත්කම නිසා ගොඩක් අයගේ account තාමත් Hackවෙනවා.මගේ google account එක ගත්තොත් එකෙන්ම තමයි මගේ adsense publisher, Google alerts subscriber, blogspot blogger, Google docs user, Google analytics, Google knol publisher, google friend connect, orkut member, Google talk , Google maps , feedburner publisher සහ තවත් බොහෝ වෙනත් account රාශියක් ක්‍රියා කරන්නෙ. ඉතින් බැරි වෙලාවත් මගේ gmail එක කවුරු හරි Hack කරලා මගේ password වෙනස් කරලා තිබුනොත් sorry තමයි මොකද මට එහෙම උනොත් මගේ ඉහත කී එක site එකකටවත් යන්න බැරි වෙනවා.මට නම් ඒක හිතනකොටත් මොකද්ද වගේ ඉතින් මේ වගේ වෙලාවක කවුරු හරි අපේ account එක Hack කරලා තිබුනොත් අපි එකෙන් ආරක්ෂාවෙන්නේ කොහොමද ,අපි අපේ Account එක නැවත ගන්නෙ කොහොමද කියන එක කියලා දෙන්න තමයි අද හදන්නේ.
තවදෙයක් තමයි අපිට හිතෙනවනම් අපේ account එකට තව කෙනෙක් log in වෙනවා කියලා අපිට ඒක හරියටම gmail වල නම් පහත රූපසටහනේ පරිදි තියන last account activities වල detail මගින් දැන ගන්න පුලුවන් එතනින් අපේ account එකට login වුනු හැම කෙනෙක්ගෙම IP සහ ඒ අයlog in වුනු වෙලාව පහත පරිදි සටහන් වෙනවා. හරි දැන් අපි අපේ මුලින් කී දේ ගැන බලමු.

  1. G-mail සඳාහා
Gmail වලටනම් අපේ account එක recovery කරගන්න පුලුවන් ක්‍රම දෙකක් තියනවා.පලමු ක්‍රමේ තමයි මෙතනට ගිහින් password එක reset කරන එක මෙතන මුලින්ම එන්නෙ අපිට අපේ password reset කරනgmail එක දෙන්න.

ඊට පස්සෙ අපිට ලැබෙන්නේ මේ window එකමෙතනදි තමයි අපිට අපි අපේ google account එකේ password recovery options ටික වැදගත් වෙන්නෙ ඉතින් ඔයාල කියවල බැලුවොත් තේරෙයි අපිට password reset කරන ලින්ක් එක, අපි අපේ google account එකේ දීපු recovery email address එකට තමයි යවන්නේ.මෙතනදි තියන වාසිය තමයි අපේ account එක වෙන කෙනෙක් password reset කරන්න හැදුවත් අපිට ඒක දැනගන්න පුලුවන් වෙන එක. ඉතින් අපි අපේ recovery email address එක විදියට වෙනස් password එකක් යොදාගත්තු account එකක් භාවීතා කිරීම ඉතා වැදගත්.google account එකට ගියොත් පෙනෙයි දැන් අපිට අපේ phone number එකත් recovery option එකක් විදියට දෙන්න පුලුවන් එතකොට password reset code එක sms එකක් මගින් එවනවා. පහත තියෙන්නෙ අපේ recovery email address එකට එවන mail එක .එතන ලින්ක් එක මගින් අපිට අපේ password එක reset කරගන්න පුලුවන්.
අපිට මේ ක්‍රමේට කරගන්න පුලුවන් වෙන්නෙ අපේ password recovery options ටික වැඩනම් නේ. එත් ගොඩක් වෙලාවට වෙන්නෙ අපේ account එක hack කරපු කෙනා මේ options ටිකත් වෙනස් කරන එක ඉතින් එහෙම කරලා තිබුනොත් අපිට තියන එකම පිහිට තමයි Account Recovery Form එක.
මෙතන ඉතින් ප්‍රශ්න පත්තරයක්ම තියනවා උත්තර දෙන්න අපි ඒවට කොච්චර නිවැරදිව උත්තර දෙන එක මත තමයි googleලා අපිට අපේ accountඑක නැවත දෙනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ.මොකද මේ ප්‍රශ්න පහත තියනවා එවායින් බලන්නේ ඇත්තටම මේ recover කරන්න හදන්නේ තමන්ගෙම account එකද කියලා.නැත්නම් කවුරුත් අනුන්ගේ ඒවත් recover කරයි නේ.

2.Yahoo සහ Hot mail සදහා

අවාසනාවට මේවට නම් තියෙන්නෙ එකම පිලිසරණයි. ඒ password recovery options වල secret questions එකට උත්හර දීලා හරි secondary email option එක මගින් recover කරගන්න එක. Forgot password link මගින් මේදේ කරගන්න පුලුවන්.

Tuesday, March 8, 2011

Gmail account එක ජංගම දුරකථනයට forward කරගන්න.

4 comments
ම කියන්න යන්නේ Gmail account එකට එන email 3g mobile phone එකට forward කරගන්නේ කොහොමද කියලා. ‍ email mobile phone එකට forward කර ගත්තට පස්සේ එන හැම email එකකම පිටපතක් mms එකක් විදියට ඔ‍බ‍ගේ ජංගම දුරකථනයට එනවා. මම කියන්නම් කොහොමද මේක කරගන්නේ කියල. මේ පහසුකම ලබා ගන්න නම් 3g mobile phone එකක් තියේන්න ඕන.
  • පලමුව ඔබගේ Gmail account එකට ගිහින් Settings එක ඔබන්න.
  • ඉන් පසුව Forwarding and POP/IMAP මත මවුස් ඔබන්න.
  • එහි ඇති POP Download වල Enable POP for all mail එකට tic එක දමා save changes ඔබන්න.
  • ඉන් පසු නැවතත් Settings වල Forwarding and POP/IMAP තැනට යන්න.
  • Add forwarding Address මත මව්ස් ඔබන්න.
  • ඉන් පසුව මුලට ඔබගේ මොබයිල් අංකය යොදා ඉන් පසු mms.dialog.lk ලෙස කේතනය කර next ඔබා ok ඔබන්න. 077xxxxxxx@mms.dialog.lk 071xxxxxxx@mms.mobitel.lk











  • ටික වෙලාවකින් ඔබගේ ජංගම දුරකථනයට sms එකක් ලැබෙනු ඇති. එහි අඩංගු අංකය පහත දැක්වෙන ස්ථනයේ කේතනය verify කර ඔබන්න.
  • දැන් ඔබ සාර්ථකව Forwarding එක සිදු කර ඇත. දැන් සිදු කිරීමට ඉතිරි වී ඇත්තේ ඇතුලත් කරන ලද Forwarding එක ක්‍රියත්මක කරන එක පමණි. ඒ සදහා Forward a copy of incoming mail to මතට tic දමා save changes ඔබන්න.




  • මෙතැන් සිට ඔබගේ Gmail account එකට එන email එකක්ම ඔබගේ ජංගම දුරකථනයට ලැබෙනු ඇත.

අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ?

1 comments
 
ඔයා පාවිච්චි කරන්නේ Windows XP ද ??
පිළිතුර 'ඔව්' නම් මෙන්න ලේසියෙන්ම ඔයාලගේ Internet Connection එක 25%කින් වේගවත් කරන හැටි..

සාමාන්‍යයෙන් Windows XP විසින් අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20%ක් Windows Update සහ Spyware checks වගේ ඔය එක එක දේවල් වලට වෙන් කරනවනේ..

ඉතින් එහෙනම් ඔයගොල්ලන්ටත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩි කරගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න..

1. මුලින්ම START යන්න-> ඊට පස්සෙ Run-> ඊලඟට gpedit.msc කියලා ටයිප් කරන්න.
2. දැන් Administrative Templates තුලට යන්න.
3. ඊලඟට Network tab එක ඇතුලට යන්න.
4. ඊටපස්සෙ QoS Packet Scheduler තුලට යන්න.
5. Limit Reservable Bandwidth තෝරාගෙන ඒක enable කරන්න.
6. ඊට පස්සෙ Bandwidth limit එක 20% ඉඳලා 0 %ට දාන්න. Apply කරන්න!
7. අන්තිමට START > Control Panel > Network Connections වලට ගිහින් ඔයාලා පාවිච්චි කරන Network Connection එක උඩ right click කරලා properties ගිහින් එකේ General ටැබ් එකේ QoS Packet Scheduler කියන තැන හරි ලකුණක් දාලද බලන්න.. නැත්නම් හරි ලකුණ දාන්න..
මේ ටික ඔක්කොම හරියට කලාට පස්සෙ PC එක restart කරන්න..
අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙලා තියේවි..


නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා වගේ නේද ?
මොකද පෝස්ට් එකේ මාතෘකාවෙ තියෙන්නෙ අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමු කියලනේ..
ඇත්ත කතාව මේකයි.. අපි හිතමුකෝ අපිට 100% වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ලැබුනයි කියලා..
නමුත් ඇත්තටම සාමාන්යෙන් අපිට දීලා තියෙන්නෙ 80%යි නේ..
මොකද ඒ 100%න් 20%ක් අර එක එක සේවා සඳහා වෙන් කරලානේ..
ඉතින් අපි ඇත්තටම අත් විඳින්නේ සම්පූර්ණ වේගයෙන් 80% යි..
ඉතින් 80% දැන් වේගය ලෙස සැලකුවොත් අපි අර වැඩි කරගන්න 20% අරගත්තොත් ඒක 80%න් 1/4ක්.
ඒ කියන්නෙ 25%ක් නේ ?? :P
ඔන්න ඔහොමයි 20%ක් මුවාවෙන් 25%ක්ම අන්තර්ජාල වේගය වැඩි කරගන්නේ.. ;)

ප.ලි :
විස්ටා සහ Windows 7 වලදි නම් මේකෙ 7 වෙනි පියවර කරන්න ඕනේ නෑ..
මොකද  QoS Packet Scheduler එක එනබල් වෙලයි තියෙන්නෙ..
සමාවෙන්න ඕනේ ඒ බව කියන්න අමතක වීම ගැන.

Monday, March 7, 2011

Adobe Photoshop CS5 Extended+Keygen

1 comments
මෙන්න ගෙනාව අළුත්ම අලුත් Adobe Photoshop CS5 Extended.. Adobe කාරය දැනගත්තොත් මට නඩුත් දානව... ඒක හින්ද ඉක්මනට බාගන්න යාලුවනේ..මේ වගේ අළුත්ම අළුත් Software දෙන්නෙ අපි විතරයි...දිගටම රැදිල ඉන්න අපිත් එක්ක


1.67 GB

ෆේස්බුක් ගිණුම හැක් කරලාද ?

0 comments

ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට මෙන්ම වෙබ් අඩවි වලට හොරෙන් යමෙකු ඇතුළු වී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට මේ වනවිට මෙරට ආයතනයක් ක්‍රියාත්මක වනබව සමහර විට ඔබ නොදන්නවා ඇති.

ජනතාවගේ තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි.


මෙම ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරමින් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මෙසේ සඳහන් කළේය.

“මේ වනවිට, ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ වංචා වැඩිවෙමින් තිබෙනවා. ෆේස්බුක් හා ඊ-මේල් ගිණුම් වලට හොරෙන් ඇතුළුවීම, අනුන්ගේ නමකින් ෆේස් බුක් ගිණුම්වල පෙනී සිටිමින් වංචා සිදුකිරීම, වෙබ් අඩවි වලට හොරෙන් ඇතුළුවීම මේවා අතර ප්‍රධානයි. මේ පිළිබඳව අප ආයතනයට පැමිණිලි කළ හැකියි.“

යමෙකුගේ ෆේස් බුක් ගිණුමට යම් ප්‍රශ්නයක් සිදුව තිබේ නම් ඒ පිළිබඳව දේශීව විමර්ශනයක් කර පසුව ඒ පිළිබඳව ඇමරිකාවේ පිහිටි ෆේස් බුක් ප්‍රධාන කාර්යාලයට දැනුම් දී නිවැරදි කිරීමට සිය ආයතනය කටයුතු කරන බව පල්ලියගුරු මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව, දරුණු අක්‍රමිකතා පිළිබඳව රහස් පොලීසිය මාර්ගයෙන් පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) විසින් මෙවැනි වංචා වලින් වැලකී පරිගණක ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම අවධාරණය කළේය.

මෙවැනි පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Slcert) පහත දුරකතන අංකය මගින් දැනුම් දෙන්න.

011-2691 692

< source : http://www.vimasuma.com >

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top