අප හා අත් වැල් බැදගන්න. .

Monday, February 13, 2012

Audio Video ෆයිල්ස් ඹ්නෑම Format එකකින් Convert කරගන්න.

0 comments
අද මම ඹයාලට දෙන්න යන්නෙ ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක් මේ ගැන දන්න අයත් ඉන්නවා නමුත් ගොඩ දෙනෙක් තවමත් අහන ප්රශ්නයක් නෙ මේ ෆයිල්ස් කන්වර්ට් කරන එක ඒ නිසා මම මේ ගැන කියන්න හිතුවා. මේකෙන් ඹ්නෑම ෆෝර්මැට් එකකට කන්වර්ට් කරන්න පුලුවන් හරිම පහසුවෙන්. ඒ තමයි FORMAT FACTORY සොෆ්ට්වෙයා එක.
        මෙන්න ලින්ක් එක අරගෙනම බලන්න http://www.mediafire.com/?wb684kl2wz8mu1a   34 MB

මෙන්න අපේ  facebook Group එක http://www.facebook.com/groups/137165583020581/



Sunday, February 12, 2012

ලෝක විනාශය විද්වතුන්ගේ ඇසින්

0 comments

2012 වසර අවසානයේදී ලෝක විනාශය සිදුවෙතැයි යන විශ්වාසය සමහරුන්ගේ සිතේ පැළපදියම් වී තිබේ. මෙතෙක් කල් හරි හම්බ කළ බව බෝග, වතුපිටි, යස ඉසුරු පසෙක තබා හිටිගමන් ජීවිතය හැරයන්නට සිදුවුවොත් යන සිතුවිල්ලෙන් පශ්චාත්තාපී වන්නෝද සිටිති.


ඇත්තටම ලෝක විනාශය සිදුවෙනවාද? එසේ නම් ඒ කවදාද? කොයි ආකාරයකටද? ලෝක විනාශය පිළිබඳව කතාන්දරයේ විද්‍යාත්මක පසුබිම කුමක්ද? විද්‍යාත්මක මතය අනුව ඇත්තටම ලෝක විනාශය සිදුවෙනවාද? මේ ඒ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.නාසා ආයතනයේ හබල් දුරේක්ෂය සමග ගවේෂණ කටයුතු කළ තාරකා විද්‍යාඥයකු වන කාවන් රත්නතුංග මහතාගෙන් අපි තොරතුරු විමසුවෙමු.

ලෝකයේ ජීවත්වන්නවුන් ප‍්‍රමුඛව ලෝකයේ පවතින භෞතිකයන් විනාශ වෙන්නට ක‍්‍රම කිහිපයක්ම ඇතත් 2012 වසර අවසානයේ ලෝකය විනාශ වේයැයි කියන කතාවේ කිසිදු විද්‍යාත්මක පදනමක්, කිසිදු විද්‍යාත්මක සත්‍යතාවක් නැත. මේ වසරේ පමණක් නොව තවත් වසර බිලියන ගණනක් අවෑමෙන්වත් ලෝක විනාශය සිදුවෙන බවට කිසිදු සාක්ෂියක් නැත.විද්‍යාඥයන්ගේ මතය අනුව මේ විශ්වයේ සියල්ල ආරම්භ වී ඇත්තේ මහා පිපිරුමකිනි. එතෙක් මෙතෙක් මේ පෘථිවියේ ජීවත් වූ ජීවීන් කොට්ඨාස බිලියනයක් අතරින් එක් ජීවින් වර්ගයක් ලෙස මනුෂ්‍යයා හැඳින්විය හැකිය. පෘථිවියේ ජීවත්වූ ජීවීන් වර්ග අතරින් සියයට අනූනවයක් පමණ මේ වෙද්දී වඳවී ගොස් ඇත.

2012 දී ලෝක විනාශය සිදුවේයැයි යන මතයක් මානව සමාජය තුළ ප‍්‍රබලව මුල් බැස ගැනීමට බලපෑ ප‍්‍රධානම සාධකයක් වූයේ ආදිතම යුගයේදී මධ්‍යම ඇමෙරිකාවේ ජීවත් වූ මායාවරුන් නිර්මාණය කරන ලද දින දර්ශනයයි. මෙම දින දර්ශනය වත්මන් දින දර්ශනයට අනුව 2012.12.21 වැනි දිනයෙන් අවසන්වෙයි. මේ දින දර්ශනයට අනුව බොහෝ දෙනා විශ්වාස කරන්නේ මායාවරුන් අනතුරු හඟවා ඇත්තේ ලොව විනාශවීම පිළිබඳව වන ප‍්‍රබල අනාවැකියක් ගැන බවයි.

එහෙත් 2012 දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශය සිදුවේයැයි කියන කතාවේ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් සහිත පදනමක් නැත. එවන් මතයක් ගොඩනැගී ඇත්තේ ආදී අනාගත වක්තෘන් පලකළ අනාවැකියක් අනුවය. එම දිනයේ පෘථිවියේ ධ‍්‍රැව හුවමාරුවක් ඇති විය හැකි යැයි කියවී තිබුණත් යම් දවසක එය ඇතිවිය හැකි නමුත් එම දිනයේම එය ඇතිවේයැයි යන්න කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවූවකි.

තවත් වසර බිලියන පහක් ඇවෑමෙන් ඉර විනාශ වීමෙන් ලෝක විනාශය සිදුවිය හැකිය. එසේ ඉර විනාශ වීමේ විද්‍යාත්මක පසුබිම සැකසෙන්නේ මේ අනුවය. පෘථිවියටත් සෞරග‍්‍රහ මණ්ඩලයටත් ශක්තිය සපයන සූර්යයාට ශක්තිය සපයන්නේ හයිඩ‍්‍රජන්ය. අනුමාන වශයෙන් තවත් වසර බිලියන පහකින් පසු සූර්යයා දහනය වීමට ඇති හයිඩ‍්‍රජන් අවසන් වී සූර්යයා මළ තාරකාවක් බවට පත්විය හැකිය. අද කහපාට තාරකාවක් ලෙස පවතින සූර්යයා ඒ අනුව යෝධ රතු තාරකාවක් බවට පත්වෙයි. එහි විශ්කම්භය ඉතා විශාලවෙයි.

සූර්යයාගේ අවසන් යුගයේදී හයිඩ‍්‍රජන් අණු හීලියම් අණු බවට පරිවර්තනය වීමේ වේගය ඉතා ඉහළ යයි. සූර්යයාගේ ප‍්‍රමාණය විශාල වී එය දැවැන්ත ප‍්‍රසාරණයකට ලක්වෙන්නේ එම පරිවර්තනය දරාගැනීමටය. සූර්යයාගේ වර්ණය මෙම ක‍්‍රියාවලියේදී රතු පැහැයට හැරෙයි. සූර්යයා විශාල වෙද්දී ඉන් නිකුත් කෙරෙන තාප ධාරිතාව ඉතා වැඩිවෙන අතර මේ හේතුවෙන් සූර්යයා විනාශ වීමට පෙර නිකුත් කෙරෙන අධික උෂ්ණත්වය හේතුකොට ගෙනද පෘථිවිය මත ඇති ජීවය වඳවී යා හැකියි. කෙසේ වුවත් අවසානයේ දැවැන්ත රතු යෝධයෙක් බවට පත්වෙන සූර්යයා තමාට ආසන්නයේ ඇති පෘථිවියත් ග‍්‍රහලෝකත් ගිල ගන්නට පටන් ගනියි.

සූර්යයා දහස් ගුණයකින් පමණ ප‍්‍රසාරණය වෙද්දී එයින් නික්මෙන අධික තාපය හේතුවෙන් පෘථිවියේ භූ ස්ථර ලාවා මෙන් උණු වී දිය වෙන්නට පටන් ගන්නා අතර උපරිම ලෙස ප‍්‍රසාරණය වූ සූර්යයා නැවත සංකෝචනය වීමේ ක‍්‍රියාවලියේ අවසානය වෙන්නේ සූර්යයා අධික ඝනත්වයක් සහිත කුඩා අඳුරු දහනය වීමට කිසිවක් නැති ගෝලයක් බවට පත්වීමයි.

සුදු වාමනයා  (White Dwart)ලෙස තාරකා විද්‍යාවේදී හඳුන්වන්නේ මේ ස්වභාවයයි. එහි ප‍්‍රමාණය පෘථිවියේ ප‍්‍රමාණයට ආසන්න වෙයි. එහෙත් එහි ඝණත්වය ඉතාමත් අධිකය. සෞරග‍්‍රහ මණ්ඩලයේ සෙසු ග‍්‍රහලෝක වලට බල ශක්තියක් සැපයීමේ හැකියාවක් මේ තත්ත්වයට පත්වූ සූර්යයාට නැති අතර මේ පසුබිම මත සෞරග‍්‍රහ මණ්ඩලය ජීවය නැති අන්ධකාර ප‍්‍රදේශයක් බවට පරිවර්තනය වෙයි.

පෘථිවිය මත ජීවය වඳවී යාහැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කරන තවත් විධි ක‍්‍රමයක් වෙන්නේ අඟහරුගේ සහ පෘථිවියේ කක්ෂ අතර එකිනෙක ගැටීමක්, නැත්නම් ඒවා ආසන්නයෙන් ගමන් කිරීමක් හේතුවෙන් ඇතිවෙන ගුරුත්ව තල්ලූවක් හේතුවෙන් පෘථිවිය තම කක්ෂයෙන් ගැලවී ඉවතට විසිවී යාමේ සංසිද්ධියයි. සෞර ග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක හිරුවටා පරිභ‍්‍රමණය වේ. කක්ෂ ඉතා ස්ථාවර ලෙස පවතින බව අප දුටුවත් දිගු කලක් ගතවෙද්දී එහිද සුළු වෙනස්කම් ඇති වී සෞර ග‍්‍රහ මණ්ඩලයේ අද ස්වභාවය වෙනස් වී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය.

විද්‍යාවට අනුව මෙයින් වසර බිලියන 13.7කට පෙර මහා පිපිරුමෙන් (Big Bang) විශ්වය ආරම්භ වූ අතර තවත් වසර බිලියන ගණනකින් එහි අවසානයද සිදුවිය හැකිය. විශ්වය ප‍්‍රසාරණය වන්නේ ඒ මහා පිපිරුමෙන් ලද ශක්තියෙනි. එහෙත් නැවත මේ විශ්වය සංකෝචනය වීමද යළිත් ඇරඹෙනු ඇත.

විශ්වය සංකෝචනය වීම යන දිගු ක‍්‍රියාවලියේ අවසාන අදියර වෙන්නේ විශ්වයේ මහා පිපිරීමට පෙර මොහොතකදී පැවැති ආකාරයෙන් මුළු විශ්වය ඇල්පෙනිති හිසක් තරමේ කුඩා ලක්ෂයකට කැටි වීමයි. මේ මහා හැකිළුම පෘථිවියේ පමණක් නොව මුළු විශ්වයේම අවසානය බවට පත්වෙයි. එහෙත් මේ අයුරින් මුළු විශ්වයම විනාශ වීමට තවත් වසර බිලියන තිහක් තරම්වත් කාලයක් ගතවෙනු ඇත.

ඇතැම් විද්‍යාඥයන් දක්වන මතයක් වන්නේ විශ්වය නැවත සංකෝචනය නොවී දිගටම ප‍්‍රසාරණය විය හැකි බවයි. මහා දිගහැරුම ( Big Rip) ලෙස මෙය හඳුන්වයි. මෙහි අවසන් අදියර විශ්වය මළ විශ්වයක් බවට පත්වීමයි.

මෙයින් වසර මිලියන හයසියයකට පෙර පෘථිවිය පැවතියේ සම්පූර්ණයෙන්ම අයිස් වලින් ආවරණය වීය. එදවස පෘථිවියේ ගස්කොළන් නොපැවති අතර මිහිමත සිටියේ ඒක ෙසෙල ජීවීන් පමණි.වසර මිලියන 65කට පෙර විශාල උල්කාපාතයක් ගැටීමෙන් මේ පොළොවේ සිටි ඩයිනසෝර්ලා විනාශ විය. එය ලෝක විනාශයක් ලෙස අර්ථ දැක්විය හැකිය.

අපේ පෘථිවියට තර්ජනයක් එල්ල කළ හැකි යැයි මේ වෙද්දී සොයාගත් එකම ග‍්‍රාහකය වෙන්නේ ඇපෝෆිස්ය. වර්ෂ 2036 දී එයින් පෘථිවියට හානියක් සිදුවීමට ඇති ඉඩකඩෙහි සම්භාවිතාව ඉතා අල්පවෙයි. එමෙන්ම නාසා ආයතනය මේ වෙද්දී පෘථිවියට හානිකළ හැකි උල්කාපාත පිළිබඳව ගවේෂණය කරමින් ඒවා සොයා ගනිමින් ඒවා පෘථිවියේ නොගැටෙන්නට වෙනදිශාවකට තල්ලූ කරමින් පෘථිවිය විනාශ වීමට අවස්ථා ඇත්නම් ඒවා මග හරවා ගනියි.

(Gamma-Ray) පිපිරුමක් නැත්නම් කළු කුහරයක් පෘථිවියට පැමිණීමේ සම්භාවිතාවද ඉතා අඩුය. ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය යනු පෘථිවියට ආසන්නම විශාල චක‍්‍රාවාටයකි. එය පෘථිවිය හා ගැටීමටද වසර මිලියන ගණනාවක් ගතවෙනු ඇත.එමෙන්ම ගිනිකන්දක් පිපිරීම හේතුවෙන් ඇමෙරිකාවේ බාගයක්ම විනාශ වී යා හැකි වුවත් එය සිදුවීමටද තවත් වසර බොහෝ ගණනක් ගතවෙනු ඇත.

සියල්ල සාරාංශ කොට විද්‍යාත්මක ප‍්‍රවේශයක සිට ඉතා පැහැදිලිව සඳහන් කළ හැක්කේ 2012 දෙසැම්බරයේදී ලෝක විනාශය සිදුවීමේ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හෝ පදනමක් නැති බවයි. එහෙයින් ලෝක විනාශය සිදුවේයැයි යන අනියත බියෙන් වැලකී තම දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම වඩාත් ඵලදායි වෙයි.

ඇමෙරිකානු විද්‍යාඥයන් ලෝක විනාසය දකින හැටි

ලොව මුල්පෙළේ විද්‍යාඥයන් රැසක්ම පෘථිවිය වෙත විනාශයක් ගෙන ඒමට හැකි ඉඩකඩ කොපමණදැයි ඉකුත්දා ”ඇමරිකානු විද්‍යාඥයන්ගේ සඟරාව” මගින් හෙළිදරව්කොට ඇත. එහිදී ඔවුන් ලෝක විනාශයක් සිදුවිය හැකි ආකාර කීපයක් දක්වයි. එම ආකාර අද සිදුවන ක‍්‍රියාවලික් නොව වසර දස දහස් ගණනකින් සිදුවිය හැකි ඒවා ලෙස ඔවුහු දක්වති.

ගෝලීය උණුසුම ඉහළ යෑම
වර්තමාන මිනිසා මුහුණදෙන ප‍්‍රබලම ප‍්‍රශ්නයක් වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමයි. මෙහිදී කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය වැඩිවීම තුළ පෘථිවියේ පවතින උණුසුම පිටව යෑමට නොහැකි වී පෘථිවි ගෝලය උණුසුම් වීමක් සිදුවේ.

එහි ප‍්‍රතිඵලයක් ලෙස සිදුවන්නේ ධ‍්‍රැව ප‍්‍රදේශවලට අයත් ග්ලැසියර දියවී සාගර ජල මට්ටම ඉහළ යෑමත් වෙරළබඩ පහත් බිම් හා දූපත් සාගර ජලයෙන් යටවී දේශගුණික රටාව පවා වෙනස්වීමයි.සාගර ජලයෙන් දූපත් යටවීමෙන් ලෝක සිතියම බොහෝ දුරට වෙනස්විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. අකලට වැසි ලැබීම් මෙන්ම නියංසාගත තත්ත්වයක් තුළ මිනිසාට ගෙවීමට සිදුවන්නේ දුෂ්කර දිවි පෙවෙතකි. මෙම ක‍්‍රියාවලියද වසර දහස් ගණනක් අනාගතයේදී සිදුවිය හැකි යැයි ඔවුන්ගේ නිගමනයයි.

ගිනිකඳු පිපිරීම්
පෘතුවිය අභ්‍යන්තරයේ උෂ්ණත්වය අධික වීමත් සමග අධිපීඩන තත්ත්වයක් ඇතිවී ගිනිකඳු නිර්මාණය වන බවත් එම ගිනි කඳු හා වර්තමානයේ නිර්මාණය වී තිබෙන ගිනි කඳු පිපිරීයාම තුළ නිකුත්වන ලාවා සහ අළුවලින් විනාශයක් සිදුවන බව පෙන්වා දී තිබේ. විශේෂයෙන් නිකුත්වන අළු නිසා පෘථිවියේ අහස අඳුරු වීම තුළ හිරු එළිය පෘථිවියට නොලැබෙන තත්ත්වයකට පත්වනු ඇත.

හිරුඑළිය නොලැබීම තුළ අයිස්වලින් පෘථිවි තලය වැසී යන අතර ශාක වර්ධනය හීනවී මිනිසාට කෑමට හෝ දෙයක් නොමැති වීමත් සමඟ උග‍්‍ර ආහාර හිඟයකට මුහුණ පාන බව අනාවරණය කොට ඇත. එම නිසා මිනිසුන් මියැදෙන බවත් ක‍්‍රමයෙන් ලෝකයෙන් ජීවින් තුරන් වීමෙන් ලෝක විනාශය සිදුවන බවත් විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. මේ සඳහා වසර ලක්‍ෂ ගණනක් ගතවේයැයි නිගමනය කර ඇත.

පදාර්ථ වායු බුබුලූවල ක‍්‍රියාකාරීත්වය
විශ්වය තුළ අතැතිවන විශාල පදාර්ථ වායු බුබුලක් හේතුකොට ගෙන ලෝක විනාශයක් සිදුවන බැව් පෙන්වා දී ඇත. මෙහිදී මෙම බුබුලූවල විශාලත්වය කොතෙක්ද යන්න තීරණය කර නොමැති අතර විශාලත්වය ආලෝක වර්ෂ දස දහස් ගණනක් වුවත් විය හැකි බව සඳහන් කර තිබේ. අපේ පෘථිවියටත් වඩා සුවිසල් විය හැකි මෙම බුබුලූ අධික වේගයෙන් ක‍්‍රියාකාරි වන අතරම විශ්වයේ පිහිටි ග‍්‍රහලෝක පවා ඒ වෙතට ඇද ගැනීමට හෝ ග‍්‍රහලෝකවල දැන් පවතින පිහිටීම වෙනස් කිරීමට හැකියාවක් පවතින බව සඳහන් කොට ඇත. මෙහිදී වෙනස්වන ග‍්‍රහලෝක පිහිටීම සමහර විට සූර්යයාගෙන් ඈත් කිරීමක් දැකිය හැකි අතරම සූර්යාට ළං කිරීමක්ද දැකිය හැකිය.

එමනිසා පෘථිවිය ඇතුළුකොටගත් ග‍්‍රහලෝකවල භෞතික  සංසිද්ධීන් වෙනස් වන බව පෙන්වා දී ඇත. අධික ශීතල හෝ අධික රස්නය තුළ මෙම විනාශය සිදුවන බව විද්‍යාඥයෝ පවසති.

ලෝක විනාශය පිළිබඳ බෞද්ධ මතය
පැපිලියාන  සුනේත‍්‍රාදේවි මහ පිරිවෙන්පති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කෘතිකාචාර්ය, රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ අභය තිස්ස හිමි.2012 වසරේ දෙසැම්බර් මස විසිඑක්වැනි දින ලෝක විනාශය සිදුවෙතැයි යන්න ගොඩනගා ගත් මතය මම නොපිළිගනිමි. මන්ද ලෝක විනාශය එක්වර සිදුවන්නක් නොවන නිසාය. එයට නිශ්චිත දිනයක් නොමැති අතරම එය සිදුවන්නේ ක‍්‍රමානුකූලවය.
බුදු දහම තුළින් මේ පිළිබඳ සවිස්තරාත්මක ලෙස විස්තර කොට ඇත. එහිදී ලෝක විනාශය පිළිබඳ දකින ක‍්‍රමය අපි දකින ක‍්‍රමයට වඩා බොහෝ වෙනස්ය.

චක්ඛවත්ති සීහනාද සූත‍්‍රය, අග්ගඤ්ඤ සූත‍්‍රය හා අංගුත්තර නිකායේ සත්තසූරියුග්ගමන සූත‍්‍රයේ වැනි සූත‍්‍රවල ලෝකය විනාශවන ආකාරයත්, ඒ සඳහා මුහුණ දෙන්නේ කෙසේද යන්නත් බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. උන්වහන්සේ සඳහන් කරන ආකාරයට ලෝක විනාශය සිදුවන ක‍්‍රම 2කි.

පූර්ණ විනාශය - අර්ධ විනාශය

පූර්ණ විනාශය - ක්‍ෂිරපථයේ සූර්යයන් එක්කෙනෙකු සිටියත් ක‍්‍රමයෙන් දෙදෙනෙක්ද තවත් කලෙකින් තිදෙනෙක්ද ආදිකොට ගනිමින් සූර්යයන් සත් දෙනෙකු පායන අතර මේ නිසා පෘථිවි වාසීන් දැඩි උණුසුමකට නතු වන බව පෙන්වා දේ. එහිදී පර්වත, ගුහා, ගිනි කඳු ආදිය මෙම රශ්මියෙන් ගිනිගෙන අළු බවට පත්වන බව සඳහන්ව ඇත. අවසානයේ මහ සමුදුරේ ජලය අත් දෙකට ගන්නට හැකි වන බව සඳහන් වේ. ‘‘මහ සමුදෝ සුස්සුස්සකි’’ මහ සමුද්‍රය සම්පූර්ණයෙන්ම විනාශවන බව එහි අදහසයි.

අර්ධ විනාශය - මින් අදහස් කරනුයේ පෘථිවියේ තැනින් තැන යම් යම් පැති විනාශ වීමකි. එසේ නැතහොත් යම් යම් විනාශකාරී දේවල් සිදුවීමත් ය. මේ පිළිබඳ සප්තසූරියුග්මන සූත‍්‍රයේ සඳහන් කොට ඇත. එහිදී විනාශකාරී දේවල් සිදුවන්නේ මිනිසාගේ ක‍්‍රියාකලාපයන් නිසාය. එම ව්‍යසනයන් ස්වාභාව ධර්මයාට විරුද්ධවීම තුළින් හටගන්නා බව පෙන්වා දී ඇත.

මෙය පරිච්ඡේදයක වෙනස් වීමක් පමණි. මහ මුහුදේ රළ ගසනවා මෙන් වරින් වර ලෝකය තුළ බිහිවීම් වර්ධනය වීම හා පරිහානියට පත්ව නැතිවී යාම ඇත. නිදසුන් ලෙස ගත්විට ලොව ඉතා දියුණු ශිෂ්ටාචාර තිබී ඇත. මොහෙන්දොජාරෝ හරප්පා වැනි ශිෂ්ටාචාර හොඳ තත්ත්වයෙන් තිබුණ ඒවා විය. ලංකාවද ඈත අතීතයේ දියුණු ශිෂ්ටාචාරයක්ව තිබුණි. වාරි තාක්‍ෂණයක් ද තිබුණි. එලෙස හටගත් දියුණු ශිෂ්ටාචාර යටපත් වී තවත් ශිෂ්ටාචාර බිහිවී ඇත. එමෙන්ම පුද්ගලයා තුළ ගුණධර්ම හොඳ හෝ නරක ලෙස සංවර්ධනය වී යහපත් අයහපත් සමාජ වරින් වර බිහිවී ඇත. ඒ හරහා ආයුෂ වැඩි වීමද අඩුවීම්ද සිදුව ඇත.

එය ලෝකයේ වෙනස් වීමයි. එම වෙනස්වීම හොඳ හෝ නරක වන තරමට ලෝකය විනාශ වීම හෝ පැවැත්ම තීරණය කරන බව පෙන්වා දේ.පූර්ණ ලෙස හෝ අර්ධ ලෙස ලෝකය විනාශ වූවත් එම විනාශවීම සඳහා මූලික වන්නේ පුද්ගලයා මුල්කොටගත් සිතුවිලි ඇසුරින් ගොඩනගාගත් ක‍්‍රියාකලාපයන් වන බව බුදුන්වහන්සේ පෙන්වා දුන් සේක.එහිදී ලජ්ජාව හා භය මිනිසුන් තුළ නොමැතිවීම ඔවුන් අධර්මයේ හැසිරීමට හේතුවන බව පැවසූ බුදුන් වහන්සේ මව, පියා සහෝදරයා නොහඳුනන තත්ත්වයට පත්වන බව පෙන්වා දුන්සේක.

”දස කුසල කම්මපථා සබ්බෙන සබ්බං අන්තරධායිස්සන්ති” ඉන් අදහස් වන්නේ දස අකුසල් කර්ම එන්න එන්න වැඩි වීමයි.

ලෝක විනාශය ඇති වීමේදී ආයුධ වර්ෂ, මෘග සංඥාව පහළවීම ආදිය ඇතිවන බව බුදු දහමේ සඳහන් කර ඇත. ආයුධ වර්ෂා යනු ආයුධ වැස්සක් නොවේ. ඉන් අදහස් කරන්නේ අවි ආයුධ පරිහරණය සමාජයේ සිටින සෑම පුද්ගලයකුම නැඹුරු වීමයි. එහිදී කෝපයෙන් එකිනෙකා මරා ගැනීම දැකිය හැකිය. එය වර්තමානයේ දැකිය හැකි තත්ත්වයකි. අපි කියන දේ පමණක් ඇත්තය. අනෙක් අය පවසනුයේ අසත්‍ය යනුවෙන් කියමින් කලකෝලාහල කරයි. දේශපාලනය දෙස බැලූවද එසේමය.

අයහපත් දේ අගය කරන පිරිසක් බිහි වේ. එළුවෝ, කුකුළෝ, ඌරෝ, බල්ලෝ  හිවල්ලූ වැනි සතුන්ගේ මානසිකත්වයෙන් ක‍්‍රියාකරන පිරිසක් බිහිවේ. මේ සඳහා නිදසුන් වත්මන් සමාජයෙන්ම ගත හැකිය. පියා තම දියණිය දූෂණය කිරීම, පුතා මව දූෂණය කිරීම් එසේ නොමැති නම් සමහර තරුණයන් වැඩිහිටි කාන්තාවන් දූෂණය කොටගත් ස්ත‍්‍රී දූෂණ වත්මන් සමාජයේ වෙලාගනිමින් පවතී. බුදුන්වහන්සේ එවන් වූ අසද්ධර්ම ලෝක විනාශය තුළදී පහළ වීම පෙන්වා ඇත්තේ මෘග සංඥා ලෙසයි.

මිනිසා විසින් පරිසරයට එරෙහිව යාම වර්තමාන සමාජයේ දැකිය හැකි තත්ත්වයකි. පෞද්ගලික පරිහරණය උදෙසාම සිදුවන වන විනාශය තුළින් හටගන්නා අර්බුදකාරී තත්ත්වයට ලෝකයේ බොහෝ රටවල් ගොදුරු වී ඇත. ගංවතුර, නාය යෑම් ඇති කොටගත් දේශගුණික සංසිද්ධීන් පවා බොහෝ වෙනස් වී ඇත.

වසවිස ආහාර සඳහා මිශ‍්‍ර කිරීම. වැඩි ආදායමක් ලබාගැනීම සඳහා නිෂ්පාදකයන් ගන්නා ක‍්‍රියාමාර්ගයකි. ලෙඩ රෝග බහුල වී ඇත. ඒ තුළින් හටගන්නා පිළිකා වැනි රෝගී තත්ත්වයන් වත්මන් සමාජයේ වසංගතයක් වී ඇත. එම නිසා මිනිස් ආයුෂ ක‍්‍රමයෙන් අඩුවීමක් දැකිය හැකිය.

බුදු දහමේ ආයුෂ අඩුවීම වසර දහය දක්වා සිදුවන බව චක්ඛවත්ති සීහනාද සූත‍්‍රයෙන් පෙන්වා දේ.
ලෝක විනාශය පිළිබඳ තැති ගැනීම එසේ නොමැති නම් ලෝකය ජය ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න විමසා බැලීම වටී. එසේ නම් කළ යුතු වන්නේ, පංචේන්ද්‍රීය ලෝකය ජය ගැනීමයි. ඒ සඳහා අප කළයුතු වන්නේ මරණයද, ව්‍යාධියද, ශෝකයද ලැබෙන්නේ යන්න පිළිබඳ අවධානයෙන් කල්පනාවෙන් කටයුතු කිරීමයි. එවිට ඒ තුළ ඇතිවිය හැකි ගැටලූ යම් ප‍්‍රමාණයකට අඩුකර ගත හැකිය.

මුලූමනින්ම ඒවා නැතිකර ගත නොහැක. අපට කරදරයක් ව්‍යසන ඒමට පෙර අප ඒ ගැන බිය විය යුතු නැත. එම ව්‍යසනය ඇතිවූ විට එයට මුහුණ දීමයි කළ යුතුව ඇත්තේ. ව්‍යසනයක් ඒමට  පෙර ඇති කළ යුත්තේ ව්‍යසනයක් සිදුවීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඉඩකඩ අවම කිරීම යනු මිනිසා ගුණධර්මවලින් සමන්විත වීමයි.
ලෝක විනාශය ගැන ඇමෙරිකානුවන් හැදූ චිත‍්‍රපටයක දර්ශනයක්
ලෝක විනාශය ගැන නිර්මාණය වූ චිත‍්‍රපටයක දර්ශනයක්
මායා දින දසුන
ආචාර්ය කාවන් රත්නතුංග

උපුටා ගැනීමකි.

Saturday, February 11, 2012

Protected PDF , RAR , ZIP , WORD , EXCEL , වල PASSWORD අයින් කරමුද ?

3 comments


මෙහෙමයි ඇත්තටම මේකේ වෙන්නේ BRUTE FORCE ATTACK එකක් .ඔය හැකින්ග් NETWORK SECURITY ය නම් දන්නවනේ ,,ඒ කියන්නේ නිකම් අහඹු ලෙස GUESS කරලා හොයනවා වගේ එකක් ..

මෙහෙමයි කරන්නේ
  • අදාල FILE එක ඉන්පුට් කියන තෙනට ලබාදෙන්න 
  • min Length එක 0 ද MAX එක 8 වගේ දෙන්න .
  • ඊළඟට DESTINATION ඒ කියන්නේ සවේ වෙන්න ඕනේ ස්ථානය ලබා දෙන්න 
  • ඊළඟ  tab එකේ තියන්නේ BRUTE FORCE ATTACK කියල ..එකේ හොඳට බලන්න 
(abcdefghijklmnopqrstuvwxyzABCDEFGHIJKLMNOPQRSTUVWXYZ1234567890@#)
එක වෙනස් කරන්න එපා මොකද අනිවාර්යෙන් password එක හැදෙන්නේ මේ අකුරු වලින් නේ

  • අවසානයේ STRAT කරන්න ...

සැලකිය යුතුය ... සාමාන්යෙන් මෙම කාර්ය සිදුවීමට ගතවන කාලය ඉතා දීර්ග වනු ඇත :)
  • මේක JAVA BASED application එකක් නිසා ඔයාගේ පරිගණකයේ JAVA නැති නම් මෙතනින් DOWN  කරගන්න  http://java.com/en/
  • පහල ලින්ක් එකෙන් SOFTWARE එක DOWNLOAD කරන්න
http://www.2shared.com/file/8elw0h-8/AllInOnePasswordPraveeN.html
  • මේ link එකේ තියන්නේ මම කරලා හරිගිය Screen CAPTURE එක
http://www.2shared.com/photo/losNMzsz/1234567.html
<TESTED By PRAVEEn/>


By Praveen Rangana

Saturday, January 28, 2012

3G සිග්නල් වැඩි කරගන්න ඕනද?

7 comments
3G සිග්නල් වැඩි කරගන්න ඕනද?




3G,4G සිග්නල් ! මා සිතන ආකාරයට මේවා ඔබේ දෙසවනට හොඳින් හුරු පුරුදු ඇති! හැබැයි ඉතින් පරිගනක උදව් ග්රෑප් එකේ ඉන්න කට්ටිය දන්නවා මේවා මේ කියන තරම් ස්පීඩ් නෑ කියලා ! 4G නම් ඉතින් කොටින්ම නෑනේ ! ඒ වාගේම තමා ඔය සන්නිවේදන සමාගම් කියන තරම් ලංකාව 3G සිග්නල් වලින් ආවරනය කරලත්නෑ !!!!! මමත් එහෙම පැත්තක කෙනෙක් තමා !අපේ පැත්තට 3G සිග්නල් නෑ ! යාන්තමටවත් තියෙන්නේ USB CABLE එකක් ගහලා මීටර් 10ක් විතර උඩට දාපුහමඑහෙම තියෙන්නෙත් DIALOG විතරයි! ඒකත් ඉතින් WCDMA DAILOG කියලා විතරයි! සිග්නල් 0යි ලොල් නේද? ඔය ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන යද්දී තමා මට මේ අලුත් විදියේ ගැජමැටික් ක්‍රමයක් සෙට් වුනේ ! හරි ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ 3G සිග්නල් අඩුනම් වැඩි කරගන්න විදියක් ගැනයි. මුලින්ම ඔයාලට පහත දාලා තියෙන බඩු ටික උවමනා වෙනවා.
1.HSDPA Dongle(මෙවා ඔයාලා ලඟ තියනවනේ)


2.USB Extension cable ( 10 meter තියනවනම් හොඳයි 5ක් තිබුනත් ඇති)


3. 8 Pieces of Single Core wires(මොනවද කියලද බලන්නේ ! ඔන්න E-Bay සයිට් එකෙන් ගෙදරටම ගෙන්න ගන්න ලින්ක්-http://goo.gl/jeyBh
http://goo.gl/ZGs1A
(මේවා හොයා ගන්න නැති කට්ටියටත් ක්‍රමයක් තියනවා අවසානයටම රූපෙකුත් එක්ක)

මුලින්ම USB කේබල් එක අරගෙන මේ පහත රූපයේ විදියට සකසා ගන්න.
උවමනාවට වැඩිය ඔය Single Core wires දාන්න එපා 8 ක් විතර දාපුවම ඇති.
ඊලඟට Single Core wires අගින් ටිකක් නමන්න.

දැන් USB Cable එයට ඩොන්ගල් එක සවි කරන්න පහත විදියට.

දැන් සිග්නල් වැඩි වෙනවා සුවර් එකටම ! හැබැයි පහත විදියටම කරොත් තවත් හොඳයි
# ඩොන්ගල් එක සහිත USB Cable එක මුලු වල තියන්නේ නැතිව එළියට විවෘත්ව තියන්න(ඒ කියන්නේ අස්සක තියන්නෙ නැතිව උඩකින් එළියට වෙන්න තියන්න)
# හොඳට හිරු එළිය තියන හුලං තියන ස්වාභාවික පරිසරයක ඩොන්ගල් එක සහිත USB Cable තියන්න.

දැන් ඔය Single Core wires නැති කට්ටිය මේ පහත රූප වල තියෙන විදියට කරන්න.
!!!!!!ඔන්න මුකුත්ම නැත්තන් ඇලුමිනිම් තේ ගොට්ටක් උනත් ගන්න පුලුවන් !!!!!!!!



ඔන්න එහෙනම් වැඩේ ඉවරයි!


ශාරද ප්‍රියාන් රූපසිංහ ගෙන්

MP3 ගිතයක කටහඩ ඉවත් කරමු...

3 comments

කැරොකෙ ගිතයක් යනු මුල් mp3 ගිතයෙ කටහඩ ඉවත් කර එහි සංගිතය පමනක් ඉතිරි වුවකි.. මෙ නිසා කරොකෙ ගිත ලොව පුරා ඉතාමත් ලෙස ජනප්‍රිය වි තිබෙ. මෙ ආකරයෙ ගිත නිර්මනය කර ගැනිම සදහා software ඇති නමුත් මෙ සදහා අති සරලම software එක නම් Audacity ය...

මෙම සැබදිය හරහා ඔබට මෙය නොමිලෙ බාගත කරගත හැකිය....
https://audacity.googlecode.com/files/audacity-win-unicode-1.3.14.e‍xe

software එක ස්තපනය කරගත් පසු එය open කරගන්න..audacity හි file මෙනුව ක්ලික් කර එහි open යන්න ක්ල්ක් කිරිමෙන් ඔබට ඔබගෙ අවශ්ය mp3 file එක import කරගත හැකිය.එම mp3 file එක audacity හි open වු පසු තරන්ගාකාර තිරු දෙකක් දිස්වෙ.. බොහො ශබ්ද ගොනු ස්ටිරියො ලෙස ඇති නිසා වම සහා දකුන යනුවෙන් තිරුදෙකකට දැක්වෙ..
මෙම තිරු දෙකටම පොදු ලෙස වම්පසින් දැක්වෙන contorl පැනලයෙ ඉහලින්ම පහලට යොමු වු කලු පහති ඊ හිස ක්ලික් කරන්න..ඉන් පසු මතුවන menu එකෙන් split stereo track යන්න ක්ලික් කරන්න..
එවිට වම හා දකුන වෙන වෙනම වෙන් වෙන අතර වෙන වෙනම control පැනල් ද දක්නට ලැබෙ.. පහලින් ඇති තරංගාකර ශබ්ද පතය select කර ඉහල අති effect මෙනුව ක්ලික් කර එහි ඇති invert යන්න තොරා දෙන්න..
ඉන් පසු පහල ශබ්ද පතයෙ control පැනලයෙන් පහතට යොමු වු ඊ හිස ක්ලික් කර mono යන්න ලබාදෙන්න..
මෙ ආකරයට ඉහල ශබ්ද පතයත් select කර ඉහල අති effect මෙනුව ක්ලික් කර එහි ඇති invert යන්න තොරා දෙන්න.ඉන් පසු පහල ශබ්ද පතයෙ control පනලයෙන් පහතට යොමු වු ඊ හිස ක්ලික් කර mono යන්න ලබාදෙන්න..දැන් file cilck කර save as යන්න තොරා වෙනත් නමකින් save කරගන්න.. එය media player එකක් මගින් play කර පසු කටහඩ නොමැති සංගිතය පමනක් play වෙ.. මෙම ක්‍රම වෙදය වෙනත් software මගින් සාර්තක ලෙස සිඩි කරගත හැකි අතර යම්කිසි ප්‍රතිපලයක් ලබගැනිම සහා සරලව සිදු කරගත හැක්කෙ audacity හිය.. මෙය මිටත් වඩා සරලව සිදුකරගත හැකි තවත් software එකක් නම් Virtual DJ ය.. මෙමගිනුත් මෙය සරලව සිදු කරගත හැකිය.. මෙම ක්‍රම මගින් මුල් ගිතයෙ හඩ යාන්තමට ඇසෙන නමුත් එය ඔබෙ කටහඩින් ගයන විට එය යටපත් වි ඔබෙ කටහඩ ඉදිරිය්ට පැමිනෙ..

සැලකිය යුතුයි :- ස්ටිරියො නොවන මොනො වෙනත් ගිත සදහා ද පැරණි ගිත සදහ ද මෙම ක්‍රමය ආදෙශ කල නොහැක...



මෙය Lahiru Lakruwan ගෙන්

Friday, January 27, 2012

Unlock Huawei E173 Modem

3 comments




Now Let us see how to unlock this modem, So to unlock this modem you need following softwares :

1)  Huawei E-173 Firmware -Download   Download  
2)  to get your unlock code & flash code
                    Universal master code - Download    Download
3)  Huawei Mobile partner Software -Download   Download

You must have noted down a 15 digit IMEI number of your Huawei modem.


1) First of all using universal Master Code get flash code and unlock code for the device.
Universal Master Code Generator 261x300 Unlocking Tutorial for Huawei 3g E 173 Data Card (100% working)

 *You must note down your correct unlock code & Flash code

2) Then plug in the device to your desktop/laptop.

3) After all the drivers have been loaded just double click on E173Update_11.126.85.00.114_B427.exe and it will find your data card automatically.

Searching for Device 300x194 Unlocking Tutorial for Huawei 3g E 173 Data Card (100% working)

4) Then the process will start and on the next screen you will be asked to give flash code or unlock code as your password.

5) As this step completes your software will be updated successfully.

6) Now install Huawei Mobile Partner Software.

7)  Now open Huawei Mobile Partner and if unlock code asked then enter the code generated in first step.

Saturday, January 21, 2012

ඔබ උපන් ලග්න‍යට අදාලව ඔබ ගැන දැනගන්න

0 comments
දොස් පෙනේ. ඒවා සම්බන්ධ කතාකරන්නට ගොස් නිකරුනේ අසතුටු සාදා ගනී. මේෂ රාශිය ළඟට වෘශ්චික රාශිය ක‍්‍රියාවෙහි දක්ෂ වේ. නොයෙක් දේ දුටු හැටියේ කළ හැකි වෙයි. රැුස්කර තබා ගැනීමේ ආශාවක් නැත. මානසික ධර්ම වහා අවබෝධ වන නුවණක් තිබේ. සෙවීමට ආශා ඇත්තෙකි. කාලය අනුව ගරුසරු කරන සිරිත් වලට සැලකුවේ වී නමුත් ක‍්‍රමානුකූලව කතා කළොත් ඒවා බිඳ දැමීමට සමත් වේ. තමාගේ කටයුතු පමණක් බලාගෙන ක‍්‍රියා කරන ගතියක් තිබේ. වෘශ්චික ලග්නයෙහි උපන් අය ආගිය තැන කැපී පෙනෙන ගතියක් තිබේ. යමක් උඩින් පිළිගන්නා ගතියක් නැත. හොඳට අවබෝධයෙන් පසුව පිළිගනී. තමාගේ දක්ෂ භාවයෙහි ඇති ආත්ම විශ්වාසය නිසා කටයුතු අන්තිම මොහොත දක්වා කල්දමයි. මම ඒක ඕනෑ වෙලාවට කරන්නම් කියයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ මායමක් නැතිව තමාගේ අදහස් අන්‍යයන්ට දැනගන්නට හැරීම, වහා කිපීම, සෙල්ලම් ක‍්‍රීඩා ආදියට ඇති ආශාව, හා තරමක කුඩුකේඩු කමත්ය.

රෝග :
මුත‍්‍රාශයේ ගර්භාෂයේ රෝග මුත‍්‍ර ගල් හා දරුණු ඉක්මන් රෝග ආදියයි. වෘශ්චිකයෙන් උපන් අයට පුෂ්පරාග කහපට ගල් පැළඳීම යහපති.

ධනු►
සාමාන්‍ය රූප ස්වභාව :
සම්පූර්ණ ලෙස වැඩුණු ලක්ෂණ රූපය වේ. පළල් නළල වේ. සමහර විට ප‍්‍රමාණයට වඩා උස් වේ. උස් වූ දික් නාසය වේ. රන්වන් ඉසකෙස් වේ. රතු පැහැ සම වේ. අංග සම්පූර්ණ රූපය වේ.

ගතිගුණ :
ගුරු හිමි ධනු රාශියේ උපන් අය ත්‍යාගිවන්ත වෙති. සෘජුයි කෙලින් වැඩ කරයි. පෘථුල අදහස් ඇති වේ. කි‍්‍රයා ද එසේමයි. උසස්විමේ මතු වීමෙ බලාපොරොත්තු ඇත්තෙකි. යුක්තිය දිවි මෙන් සලකයි. අන්‍යයෙකුට හෝ වෙන කෙනෙකු අයුක්තක් කරනවා ඉවසිය නොහැක. එවිට කිසිම අනුකම්පාවක් නැත්තකු මෙන් යුක්තිය ඉටුකිරීම පිණිස සටන් වැදීමට ඉදිරිපත් වෙයි. ධනු රාශිය ශරීර දෙකක් එක්වී සෑදී තිබෙන්නාක් මෙන්ම ධනු රාශියේ උපන් අය ද ගති දෙකක් ඇත්තෝය. වරක් කිසි ගරු සරුවක් නැතිව ඕනෑ දේකට ඉදිරියට පැන කරදර විය හියදම් දරා වැඩකරයි. වරක් බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුම් කමින් යුතුව එවැනි දේට මැදිහත් නොවී සිටියි. ඕනෑම අලූත් දෙයක් ධනු ලග්න කාරයාට අලූත් නැත. බාරගත් දෙය කිරීම ගන්නා ධෛර්ය වටිනා දායාදයකි. යුක්ති ගරුක භාවය නිසා නීත්‍යානුකූල නුවූ දේ නොකරයි. ධනු ලග්න කාරයා තමාගේ ඕනෑ කමින් නඩු මගට නොබසී. හැකි සෑම විටම ඉන් බේරීමට යත්න දරයි. යතොත් යන්නේ අන්‍යයෙකු නිසාවේ. මිථුන ලග්නකාරයා පටන්ගත් වැඩය නොකර අතපසු කරන්නාක් මෙන්ම ඊට ප‍්‍රතිවිරුද්ධ ධනු ලග්න කාරයා පටන් ගත් දේ අවසාන නොකර වෙන වැඩක නොයෙදේ. ඒකේම යෙදී ඉක්මනට අවසාන කරයි. දර්ශන න්‍යායාදී උසස් ධර්ම ඉගෙනීමට ආශා කරයි. රාශි වලල්ලේ නවවැන්න ඒවාට අයිති බැවිනි. කරන දේ ලොකුවටම කිරීමට සිතෙයි. නිදහසට ගරු කරයි. අන්‍යයන් ගෙන් නොරැුවටීමට ප‍්‍රවේසම් වෙයි. යුක්තිගරුකභාවය සත්‍යවාදී භාවය ධර්මිෂ්ට භාවය යන උතුම් ගති ඔහුගේ නොහරින ධනය වේ. වාසනා ගතියෙන් හා ප‍්‍රීතියෙන් පසුවෙයි. වචන ඥානවන්තවාක් මෙන්ම ආඥා මෙන්ද වේ. ක‍්‍රියා ධෛර්ය ගන්වන සුළු මෙන්ම භයානක ද වේ. කඩිසරකම ද ක‍්‍රියා කාරීත්වය ද ගතිය යහපත් බැවින් ව්‍යාපාරයෙහි මහත් දියුණුව ලබයි. විනීත ගතිය වැඩ පිළිවෙල ක‍්‍රමානුකූලකම තමාගේ දියුණුවේ පඩි පේළි වේ. බොහෝ කල් සකස් කර කළ දෙයක් මෙන් හරියයි. අශ්වයින්ට අශ්වරේස් වටල එවැනි සෙල්ලම්වලට කැමති වෙයි. එහෙත් බොහෝ විට නිහතමානී චාම් ජීවිතයම ගෙවයි. ගනුදෙනු පරිස්සමෙන් කරන ගතියක් තිබේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නුවමනා අවිශ්වාසයත් අප‍්‍රවේසම්ව භයානක දේට මූණපෑමත් හදිස්සියේ අදහස් වෙනස් කිරීමත් හදිසි අනතුරු වලට භජනය වීමත්ය. ධනු ලග්නයට චන්ද්‍රයා අටේ සිටීම හොඳ නැත. ස්වක්ෂේත‍්‍ර වුනේ වී නමුත් රෝග පීඩා සාදයි. ශනි පහේ සිටීම බොහෝ ගුණ දෙන පිහිටීමකි.

රෝග :
තුනටියේ හා ඒ අවට ප‍්‍රදේශවල රෝග රක්ත වාතය, නියම ක‍්‍රමානුකූලව ශරීරයන්ත‍්‍රය වැඩ නොකිරීම උගුරේ හා සෙම් නාලයේ රෝග, අර්ශස් ගෙඩි, ගුද කීල ආදිය හෝ කකුල් ඉදිමීම නොවේ නම් කකුල්වල කළු ලේ නහර මතුවීම ආදියයි. ධනුවෙන් උපන් අයට කොල නිල් මිශ‍්‍ර ගල් ජාති පසිංගල හෝ ඝන පච්ච වර්ග යහපති.

මකර►
සාමාන්‍ය රූප ස්වභාව :
සිහින් දුර්වල ශරීරය වේ. හීන් මුහුණ හා මහත් දත් වෙයි. ශනි හෝ ගුරු ලග්නයේ නම් මහත් ශරීර වේ.

ගතිගුණ :
ශනි අධිපති පඨවි රාශියක් බැවින් මකර ලග්නයෙහි උපන් තැනැත්තේ බලය ලබාගැනීමේ ආශාව ඇත්තෙකි. සියුම් සිතිවිලි අඩු ක‍්‍රියාත්මක ගති වැඩි කෙනෙකි. තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගතිය බල පවත්වයි. ඒ වෙනුවෙන් දුර කල්පනා කරයි. ලාභය අතට ලැබෙන තුරු එය ලැබේය යයන විශ්වාසයෙන් තොර වේ. කම්කටොලූ විඳීමේ ඇති නොපසුබස්නා ගතිය නිසා ජයග‍්‍රහණය කරා ගමන් කරයි. මකර ලග්නයෙහි උපන් තැනැත්තේ කම්මැලි කමින් නිකරුනේ කාලය ගත නොකරයි. ලෞකික ආශාව ඉතා බලවත් වේ. අර්ථ ශාස්ත‍්‍රය පිළිබඳ නුවන හෙවත් අයවැය බලා කටයුතු කිරීම ප‍්‍රධාන අංකයෙහි වෙයි. මුදල් වලට ඇති ලෝභී කම නිසාත් බලය ලබා ගැනීමට ඇති ආශාව නිසාත් තරමක මසුරෙකුගේ ගතිගුණ පෙනෙන්නට තිබේ. අන්‍යයන්ගේ සුළු දේ මහත් කොට සිතයි. ඒවා ලොකුකර කතා කරයි. ක‍්‍රමානුකූල පාලනයෙහි දක්ෂ වේ. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරිය හැකි පාලන ශක්තියක් තිබේ. විපතේදී පවා අන්‍යයන් ගෙන් උදව් ඉල්ලීමට මැලි ගතියක් තිබේ. සියලූම වැඩ නවතින අඳුරු මලානික කාල පසුකරන්නට සිදුවේ. දිනන්න දිනන්න ඉදිරියට යන්නාක් මෙන්ම පරදින විට නොපෙනී සිටීමට කැමති වෙයි. කථාවෙහි දක්ෂවාක් මෙන් ව්‍යක්ත නොවේ. මිත‍්‍රයෝ අඩුවෙති. කරන සෑම දෙයකින්ම යම්කිසි ලාභ ප‍්‍රයොජනයක් ගැනීමට සිතන නිසාම ධන රැුස්වේ. බර වැඩට හා පෙරමුණෙහි යන වැඩට යෝග්‍ය වේ. දේශපාලන කටයුතුවලට යෝග්‍යයි. කටක ලග්නයට ප‍්‍රතිවිරුද්ධ මකර ලග්නයේ උපන් අය පොළොවට ආශා කරයි. උසස් සිතුවිලි නැත. සියල්ලක්ම ලෞකික වූත් ක‍්‍රියාත්මක වූත් දේවල් විය යුතුයි. ඉරුගේ දක්ෂිනායනය ඉවර වන්නේ මෙහිදීය. දුර්වලකම් හැටියට පෙනෙන්නේ ඕනෑවට වඩා වෙහෙස වී වැඩ කිරීමත් ලෝභ කමත්ය.

රෝග :
සමෙහි රෝග හා වාදන් රෝග (දණහිස් කෙණ්ඩා වල රෝග* ලේ අඩුකමින් පිපිහලූවීම්, රක්තවාතය, හන්දි කැක්කුම, වාත රෝග, රක්ත රෝග ලෙහෙසියෙන් සෑදේ. මකරයෙන් උපන් අයට චන්ද්‍රකාන්ත ගල් පැළඳීම යහපති.

කුම්භ►
සාමාන්‍ය රූප ස්වභාව :
මධ්‍යම ප‍්‍රමාණ ලක්ෂණ ශරීරයක් වේ. ප‍්‍රිය මුහුණ වේ. වර්ණවත් ඉසකෙස් වේ. කාරුණික පෙනුමෙන් යුක්ත වේ.

ගතිගුණ :
ස්වභාවික තත්වයට ගරු කරන්නෙකි. මනුෂ්‍ය ගති ඇත්තෙකි. ගැඹුරු දේ ඉගෙනීමෙහි ආශා ඇත්තෙකි. ක්ෂත‍්‍රිය මායම් දනී. රෂ්ට‍්‍ර පලෙන විද්‍යාව දනී. අනුන්ගේ චරිත කීමේ ශාස්ත‍්‍ර ඉගෙනීමෙහි දක්ෂ වේ. හොඳ මිත‍්‍රයන් ආශ‍්‍රය කරයි. නියම මිත‍්‍රයෝ කවුරුද යනු අඳුනා ගැනීමෙහි සමර්ථ වේ. කරන දේ සොයා බලා කරයි. නැත්නම් වෙන කෙනෙකු කරන තුරු බලා සිට ඉගෙන ගෙන කරයි. ප‍්‍රවේසම, ඉවසීම, හිතේ එකඟකම, ඔහුගේ ගුණධර්මයෝ වෙති. සියුම් ක‍්‍රියාවන්හි ඇලෙයි. ඥානවන්ත වුනේ වී නමුත් අලූත් දේ පිළිගැනීමට ප‍්‍රමාද වෙයි. ධාරන ශක්තිය ඇත්තෙකු බැවින් වරක් කළ කී දේ මතක නැති නොකරයි. රසායනපරීක්ෂණ කටයුතු වලට යෝග්‍ය වේ. ලෝකය සාමාන්‍ය ජනයාට මිස වාසනාවන්තය කියන කීප දෙනෙකු පිණිස නොවේ. යන මතය තදින් දරන්නෙකි. ජාතික වැඩ කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් යහපත පිණිස වැඩ කරයි. පිටින් පෙනෙනවාට වඩා යහපත් ගති ගුණ ඇතුළත තිබෙන කෙනෙක් වෙයි. හිත කය සම්පූර්ණයෙන්ම කරන වැඩෙහි යොදා ක‍්‍රියා කිරීමට ධෛර්යයක් තිබේ. බොහෝ විට කුම්භ ලග්නයේ උපන් අය ජය ලබන්නේ අන්තිමේදීය. තමාගේ පිරිසට තද ඇල්මක් ඇති කෙනෙක් වෙයි. බොහෝ විට තපස් ජීවිතයට හෝ එවැනි තත්වයට පැමිණීමට අන්තිමේදී සිතයි. නැත්නම් අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලට පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත‍්‍රයන්ට ආශා කරයි. ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක‍්‍රියාවේ යෙදනවාට වඩා අනුන් ගේ යහපත පිණිස කියා දීමට ඉගෙන ගනී. මෙය ශනි ගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් ආත්ම ලාභයට ප‍්‍රධානත්වයට, ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප‍්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදව් දීමට සිතයි. ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කරයි. ඒවායේ රක්ෂාව හෝ කරයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තනිව විවේකව ජීවත්වීමට තිබෙන ආශාව නිසා කටයුතුවල නොයෙදෙන අඳුරු කාලවලට මුහුණ පාන්ට සිදුවීමත් ඉදිරියට පැනයන ගතිය අඩුකමත් ලෞකික දේට හිත යොමු නොකිරීම සමහර විටක ඇතිවන කම්මැලි භාවයක් වේ.

රෝග :
කකුල් වල පහළ සන්ධිස්ථාන අත්වල මැණික් කටු සන්ධිස්ථාන ආදියේ වේදනා රෝග හෝ ඉදිමීම, තනි දඬුවල කළු ලේ නහර මතුවීමෙන් සෑදෙන රෝග හෘදයේ රෝග හමේ රෝග හා ඇස් රෝග ද ලෙහෙසියෙන් සෑදේ.

මීන►
සාමාන්‍ය රූපස්වභාව :
කුඩා අතපය ආදී අවයවයන් ගෙන් යුත් මිටි තරබාරු ශරීරයක් වෙයි. උරහිස් පටුය. උකුල ප‍්‍රදේශය පළල්ය. බබලන ඇස් වේ. සමහරට විට ප‍්‍රමාණයට වඩා ලොකු ඇස් වෙයි. බොහෝ විට රතු ඇස් වෙයි. දිළිසෙන මෘදු සේද වැනි ඉසකෙස් වෙයි. මධ්‍යම වයසෙන් පසු ඇඟ බෙරාලයි. මස් බුරුල්ය.

ගතිගුණ :
බාල කාලයේ කඩිසර වේ. සංදර්ශනීය වේ. උණුවන හිතක් ඇති සෘජු කෙනෙක් වෙයි. අන්‍යයින් ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් නැමෙයි. අමුතු අමුතු අදහස් වලට හා අලූත් අලූත් දේවලට හැරෙන ගතියක් තිබේ. ප‍්‍රීතියට රස ආහාරයට රසාස්වාදනයෙන් කල් ඇරීමට කැමති වෙයි. ලෞකික අතින් දියුණුව හෙමිහිට වෙයි. ලෝකෝත්තර දේම ගරු කොට සලකයි. කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදී සිටීමට සමර්ථ වේ. ඉතාම කරුණාවන්ත වේ. දුගියෙකුට යමක් දීමේදී උඹට මක් වෙලාද, රක්ෂාවක් කරන්නට බැරිද කියා කිසි කලක නොවිමසයි. එසේම රෝගියෙකුට සංග‍්‍රහ කිරීමේදී ලෙඬේ කුමක්ද, හැදුනේ කොහොමද, කියා නොවිමසයි. ක්ෂමාව දීම මීන ලග්නකාරයාගේ ප‍්‍රධාන අංගයයි. හතුරෙකුට වුවත් ද්‍රෝහිකම් නොකරයි. මහජන සේවයට ඇති අධික ආශාවක් ගරු නම්බු තෑගි බෝග පිළි නොගන්නා ගතිත් ආත්මාර්ථය නොසැලකීමත් නිසා මෙලොව සැප සම්පත් දියුණු වන්නේ කලාතුරකිනි. බොහෝ විට ආත්ම පූජාවන් අධික ත්‍යාගිවන්ත භාවයත් නිසා තමා දිලින්දෙකු ද විය හැක. මීන ලග්න කාරයා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදා නොබිඳේ. කොතරම් කරුණාවන්තද කීවොත් සතෙුකු වුවත් දුක් විඳිනවා තමාට ඉවසිය නොහැක. බොහෝ විට උන්ට උදව් පිණිස කටයුතු කරයි. හැදෙන ගහක් වැලක් පවා කැඞීමට මැලි වෙයි. මීන ලග්න කාරයා තමාගේ යහපත් ගතිගුණ රටට ඇසෙන සේ නොකරයි. ඒවා තමාගේම සිතේ ප‍්‍රීතිය පිණිස භුක්ති විඳියි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික ස්නේහවන්ත භාවය තමාම විනාශ වන අධික අනුකම්පාව හා ත්‍යාගිවන්ත භාවය අන්‍යයන්ගේ වචන පොරොන්දු විශ්වාස කරගෙන සිටීම ආදියයි. මේවා උසස් අයගේ ගුණධර්ම වේ.

රෝග :
වළලූ කරේ සිට පහළට කකුල්වල රෝග, ලේ අඩුකම, ඉදිමුම් ගතිය, ලේ අඩු කමින් ඇතිවන හෘද රෝග, පිපිහලූවීම් ආදිය වේ. වයස යාමේදී ලේ අඩුකම හා කකුල් ඉදිමීම ස්වභාවයි. මීනයෙන් උපන් අය ට පසිංගල හෝ පළිඟු ගල් පැළඳීම යහපති.

රාශි සම්බන්ධ කී සියලූ විස්තර එසේම එක්කෙනෙකු තුළ ඇතිවිය නොහැක. ලග්නයේ සිටි ග‍්‍රහයා ගේ හැටියටත් ලග්නාධිපතියා සිටි රාශියේ අධිපතියාගේ හැටියටත් ලග්නයට හා ලග්නාධිපතියාට වැටහෙන දෘෂ්ටිවල හැටියටත් ලග්න ද්‍රෙස්කාණයේ හැටියටත් ලග්න නවාංශකයේ හැටියටත් ලග්නාධිපතියා සිටින ද්‍රෙස්කාණයේ හා නවාංශකයේ හැටියටත් වෙනස්වන බව සිතේ තබාගෙන රූප ස්වභාව හා ගතිගුණ කිය යුතුයි. නිතරම ගුණාගුණ දෙක සමකර බලා වැටි පක්ෂයේ ගති පමණක් කිව යුතුයි. ලග්නයේ ග‍්‍රහයන් කීප දෙනෙකු සිටි විට ලග්නයටත් ඔවුන්ටත් වැටහෙන රූප ස්වභාව නොයෙක් අතින් වෙනස් වන බැවින් නිශ්චය වශයෙන් කීම ඉතා අමාරු කරුණකි. ගුරු ලග්නයේ සිටියොත් මහත වෙයි. එහෙත් ගුරුගේ බලය එන්නේ වයස හතළිහෙන් පසුව වෙයි. චන්ද්‍රයා සිටි රාශියේ ගතිගුණ ද බොහෝ විට පෙනෙන්නට තිබේ. චන්ද්‍රයා හතරේ නම් ඒ රාශියේ ගතිගුණ බොහේ ප‍්‍රකාශව පෙනේ. කුජ දහයේ සිටීමෙන් කුජගේ ගති ගුණ බොහෝ ක‍්‍රියාවලින් ප‍්‍රකාශව පෙනේ. එම නිසා නිශ්චය කර ගැනීම මේවා සියල්ල ගැන සිතා බලා ප‍්‍රවේශමෙන් කළ යුතුයි.


උපුටාගැනීම : ලොවෙත් නෑ පේජ් එකෙන්

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top