අප හා අත් වැල් බැදගන්න. .

Tuesday, March 1, 2011

2012.12.21 ලෝක විනාශය සිදු වෙයිද ? ඇත්ත දැන ගන්න

0 comments
 



ගොඩක් කාලෙකින් මුකුත් දැම්මෙත් නෑනේ..අනිත් එක මේ දවස් වල මම ලෝක විනාශය ගැන පොඩ්ඩක් හොයන්න පටන් ගත්ත මොකද දැන් අයමත් මේ ගැන ලෝකෙම අවධානය යොමු වෙලා තියන නිසා..මුලින්ම කියන්න ඕන ගොඩක් අය මේ ගැන හරියට දැනුමක් නැතුව අන්තර්ජාලය හරහා දාලා තියන හැම article එකක්ම අරන් කියවල නිකන් අමාරුවෙ වැටෙනවා...ඒත් ඇත්ත මොකක්ද කියලා කාටවත් හරි වැටහීමක් නෑ. මොකද අන්තර් ජාලය හරහා ඕනම කෙනෙක්ට ඕනම අදහසක් දාන්න පුලුවන්නෙ. ඒත් අපිට විශ්වාස කරන්න පුලුවන් ලෝකයේ ස්භාවය ගැන නිතරම අවධානයෙන් සිටින නාසා ( NASA ) ආයතනය වගේ එකකින් මොකක් හරි ප්‍රකාශයක් දෙනවනම් මම හිතනවා අනිත් හැම අදහසටම වඩා අපිට ඒ ගැන විශ්වාසය තියන්න පුලුවන් කියලා. 2012 ලෝක විනාශය ගැන NASA ආයතනයෙන් කළ විමසීමකදී ඔවුන් ලබා දුන් පිළිතුරු සදහන් Article එකක් ගැනයි මේ.

මේක හොදින් කියවලා තේරුම් ගන්න..එතකොට කාගෙවත් බොරු කතා වලට රැටටෙන්න ඕන නෑ. අන්තර්ජාලය හරහා ප්‍රචාරය වුන හැම අසත්‍ය ප්‍රකාශයක් ගැනම ඔවුන් හොදින මේ article  එකේ පැහැදිලි කරලා තියනවා..කවුරුත් කතා කරපු මායන් දිනදර්ශනය (Mayan Calender) හාසම්බන්ධ අපි නොදන්න කරුණුත් මෙහි අඩංගු වෙනවා..පහල ලින්ක් එක Click කරල ගිහින් මෙම කතාවේ සම්පූර්ණ ඇත්ත නැත්ත දැන ගන්න සම්පූර්ණ ලිපිය කියවන්න...



 

ෆේස්බුක් ඇබ්බැහිය- පිස්සු රෝගයක්.

3 comments

මේක සමීක්ෂණයක්.මේ සමීක්ෂණය කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ඔක්සිජන් මීඩියා [Oxygen Media] ආයතනය.ඔවුන් කියන විදියට ෆේස්බුක් වෙත එන සෙනඟ අතරින් වැඩියෙන්ම  ඇලීගැලී සිටින්නේ කාන්තාවන් බවයි.අවුරුදු 18ත් 34 ත් අතර කාන්තාවන්.


ෆේස්බුක් වෙත නිතර එන යන සෙනඟ කෝටි 55 කටත් වැඩියි.දිනපතා මේ පිරිස වැඩිවෙමින් පවතී.අලුතින් දිනකට ෆේස්බුක් වෙත එන පිරිස හත් ලක්ෂයක්.මේ අනුව 2012 වන විට ෆේස්බුක් සෙනඟ කෝටි 100ක් වන බවයි ගණන් බලා තියෙන්නේ.



ෆෙස්බුක් ගිණුම් කෝටි 55 අතරින් කෝටි 30ක් දිනපතා ෆේස්බුක් එන යන අය.එසේ විත් අඩුම වශයෙන් පැයක්වත් කාලය ගත කරන බවයි ආරංචිය.



මෙය ෆේස්බුක් වෙත ඇබ්බැහිවීම මාසික රෝගයක් ද යන්න තවමත් නිශ්චිතව තීන්දු කර නෑ.ඒත් දැනටමත් මේ ඇබ්බැහියට "ෆෙස්බුක් ඇඩික්ෂන් ඩිසෝඩර් [FAD- Facebook Addiction Disorder]" කියල නමකුත් දාලා තියනවා.බොහෝ උගතුන් සැක කරන්නේ මෙය උන්මන්තක තත්වයක් බවයි.ඊට සියළුම වයක් කාණඩ වල පිරිස් ගොදුරු වී සිටිනවා.


ෆේස්බුක් සමඟ වැය කරන කාලය සොරා ගන්නේ තමන්ට වැඩ කරන්නට තියන කාලයෙන් නම් එය ඇබ්බැහිවීමක් ලෙසයි පෙන්වා දෙන්නේ.


මෙතැනදී සමාජ ක්‍රියාකාරින් කාටත් පොදුවේ දෙන උපදෙසක් තියනවා.සෝෂල් නෙට්වර්කිං හොඳයි.එහෙත් අනෙක් හැම වැඩටම වඩා නොවෙයි.එය ජීවිතේ විනෝදාංශයක් සේ සලකා  පුරුදු වුවහොත් හොඳ සමාජ මෙවලමක් යන්නයි.
-විජය පරිඝණක සඟරාව ඇසුරෙන්-

Image එකක් විදියට files සඟවන්න.

0 comments
 
අද නම් මම කියන්න යන දේ පට්ට ම දෙයක්. අණ්ඩපාල වැඩ වලට කියාපු දෙයක්. files හංගන්න හදන්නේ image එකක් විදියට... ඔයා image එක උඩ click කලා ම load වෙන්නෙ image එක. නමුත් ඒක ඇතුලේ අපේ file එක හැංගිලා තියෙනවා. image ගොඩාක් තියෙද්දි කාටවත් හොයාගන්න බෑ, අපි විතරයිනේ දන්නේ මොකක්ද image එක කියලා! මේ වැඩේ කරන්න නම් WinRAR ඕනේ වෙනවා, ඒක හැමෝම ළඟ ඇතිනේ නේද? එහෙනම් වැඩේට ලෑස්ති වෙන්න.
මුලින්ම කරන්න තියෙන්නෙ ඔයා කැමති තැනක folder එකක් හදන එක.


ඔන්න මම C drive එකේ hidden කියලා folder එකක් හැදුවා.
දැන් ඒ folder එක ඇතුලට ඔයාට සඟවන්න ඕන file එක copy කරගන්න.






ඊළඟට ඒ file එක WinRAR භාවිතයෙන් zip කරගෙන rar file එකක් හදාගන්න.







දැන් ඉතින් කොහෙන්හරි image එකක්( .jpg ) අරගෙන ඒ folder එක ඇතුලටම copy කරගන්න. මම ගත්තෙ wwe.jpg කියන image එක හොඳද.







දැන් යන්න Command prompt එකට ( Start-> Run -> cmd ). එහෙම ගිහින් C:\ ඉදිරියෙන් මෙහෙම type කරන්න.



C:\hidden>copy/b wwe.jpg + hidden.rar wwe2.jpg

…දැන් Enter කරලා, cmd එකෙන් අයින් වෙන්න. දැන් අර hidden folder එක ඇතුලට wwe2.jpg කියලා image එකක් ඇවිත් නේද? ඒ image එක ඉතිරි වෙන්න අනිත් files ටික මකලා දාන්න. දැන් කවුරුහරි ඔය image එක open කලොත් image එක තමයි open වෙන්නේ. අපිට ආයෙත් අර සැඟවූ file එක ලබාගන්න ඕන වුනාම මේ විදියට Rename කරන්න. wwe2.jpg -> wwe2.rar. ආයෙත් සඟවන්න නම් ආයෙත් Rename කරන්න. ඔහොම තමයි වැඩේ සිද්ධ වෙන්නේ.

ප .ලි :

හරියට වැඩ කරන්නේ නැත්නම් Rename කලාට පස්සේ Tools -> Folder Options -> View ගිහින්
"hide extention for known files" Uncheck කරන්න.

අළුත් ජංගම දුරකතන මිලදී ගන්නවනම් මේ ගැනත් බලන්න..

1 comments

අළුතින් ජංගම දුරකතන මිලදී ගැනීමට අපේක්ෂා කරන හැමදෙනාටම නොමිලේම තම දුරකතනය අනුමත එකක් දැයි ඔබ විසින්ම පරීක්ෂා කර බැලීමේ හැකියාව දැන් ලබා දීලා තියනවා.මේ සේවාව සපයන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්.


(1). අප මිලදී ගැනීමට අපේක්ෂා කරන දුරකතනය අඩංගු පෙට්ටියේ අංක 15 කින් යුත් IMEI අංකය හා TRCSL අනුක්‍රමික අංකය තිබේදැයි බලන්න.
[*#06# මඟින් IMEI අංකය ලබා ගන්නට පුළුවන්].




(2). මෙම අංකය සඳහන් දුරකතනය  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද දුරකතනයක් දැයි තහවුරු කර ගැනීමට IMEI හිස්තැනක් IMEI අංකය සඳහන් කර 1909ට කෙටි පණිවිඩයක් [SMS]යවන්න.
[ IMEI හිස්තැනක් IMEI අංකය යොදා 1909 send කරන්න].


(3). එවිට පහත දැක්වෙන අකාරයේ පණිවිඩ දෙකෙන් එකක් ඔබට කෙටි පණිවිඩයක්[SMS] ඔස්සේ  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් ස්වයංක්‍රීයව එවනු ඇත.
         
      1.  Registered IMEI. TRC Reference No. DL or ML or            
           TRC/xxx/xxx
      2.  Unknown IMEI:  "ඔබ type කළ IMEI අංකය"
           Please contact TRCSL- Tel. 011- 2676993/4


(4). ඔබට පළමු SMS පණිවිඩය ලැබුණේනම් ජංගම දුරකතන පෙට්ටියේ අලවා ඇති TRCSL ස්ටිකරයේ සඳහන් අංකයට  SMS පණිවිඩයේ සඳහන් වූ අංකය සසඳා බලන්න.අංක දෙක සමාන නම් එම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත එකකි. 


(5). එම අංක දෙක නොගැළපුනොත් හෝ දෙවන කෙටි පණිවිඩය ලැබුණේ නම් එම දුරකතනය විසින් අනුමත නොකළ ව්‍යාජ දුරකතනයකි.එවැනි දුරකතන මිලදී ගැනීමෙන් වලකින්න.



(6). පැමිණිලි වගේම වැඩි විස්තර සඳහා


ලිඛිත: අධ්‍යක්ෂ ජනරාල්
          ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
          276, ඇල්විටිගල මාවත
          කොළඹ 08.


ෆැක්ස්: 011-2689341/ 011-2676993


වාචික: 011-2676933/4
          සහකාර අධ්‍යක්ෂක -සංඛ්‍යාත කළමණාකරණ
          ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


විද්‍යුත් තැපෑල:
         trives@trc.gov.lk
         සහකාර අධ්‍යක්ෂක -සංඛ්‍යාත කළමණාකරණ
         ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

[ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කරපු නිවේදනයක් ඇසුරෙන්]

..:::Password Reset Disk එකක් හදමු:::..

0 comments


Password Reset Disk එකක් කියන්නේ අපේ පරිගණකයේ පාස්වර්ඩ් එක අපිට අමතක වුණු වේලාවක, අපේ පරිගණකයේ කීබෝඩ් එකේ යම් දෝශයක් අතිවණාම අපේ පරිගනකයට පාස්වර්ඩ් එකක් දාලා තියනවානම්  පරිගනකයට ඇතුල් වීමට අපිට නොහැකියි නෙ අන්න ඒවා ගේ වේලාවවට මේක අපිට බොහොම වැදගත් වෙන එකක්.

මේ වැඩේට පෙන් එකක් තියෙන්න ඕනෙ. දැන් අපි බලමු වැඩේ කොහොමද කරන්නේ කියලා..
මුලින්ම පෙන් එක සෙට් කරන්කෝ.. ආ.. වැඩි දෙනෙක් වින්ඩෝස් 7 භාවිතා කරන නිසා වින්ඩෝස් 7 වලින් මේ වැඩේ කරන විදිහ තමා මම කියලා දෙන්නේ..

දැන් ස්ටාර්ට් මෙනූ එකේ උඩින්ම අපේ Profile Picture එක තියනවානේ ඒක ඔබන්න.
දැන් User Accounts Dialog box එක ඕපන් වෙයි. ඒකේ වම් පැත්තේ මෙනූ බාර් එකේ තියනවා Create Password Reset Disk කියලා. එක ඹබන්න.
දැන් එන Wizard එකේ නෙක්ස්ට් කරලා ගිහිල්ලා අපේ පෙන් එක තොරලා දීලා නෙක්ස්ට් කරන්න. දැන් පරිගනකයේ තියන පාසිවර්ඩ් එක ටයිප් කරන්න.
දැන් Progress Complete වෙනවා පෙන්වයි ඒක ඉවර වුණාට පස්සේ Finish කරන්න. දැන් වැඩේ හරි.

 දැන් අපි පරිගනකයට ලොග් වෙනකොට අපේ අතින් පාස්වර්ඩ් එක වැරදියට වැදුනොත් පාස්වර්ඩ් ගහන තැනට පහලින් Password Reset Disk කියලා එකක් පෙන්වයි.
ඒක ක්ලික් කරපුහාම Wizard එකක් ඕපන් වෙයි. ඒකෙන් අපේ Disk එක පෙන්වලා අථත් පාස්වර්ඩ් එකක් හදාගෙන පරිගනකයට ඇතුල් වෙන්න පුථවන්..

Thursday, February 10, 2011

මහජන ෙස්වය පිණිසයි.

1 comments
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල පොඩ්කාස්ට් වෙබ් අඩවියකි http://www.itkatha.tk/

Our Web site: www.itkatha.tk

Wednesday, February 9, 2011

...:::Facebook Email ලබා ගන්න:::...

0 comments
මෙන්න Facebook වලින් ලබා දෙන අලුත්ම සේවාවක්?දැන් Facebook හරහා E mail යවන්නත් පහසුකමි ලබා දීලා තියෙනවා?ඒ කියන්නේ yourname@facebook.com කියලා E mail Address එකක් දැන් ලබා ගන්න පුලුවන්?facebook මුලින් තීරණය කරලා තිබුනේ මේ සේවාවට මුදල් ලබා ගන්න,ඒත් දැන් එහෙම නැතුව මෙ​ සේවාව Request කරලා ලබා ගන්න දීලා තියෙනවා?ඔයාලටත් මෙ සේවාව ලබා ගන්න ඔනි නමි පහලින් Request කරන්න?

ශබ්දකෝෂය.

Sinhala Dictionary Resources
 
^ Scroll to Top